අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක් – ෆ්‍රී-ලෝයර්ස් සංවිධානය
අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක් – ෆ්‍රී-ලෝයර්ස් සංවිධානය
(06.05.2026 – 10:42 +0530 – sinhala.adaderana.lk)
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5,000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුවු බවට තොරතුරු වාර්තා වන බව Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසය.
කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers සංවිධානය සඳහන් කර ඇත්තේ,
සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයක්, දුෂණයක්, වංචාවක් බවද අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇති අතර, 148 ව්‍යවස්ථාව යටතේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වෙතින් පහත ප්‍රශ්න සඳහා වහා පිළිතුරු සොයා ගත යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කර සිටී.
- අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18 කට ආසන්න ප්‍රමාණයෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක් / ද්විත්ව ගෙවීම් ලැබී තිබේ ද?
- කෑගල්ල, මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ ද?
- දෙවරක් මුදල් (Double Payment) සහ නියමිත ප්‍රමාණයවට වැඩි මුදලක් (Additional Payment / Extra Payment) ගෙවනු ලැබ ඇති මුලු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණ ද?
- අස්වැසුම් ලාභීන් වෙත නියමිත ප්‍රමාණයවට වැඩිව කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණ ද?
- සුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය / කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?
- සුභසාධක මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනුයුක්ත කර ඇති නිලධාරීයා / නිලධාරීන් / කොමසාරිවරයා කවුද?
- දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය / අයථා පරිහණය / දුෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?
- මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මු.රෙ. 135 යටතේ මුල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද? එසේ බලතල පැවරූ නිලධාරියා / බල අධිකාරිය කවුද?
- භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුණාගෙන තිබේ ද?
- එසේ නොවේ නම් මෙය තවත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශයට, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිඳු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?
කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ :
බල නහර ගැන හොඳටම දන්නේ ජේවීපී එක – දුමින්ද, ගම්මන්පිල, සාගර ආණ්ඩුව හොල්ලයි (06.05.2026)
+++
රාජපක්ෂගේ මරණය සැකයි කියන්නේ මම නෙවෙයි – උදය ගම්මන්පිල හිරේ යන්න ලෑස්තිවෙයි (06.05.2026)
+
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
(06.05.2026 – hirunews.lk)
කටුගස්තොට මාවිල්මඩ ප්‍රදේශයේදී නිවෙසක ආරක්ෂක වැටක් පිළිසකර කරමින් සිටි පුද්ගලයකු, ඔහු විසින් භාවිත කරනු ලැබූ ග්‍රයින්ඩර් යන්ත්‍රයකට ගෙල කැපීමෙන් ඊයේ (05) මරණයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මියගිය පුද්ගලයා තම නිවෙසේ ඉදිරිපස ආරක්ෂක වැටේ ඉදිකිරීම් කටයුත්තක නිරත වෙමින් සිටියදී, ඔහු භාවිතා කළ ග්‍රයින්ඩර් යන්ත්‍රය පාලනය කරගත නොහැකිව ගෙල ප්‍රදේශයට තද වීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සිදුවූ අවස්ථාවේදීම දැඩි ලේ වහනය හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටි බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.
කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20 ක් සහ රු. ලක්ෂ තුනක් (3) කොල්ල කාලා
(06.05.2026 – hirunews.lk)
රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා, එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට (2,70,000) අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා.
පසුගිය 01 වැනිදා රාත්‍රියේ බැංකුවේ දොරවල් කඩා ඇතුළු වී ඇති සොරුන්, ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍ර (Grinders) යොදාගෙන එහි සවිකර තිබූ සේප්පුව කපා මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මහජනතාව උකසට තැබූ රන් භාණ්ඩ සහ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙම බැංකු ශාඛාව සඳහා ආරක්ෂක මුරකරුවෙකු යොදවා නොතිබීම සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය සොරකම සිදුවූ දින කිහිපයේ අක්‍රියව තිබීම පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මූල්‍ය ආයතනවල ආරක්ෂාව තර කරන ලෙස ප්‍රාදේශීය ආරක්ෂක කමිටු රැස්වීම්වලදී බැංකු බලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබියදීත්, මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් පැවතීම පිළිබඳව කණගාටු වන බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴
පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට
(06.05.2026 – 13:37 +0530 – sinhala.adaderana.lk)
පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකි
ඔහු පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් තිස්පන් ලක්ෂ හතලිස්දහස් හාරසිය පහලොවක (35,40,415) මුදලක් වංචා කර ඇති බව පොලීසිය පැවසීය.
පොදු දේපොළ පනත යටතේ සැකකරුට චෝදනා එල්ල කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ උපෙදස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ආරියවංශ මහතා විසින් විමර්ශන සිදුකරයි ෴
ඔහොම දේවල් කියන එක සාමාන්‍ය දෙයක්… හදවත්වල බටර් ගාන Mr දණහිස්ස කියයි (06.05.2026)
+
විජයා ගමනය 2 ඉන්දියාව සහ ලංකාව (06.05.2026)
+
මහා භාණ්ඩාගාර මංකොල්ලයට රජය වගකිව යුතු නෑ – ආන්ඩු විරෝධී කුමන්ත්‍රණයක් හෙලිවෙයි (06.05.2026)
+
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
(06.05.2026 – 17:07 +0530 – sinhala.adaderana.lk)
බහාලුම් 323 ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (05) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ, මෙම සිද්ධියනේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහාය.
හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බව උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය ෴
+++
පැන්නුවා කියන බහාලුම්වල කොටින්ගේ අවි ආයුධ ? අර්චුනා කිව්වා හරි – ගම්මන්පිලගෙන් රටම කැලඹෙන ප්‍රකාශයක් (06.05.2026)
+
බය නම් දේශපාලනේ කරන්න එන්නේ නෑ මහත්තයෝ – හරීන් වහාම මාධ්‍ය කැඳවා ආණ්ඩුව පෙරලන්න සූදානම් වෙයි (06.05.2026)
+
මේ 88/89 කාලය නෙවෙයි; දැන් සමාජ මාධ්‍ය තියෙනවා – රංගගේ මරණය ගැන නාමල්ගේ භායානක අනාවරණය (06.05.2026)
+
ස්වාමීනි, මේ තමා මහා මොළකාරිය, පිස්තෝලය දාන්න පොතත් කපලා හැදුවේ නීතිඥ තමාරා ? (06.05.2026)
+
“ඔබතුමාලා අතපය වීසි කරන්න එපා” – මහ රෑ දෙහිවල පොලිසියෙන් කුදලන් ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරි අශාන් (06.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴