රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට – පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට – පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි
(04.05.2026 – hirunews.lk)
මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුලු ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළවයි.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
එමෙන්ම මහා භාණ්ඩාගාරයේ ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විවෘත රැස්වීමක් කැඳවා විගණකාධිපතිවරයා සමග පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ‘ෆ‍්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලීමක් කරනවා.
එම සංවිධානය අදාළ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳව එම මුදල් කාරක සභාවේ අවධානයට යොමු කළ ද එය මාසයකින් කල් දමා ගැනීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවස්ථාව ලැබී ඇති බවයි.
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව කරුණු අනාවරණය වී මේ වනවිට සති දෙකක (2) කාලයකට ආසන්න වී තිබෙනවා ෴
+++
ඇ.ඩො. මිලියන 2.5 ට ජීවිතය හැර ගිය රංග රාජපක්ෂගේ – මරණය ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත අනාවරණයක් (04.05.2026)
+
නඩු තීන්දු ගැන ජනපති කළ ප්‍රකාශයට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විමර්ශනයක් ඉල්ලයි
(04.05.2026 – 13:50 +0530 – sinhala.adaderana.lk)
මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලීමක් සිදු කරයි.
ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව අගතිගාමී ප්‍රකාශයක් සිදු කළ බව එම සංවිධානය පෙන්වා දෙයි.
අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ ඉමහත් ආන්දෝලනයක් නිර්මාණයවී ඇත.
මෙම ප්‍රකාශය හුදෙක් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව සිදු කරන ලද සාමාන්‍ය ප්‍රකාශයක් නොව දින වකවානු ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිව පෙනී යන බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.
එකාබද්ධ විපක්ෂය හදිසියේම වහාම රැස්වෙයි – රටම කළඹවමින් දේශපාලන ප්‍රබලයෝ කරන අනාවරණය (04.05.2026)
+
මහා භාණ්ඩාගාර මංකොල්ලයේ නවතම තොරතුරු – විමර්ශනයට FBI සහය (04.05.2026)
+++
මැරුවද? මැරුණද? – රංගගේ මරණය ගැන අපිට සැකයි – ජනාධිපතිට විරුද්ධව සජබයේ නීතිඥ පෙල ගැහෙයි (04.05.2026)
+
අන්න ඉන්දියාවෙත් ප්‍රබල පක්ෂ කඩාගෙන වැටිලා – තියන්න අනුර කුමාර ඡන්දේ; අපි බලාගමු (04.05.2026)
+
දුරගමන් යන මගීන්ට අද (04) සිට ආසන වෙන් කිරීම ක්‍රම තුනකින් (3)
(04.05.2026 – 16:23 +0530 – sinhala.adaderana.lk)
දුරගමන් යන මගීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරවාගැනීමේදී මින් ඉදිරියට රුපියල් 30 ක් වැනි සුළු මුදලක් පමණක් ගෙවීමට සිදු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (04) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්.
රස්තියාදු වෙන්න ඔනේ නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.”
ඇතැම් අවස්ථාවලදී ආසනයක් වෙන් කරගැනීමට රුපියල් 200 ත් 300 ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙයි.
නව ක්‍රමය හේතුවෙන් ආසන වෙන් කිරීමේදී රුපියල් 30 ක් වැනි සුළු මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගත වන බව ද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම ක්‍රම තුනකින් (3) සිදු කළ හැකිය.
https://busticket.gov.lk/ වෙබ් අඩවියට ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක් මගින් සම්බන්ධවීමෙන් ද 011 200 1266 ක්ෂණික දුරකථනය මගින් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති KIOSK යන්ත්‍ර මගින් ද මෙම වෙන්කිරීම් සිදු කරගත හැකිය ෴
ලෝකයේ පොහොසත්ම රට ලංකාව කියලා කියන්නේ ඇයි ? (04.05.2026)
+
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට රු. ලක්ෂයක දඩයක්
(04.05.2026 – hirunews.lk)
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු දෝඩම් යුෂ පානය ඇතුළත් ඇසුරුම් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ වෙළඳසල් හිමිකරුවකුට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ. ප්‍රේමරත්න හමුවේ දී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කොළඹ ප්‍රදේශයේ පැවති වෙළඳසලක හිමිකරුවට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.
විධාන අංක 52 දරන විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන්, බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම දඬුවම් ලබාදිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
විත්තිකරු කල් ඉකුත් වීමේ දිනය 2026 මාර්තු 14 ලෙස තිබූ අධි සාන්ද්‍ර දොඩම් යුෂ 330 ml ඇසුරුමක් පාරිභෝගිකයා නොමග යවන ආකාරයට ප්‍රදර්ශනය කර තබා ඇති බවයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නියුතු විමර්ශන නිලධාරියකු වන යසිත ඉෂාන් යන අයට රුපියල් 660/= මිලකට එම පානය ඇතුලත් ඇසුරුම විකිණිමේදී අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
ඒ අනුව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ වරදක් සිදු කළ ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල සැකකරුට ලක්ෂයක දඩ මුදලක් නියම කරනු ලැබුවා ෴
අනුර කුමාර හන්දි ගානේ ඉන්න චණ්ඩියා වගේ – බලය ගත්තේ මේ වගේ දේවල් කරන්නද අනේ (04.05.2026)
+
ජනාධිපතිතුමා චන්නට කියපු දේ මරණ තර්ජනයක් – අපි මේක ලේසියෙන් අතරින්න ලෑස්ති නෑ (04.05.2026)
+
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
(04.05.2026 – hirunews.lk)
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි වියට්නාම සහ චීන ජාතිකයින් පිරිසක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස හසු වී තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයින් 48 දෙනෙකු සහ චීන ජාතිකයින් දෙදෙනෙකු (2) සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
ලංකාවේ පළමු මෙට්‍රො බස් ඩිපෝව කඩවතට (04.05.2026)
+
ජනාධිපතිටවත් ටිල්වින් සිල්වාටවත් බෑ රට පවලා දෙන්න – කොළඹ ඩොක්යාර්ඩ් එකේ 51%ක් ඉන්දියන් සමාගමකට දීලා (04.05.2026)
+
ලංකා දේශපාලනය උඩුයටිකුරු කරමින් – මහ රෑ ඒකාබද්ධ විපක්ෂය ගත්තු තීරණය මෙන්න (04.05.2026)
+
මාලිමා ආණ්ඩුවේ දූෂණ වංචා මැද සජබ ප්‍රබලයෝ – හෙට පාර්ලිමේන්තුව හොල්ලන්න ලෑස්තියි (04.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴