සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය පිළිබද ඔබත් දැනුවත් ද ?

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය පිළිබද ඔබත් දැනුවත් ද ?

*********************************************

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය පිළිබද ඔබත් දැනුවත් ද ?

(08.03.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ සමාගම්වල නම් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ‘නොමිලේ ත්‍යාග ලබාදීමක්’ සිදුකරනවා යනුවෙන් දැක්වෙන පණිවුඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි බවත් ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදුකළ හැකි බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් :

***************************************

(08.03.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

ඈෂ් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 35 ක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු තලවතුගොඩ – කිඹුලාවල මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇප ලබා සිටින ‘සේනාධීරගේ දොන් දයානන්ද’ හෙවත් ‘කොට දයා’ නැමති මෙම සැකකරු, පන්නිපිටිය – ඇරැව්වල – රත්නමාවත ප්‍රදේශයේ පදිංචි 55 වන වියේ පසුවන පුද්ගලයෙක්.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව ඊයේ (07) ක්‍ෂණික මාර්ග බාධක යොදා මෙම වැටලීම සිදුකළා.

අනතුරුව මොහුගේ නිවසද පරීක්ෂාවට ලක් කර ඇති පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා තලංගම පොලීසියට භාරදී තිබෙනවා ෴

***************************************

(08.03.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මීගහකිවුල, පොල්වත්ත ප්‍රදේශයේ නිවසකට අද (08) අලුයම් කාලයේ ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙක් (3) නිවසේ සිටි පුද්ගලයෙකුට පහරදී ඔහුගේ අතක් කපා මුදල් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

කන්දකැටිය පොලිසිය පැවැසුවේ කොල්ලකරුවන් විසින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (1,50,000) මුදලක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් එක්ව මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ 68 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තමුන්ට අවශ්‍ය බෙහෙත් ආදිය ලබා ගැනීම සඳහා තමන් සතුව තිබූ ඉඩමක් ඊයේ (07) විකුණා මුදල් ලබාගෙන ඇති අතර කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ එම මුදල් බවයි අනාවරණය වී ඇත්තේ.

මුදල් කොල්ලකෑමට පැමිණි තිදෙනා (3) එම ප්‍රදේශයේම පුද්ගලයින් බව තුවාලකරු විසින් හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කන්දකැටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(08.03.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

තෙලිකඩ පොලිස් බලප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස, රේජ්ජිපුර ප්‍රදේශයේ පදිංචි, 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඊයේ (07) පස්වරුවේ මිතුරන් හතර දෙනෙකු (4) සමඟ එකම යතුරුපැදියක ගමන් කරමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ වනවිට මිය ගිය පාසල් සිසුවාගේ දේහය ගාල්ල, කරාපිටිය රෝහලේ තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිසි අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තෙලිකඩ පොලිසිය පවත්වනවා ෴

***************************************

(08.03.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව මේ මස 15 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව එහි සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ගම්පහ – කොටුගොඩ ප්‍රදේශයේ අද (08) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

***************************************

(08.03.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

තමාව ශ්‍රී ලංකාව තුළදී ආවේක්ෂණයට ලක්ව ඇත්දැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ප්‍රශ්න කර තිබෙනවා.

පසුගියදා මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ කැනේඩියානු මහ කොමසාරිස්වරයා අතර කැනේඩියානු නිල නිවසේ පැවති හමුවක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පතක් හෙළිදරව් කර තිබුණා.

එසේම ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර, පැවති හමුවක් සම්බන්ධයෙන්ද තොරතුරු තවත් පුවත්පතක් මගින් අනාවරණ කර තිබූ අතර, කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් විමසා ඇත්තේ තම නිල නිවස ඉදිරිපිට මාධ්‍ය නොමැති අවස්ථාවක තමන්ගේ පෞද්ගලික රැස්වීම් පිළිබඳව මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ කෙසේද යන්නයි.

බංගලාදේශය සහ දකුණු කොරියාව ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් වන අතර, ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙවර මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත රටවල්ද වනවා.

මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙරට තුළදී ආවේක්ෂණය කිරීමක් කිසිදු අයුරකින් සිදු වී නොමැති බවයි.

පොලීසිය හෝ ආරක්ෂක අංශ, තානාපති නිලධාරීන් ආවේක්ෂණයට ලක් නොකරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ සම අනුග්‍රහය දක්වන කණ්ඩායමේ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද (08) ඉදිරිපත් කෙරෙනවා.

මෙරට ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ඇතුලු සම අනුග්‍රහය දක්වන රටවල් ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කළ අතර, එහි සංශෝධිත යෝජනාවකුයි මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධිත යෝජනාවලියට දෙමළ පක්ෂ ඇහුම්කන් දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව ටෙලෝ සංවිධානය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සඳහන් කර ඇත්තේ සම්පූර්ණ යෝජනාවලිය සැසිවාරයට ඉදිරිපත් කරන තුරු දෙමළ දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකළ යුතු බවයි.

කෙසේ වෙතත් කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (08) ඉදිරිපත් කෙරෙන සංශෝධිත යෝජනාවේ සැළකිය යුතු වෙනස්කම් සිදුව නොමැති බවයි ෴

***************************************

(08.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විවිධ සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව කාන්තා දින සැමරුම් උත්සවයක් කොළඹ – නිදහස් චතුරශ්‍ර ක්‍රීඩා පිටියේදී අද (08) පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවති එම උත්සවයේදී දැල්පන්දු තරග, ව්‍යායාම, පුහුණු කඳවුරු සහ කාන්තා පාපැදි තරගද සංවිධාන කර තිබුණා.

මේ අතර විවිධ දේශපාලන පක්ෂ ද අද (08) කාන්තා දින සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ සංවිධාන කළ සැමරුම් උත්සවය මේ වනවිට නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන්.

එසේම සමගි ජනබලවේගය සංවිධාන කරන කාන්තා දින සැමරුම් උත්සවයද මේ වනවිට තලවතුගොඩදී පැවැත්වෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එක්සත් ලක් වනිතා පෙරමුණ සංවිධාන කළ කාන්තා දින සැමරුම මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.

ඊට සහභාගිවීමට පැමිණි පිරිස් පිටකෝට්ටේ නගර මධ්‍යයේ සිට සිරිකොත දක්වා පා ගමනකින් පැමිණියා.

මේ අතර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවුණා.

ඒ, පවතින කොරෝනා තත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලමින්.

එහිදී ඔවුන් කාර්යාංශ බලධාරින් වෙත විශේෂ සන්දේශයක් ද භාරදෙනු ලැබුවා.

වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා සූරියවැව – වල්සපුගල ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය සඳහා කාන්තා දිනය යෙදෙන අද කාන්තාවන් දෙදෙනෙකුද (2) එක්වීම විශේෂත්වයක්.

***************************************

(08.03.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ජූනි මස හත්වනදා (07) දක්වා කල් තැබුණා.

ඒ, මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සත්පුද්ගල (7) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (08) කැඳවූ අවස්ථාවේදියි.

මෙම පෙත්සම් අද (08) සිට දින තුනක් (3) නොකඩවා විභාගයට ගැනීමට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට තමන් පෙනී සිටින ඇතැම් වගඋත්තරකරුවන්ට ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ලවී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිලිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබූ විභාගය අවලංගු කළ අතර, එම පෙත්සම් ජූනි මස 7, 8 සහ 9 දිනවල විභාග කිරීමට තීරණය කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුලු පාර්ශව 12 ක් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(08.03.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවතලන අළු භාවිත කරමින් ගඩොලක් නිෂ්පාදනය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර, ගල් අඟුරු අළුවලට අමතරව සිමෙන්ති සහ හුණු ප්‍රමාණයක් ඒ සඳහා භාවිත කරන බවයි එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් දිසානායක මහතා සඳහන් කළේ.

අඩි දෙකක (2) දිගින්, අඟල් හයක (6) පළලින් සහ අඟල් හතරක (4) උසින් යුත් මෙම ගඩොල භාවිත කරමින් ඉදිකිරීම් සිදුකිරීමේදී වැලි, සිමෙන්ති සහ කම්බි භාවිතය අවම වන බවද මහාචාර්යවරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේ මෙම ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු අළු අලෙවි කිරීමෙන් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 600 ක අමතර ආදායමක් ලැබෙන බවයි.

@@@@@@@@@@@@@@

(08.03.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

උඩුගම ශ්‍රී ලංගම ඩිපෝවේ තවත් සේවකයින් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ පෙරේදා සිදු කළ කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (07) නිකුත් වීමත් සමගයි.

මීට පෙර එම ඩිපෝවේ සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබු අතර ඒ අනුව මේ වන විට උඩුගම ශ්‍රී ලංගම ඩිපෝවෙන් වාර්තා වී ඇති මුලු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9 ක් ෴

+++++++++++++++++++

(08.03.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

අද (08) උදෑසන 08:30 න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් යානා 12 කින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි මොවුන් සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඩුබායි සිට පැමිණි අය බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කලේ.

එමෙන්ම, තවත් ගුවන් මගීන් 889 කු ගුවන් යානා 13 කින් ඉන්දියාව සහ සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++

(08.03.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අද (08) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ ඉල්ලා ඇති බවයි.

එම නිර්දේශ ලද වහාම බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කරන බව ඔහු වැඩිදුරත් පවසා සිටියා.

+++++++++++++++++++

(08.03.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුල මේ වන විට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් වඳභාවය ඇතිවන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අනුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ සංකුලතා ඇති ඖෂධ ලියාපදිංචි කිරීමට කිසිදු රටක් කටයුතු නොකරන බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් කොරෝනා එන්නත් ලබාදීම අද (08) ආරම්භ කෙරුනා.

ඒ, ඊයේ (07) කොවැක්ස් පහසුකම යටතේ නොමිලේ ලැබුනු 2,64,000 ක් වන එන්නත් මාත්‍රා භාවිතයට ගනිමින්.

මෙරට තුල හදිසි භාවිතය සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතට අනුමැතිය ලැබිමෙන් අනතුරුව පසුගිය ජනවාරි 29 වනදා සිට මේ දක්වා එන්නත්කරණයට ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව හත්ලක්ෂ 29,562 ක්.

මේ අතර, ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කළ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 05 න් මිලියනයක් (1) මෙරටට පැමිණිමේ ප්‍රමාදයක් සිදුව වන බවට එම ආයතනය කළ දැනුම්දීමත් සමඟ දෙවන මාත්‍රාව ලබාදීමට එය බලපෑ හැකි බවට ඊයේ (07) වාර්තා පළවුණා.

මේ අතර බදුල්ල පළාත්බද මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත මරණ තුනක් (3) වාර්තාවී ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා ප්‍රකාශ කළා.

ඊයේ (07) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 359 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 77 දෙනෙකු වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 74 දෙනෙකු වාර්තාවී ඇති අතර, තලංගම ප්‍රදේශයෙන් 21 දෙනෙකු සහ පිළියන්දලින් 11 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මේ වනවිට රෝගීන් සංඛ්‍යාත්මකව අඩු වුවද අහඹු ලෙස සිදුකරන කොරෝනා පරීක්ෂණ තවදුරටත් පුළුල් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Canadian saha britaanya maha komasaariswarun kara aththe lanka rajayata wiruddhawa bangla deshaya saha dakunu koriyaawa usu ganweemak. Mun apa ratata awith thiyenne diplomatic waeda sandahaa, namuth mun denna apa ratey indaganama rate abyantara katayuthu walata akul damamin owunta oney widihata apa rata paalanaya karanna hadanwa. Mun dennama ratin pituwahal kala yuthuyi, mun wage ewun ape ange idagenama ape kana kana kupaadi asikkitah wal ballo. Munge hithe api unge wahalun kiyala. Janapathi thumani karunaakara munta kiyanna ratin pitawenna kiyala. Para Paradeshiyo!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *