මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5)

මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5)


මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්න පහක් (5)

(04.05.2026 – hirunews.lk)

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු බවට සමාජය තුළ මතුව ඇති සැකය දුරු කිරීම සඳහා කරුණු පහකින් (5) යුත් විවෘත ප්‍රශ්නාවලියක් ‘දිනන දකුණ’ සාමූහිකය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

අද (04) දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මඟින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙය හුදෙක් දේශපාලන චෝදනාවක් නොව රටේ මූලික නීතිය සහ රාජ්‍ය නිලධාරියෙකුගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව, ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පවතින නීතිමය බාධාවන් පෙන්වා දෙන ‘දිනන දකුණ’ සාමූහිකය, මුදල් ලේකම්වරයාට එරෙහිව පවතින්නේ බරපතල විෂමාචාර චෝදනාවක් විය හැකි බව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක රටට පොරොන්දු වූ පාරදෘශ්‍ය පාලනය තහවුරු කිරීමට නම් මෙම ප්‍රශ්නවලට සාක්ෂි සහිත පිළිතුරු ලබා දීම ලේකම්වරයාගේ වගකීමක් බව ද එම ලිපියේ සඳහන් වෙනවා.

‘දිනන දකුණ’ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩල සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක, නායකත්ව මණ්ඩල සාමාජික නදීෂ ද සිල්වා, නායකත්ව මණ්ඩල සාමාජික ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න යන අයගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියෙහි අන්තර්ගත ප්‍රශ්න මෙසේ දැක්වෙනවා.

  • ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් නිශ්චිත දිනය කවදාද?
  • පුරවැසිභාවය ඉවත් කර ගැනීම : ඔබ එම පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ නම්, එය සිදුකළ නිශ්චිත දිනය කවදාද?
  • ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමෙන් පසු නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය කවදාද?
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන විට ඔබ නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේද? නොඑසේ නම් ඒ සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේද?
  • සමාජය තුළ සංසරණය වන 2010-02-03 දිනැති අංක C19090060828 දරන තොරතුර ඔබගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ සත්‍ය අංකයක්ද? නැතහොත් එය සමාජය නොමග යැවීමට සංසරණය වන්නක්ද?

මෙම ප්‍රශ්නාවලියට අදාළ ලිපි ලේඛන හා සාක්ෂි කඩිනමින් රටට හෙළිදරව් කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය මුදල් ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


Derana 360 | නිතීඥ දයාසිරි ජයසේකර | With Dayasiri Jayasekara (04.05.2026)

+


Hiru TV Salakuna Live | Wijeyadasa Rajapakshe | Episode 524 | 2026-05-04

+


මාලිමා කැලෑ නීතියෙන් හිරේ යනවද ? වලට යනවද ? (04.05.2026)

+


වැරදිලා වැඩියෙන් සල්ලි දෙන බැංකු කොහෙද තියෙන්නෙ බං… USD මිලියන 2.5 ට වුණෙත් ඒකමයි (04.05.2026)

+

දැන් නඩු තීන්දු දෙන්නෙ රටේ ජනාධිපති ද ? දැන් මේක තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද ? (04.05.2026)

+

විධායකය / ව්‍යවස්ථාදායකය / අධිකරණය, එක මිටට… හිරේ යන්නෙ කවුද ? අත්පුඩි ගහන්නෙ කවුද ? (04.05.2026)

+


ශම්මි වෙනුවට එරාන් – ශ්‍රී ලංකා ක්‍රිකට් බෝන් අගේන්! වසරක ආදායම රු. කෝටි 1800 යි (04.05.2026)

+


නායක හිමිගේ නම ගෑවුණු ළමා අපචාර සිදුවීමේ ළමයාගේ හෙළිදරව්ව! පොලීසිය ඇඟ බේරාගන්නා වෑයම! (04.05.2026)

+


කුමාර ජයකොඩිගේ නඩුවාර්තාව, අනුර කුමාරටත් අදාලයි (04.05.2026)

+

නොගෙව්වොත් හිරේ වැට් ලියාපදිංචිය ගත්තද? (04.05.2026)

+

කොටු පනින සිරස (04.05.2026)

+


ඔබේ සියලු රහස් ඉන්දියාවට? ඩිජිටල් හැඳුනුම්පතේ ඇත්ත කතාව මෙන්න (04.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *