දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ ගෑණු 6 ක් සහ පිරිමි 4 ක් සේවකයින්ට පහරදී රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් පැහැරගනී
(07.05.2026 – hirunews.lk)
ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු (6) ඇතුළු දස දෙනෙකු (10) ගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරනවා.
ඉකුත් 04 වැනිදා සවස 06:30 ට පමණ නාඳුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී ඒ සඳහා රුපියල් 45,000 ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔවුන් වෙත රූපවාහිනි යන්ත්‍රය ලබාදීම සඳහා එය පරීක්ෂා කරමින් සිටියදී ප්‍රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබා දුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් තිබෙනවා.
ඉන් මද වෙලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කීප දෙනෙකු සමග වෙළෙඳසලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් 1,309,000 ක මුදල කොල්ලකා පලා ගොස් තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය මාර්ගය ඔස්සේ පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
එසේම කොල්ලකරුවන්ගේ අදාළ ක්‍රියාකාරකම් සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
+
ලාෆ්ස් ගෑස් මිල රුපියල් 545 කින් ඉහළට
(06.05.2026 – 21:38 +0530 – sinhala.adaderana.lk)
අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245 ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500 කි ෴
WARNING: බැංකු ගිණුම්වල අවදානම තවත් ඉහළට! BANKUWA | බංකුව (07.05.2026)
+
හන්දි ගානේ බිඩී බිබී කසිප්පු ගහ ගහ හිටපු උන්ට රජයෙන් වාහන දීලා කාර්යාල දීලා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කියනවා (07.05.2026)
+++
SMS එකක් දීලා බදු සල්ලිවලට වෙන දේ කියනවා කිව්වා – අනුර කුමාරගෙ හොඳම සෙල්ලම ඩොලර් මිලියන 2.5 (07.05.2026)
+
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් අශාන්ට මරණ තර්ජන – 88/89 වගේ තරුණයන්ව මර්දන කරන්න බෑ උඹලට (07.05.2026)
+
හර්ෂණ සූරියප්පෙරුම කියන්නේ කල්ලතෝනියෙක් – රටක් නැති මිහිහෙක් මේ රටේ නි.ඇමති වුණා (07.05.2026)
+
රට ජාතිය ආගම රකින නායකයෙක් ඕනේ – රටම කලඹවන දේශපාලන පෙරලියක් කරන්න පොහොට්ටු ප්‍රබලයෝ වහාම රැස්වෙති (07.05.2026)
+
අනුර කුමාර ඉල්ලා අස්වෙන්න; ඒක නම්බුයි – අනාගන්නවා ඇඟේ ගා ගන්නවා හැමතැනම (07.05.2026)
+
මරණ එක ජේවීපී එකට හොඳට පුරුදුයි – බොරුව වහ ගන්න ඕන දෙයක් කරයි මුන් (07.05.2026)
+
පංති 05 කරපු මුදල් ලේකම්ට ඊමේල් එකක් බලලා පේමන්ට් එකක් කරගන්න තේරෙන්නේ නැහැ – නාමල් රාජපක්ෂ (07.05.2026)
+
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4 ක් තාවකාලිකව වැසේ
(07.05.2026 – hirunews.lk)
දෙණියාය ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් (4) අද (07) සහ හෙට (08) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කළ බව දෙණියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.
සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහ විද්‍යාලය, මාර/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය සහ මාර/දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය එලෙස වසා තැබෙනු ඇති ෴
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන (2) වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට (08) සිට
(07.05.2026 – hirunews.lk)
2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටයේ අභියාචනා අයදුම්පත් කැඳවීම හෙට (08) දින සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව සඳහන්.
අයදුම්පත් කැඳවන කාලය 2026 මැයි මස 08 දින සිට 2026 මැයි මස 29 දින දක්වා පවතිනු ඇති ෴
උදේ 10 ත් සවස 4 ත් අතර අව්වෙන් සමේ පිළිකා ඇති විය හැකියි – සෞඛ්‍ය අංශ
(07.05.2026 – hirunews.lk)
උදෑසන 10 ත් පස්වරු 4 ත් අතර කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් සමෙහි පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.
එම තත්වයෙන් ආරක්ෂා වීම සදහා සිරුර ආවරණය වන පරිදි ඇදුම් ඇඳීම මෙන්ම හිරු එළියට නිරාවරණය වන අවස්ථාවේදී සුදුසු ආලේපනයක් භාවිත කරන ලෙස පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසින්ති ජයලත් ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ෴
ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30 ක් බොරලැස්ගමුවේදී කොටුවෙති
(07.05.2026 – 17:22 +0530 – sinhala.adaderana.lk)
වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.
සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21 ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9 ක් සිටින බව පොලිසිය පැවසීය.
එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29 ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 02 වැනිදා විදෙස් ජාතිකයන් 152 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අතර මෙම සැකකරුවන් සහ සැකකාරියන් ඇතුළු 30 දෙනාද සිට තිබේ.
කෙසේ නමුත් ඔවුන් අධිකරණ නියෝග මත වැලිසර අතරමැදි කඳවුරේ රඳවා සිටියදී පලාගොස් සිටියදී මෙලෙස යළි අත්අඩංගුවට පත්ව ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් ලක්ෂ 15 ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරමේ නිරතව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය ඇත.
භාෂා පරිවර්තයකු යොදා සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී මීට දින කිහිපයකට ඉහතදී මෙම ස්ථානයට පැමිණි බවට තොරතුරු හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් කිසිදු විදෙස් ජාතිකයෙකුට වීසා හෝ ගුවන්ගමන් බලපත්‍ර නොතිබූ බව පොලිසිය පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴
+++
වැලිසරින් පැන ආ චීන සහ වියට්නාම ජාතිකයෝ යළිත් දැලට! (07.05.2026)
+
ගල්අඟුරු වංචාව වහන්න ඉංජිනේරුවන්ට කප්පම් දීලා
(07.05.2026 – lankacnews.com)
ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා කප්පමක් විදිහට දී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ කියයි.
විදුලිබල මණ්ඩලය සමාගම් හයකට කැඩීම නිසා මේ වනවිට විදුලි සේවකයන්ට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ටත් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
“ගල්අඟුරු බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ගල්අඟුරු වංචාව යට ගැසීමේ අරමුණෙන් ඉන්ජිනේරුවන්ට ලක්ෂ ගණනක දීමනා දීලා තියෙනවා. මේ දීමනා දීලා තියෙන්නේ කප්පමක් විදිහටයි. නමුත් පහළ සේවකයන්ගේ සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද කපලා දාලා. ජනන සමාගම පමණක් නොවෙයි සම්ප්‍රේෂණ සමාගම පද්ධති පාලන සමාගම පවා අද බරපතළ මූල්‍ය අර්බුදයක තියෙන්නේ. එපමණක් නොවෙයි අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන්ට ඍජුවම බලපාන බෙදාහැරීම් සමාගමත් අද බොහොම ඛේදනීය තැනකට වැටිලා” ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴