අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇති බව විපක්ෂය කියයි
(05.05.2026 – 14:24 +0530 – sinhala.adaderana.lk)
රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් සිදු කරනු ලබයි.
විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය.
මේ මස 25 වනදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නඩු තීන්දුවකින් අනතුරුව අත්පොලසන් නැගීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
මෙම ප්‍රකාශය ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයට එල්ල කළ බරපතළ තර්ජනයක් බව ඔවුන් පෙන්වා දෙයි.
අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීමට වචනයෙන් හා ක්‍රියාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කළ යුතුය.
අදාළ ප්‍රකාශය අධිකරණය විධායකයේ අභිමතයට යටත් කරගැනීමට දරන උත්සාහයක් ලෙස දකින බව ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කරති.
ජනාධිපතිවරයා විසින් සිදු කළ එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අධිකරණය මගින් ලබාදීමට නියමිත නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බවය.
යුක්තිය ඉටුවීම පමණක් නොව එය ඉටුවීම පැහැදිලිව හා නිසැකවම පෙනෙන්නට තිබීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියේ මූලික මූලධර්මයකි.
අධිකරණය වගකීමට බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිස විධායකයට නොවන බවත්, ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය ලබා දෙන්නේ ජනතාවගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස ජනාධිපතිවරයෙකුගේ, ඇමතිවරයෙකුගේ හෝ කිසිදු දේශපාලන සන්ධානයක අභිමතය පරිදි නොවේ.
මෙරට මහජනතාව තවමත් ගෞරවය භුක්ති විඳින ආයතන කිහිපයෙන් එකක් වන්නේ අධිකරණයයි.
මෙවැනි ප්‍රකාශ තුළින් අධිකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමන් උපරිම ලෙස කැප වන බව අවධාරණය කරන බව විපක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ෴
LIVE | Wada Pitiya | වංචා දූෂණ පිළිබද එල්ල වන චෝදනා ගැන ආණ්ඩුවේ සහ ජනතා මතය | 2026.05.05
+
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම මැයි 19 දක්වා
(05.05.2026 – 22:29 +0530 – sinhala.adaderana.lk)
2025 වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවත් එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද මාර්ගගතව මිලදී ගත හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ අයදුම්පත් භාරගැනීම පසුගිය 28 වැනිදා ආරම්භ වූ අතර එම වසරේ උසස් පෙළ ප්‍රතිපළ අනුව සිසුන් 176,527 ක් එනම් 62.64% ක් සරසවි වරම් ලබාගෙන තිබුණි ෴
භාණ්ඩාගාර කොල්ලයට ශානිට නඩු. – රු. කෝටි 80 ක මංකොල්ලය සිදු වුනේ මෙහෙමයි (05.05.2026)
+++
‘රංගගේ මරණය සැකයි’ කියා බිරිඳ පැමිණි කළා කියූ ගම්මන්පිලගේ ප්‍රකාශය සැරටම පත්තු වෙයි | පොලිසිය හෙළිකරයි (05.05.2026)
+++
+++
+++
රංග රාජපක්ෂගේපරිගණකයේ සඟවා තැබූ රහස්..? එයා නිතරම කියපු දෙයක් තිබුණා (05.05.2026)
+++
හැකර් සිද්ධියේ ආණ්ඩුව හංඟන තිත්ත ඇත්ත කතාව – ඇය නොහිටින්න සේරම ඉවරයි (05.05.2026)
+
මෙතනත් ඉන්නේ ඊ-වීසා ජාවාරමේ කට්ටිය – මේක මහා දැවැන්ත ජාවාරමක් (05.05.2026)
+
ශික්ෂණය | ITN – Doramadalawa – (2026-05-04) – Part 1
+
අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී මාට්ටු
(06.05.2026 – hirunews.lk)
අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.
ඊයේ (05) රාත්‍රී කාලයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව දීප උයන අසලදී බවයි පොළොන්නරුව කොට්ඨාශ අපරාධ අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් 59 හැවිරිදි සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට ඇති අතර, ඔහු වසර දෙකක (2) කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ.
මෙම ව්‍යාජ වෛද්‍යවරයා ළඟ තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු තවත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම තමන් හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකු බවට පවසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴