පාස්කු අවසන් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගේ විවිධ අදහස්

පාස්කු අවසන් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගේ විවිධ අදහස්

*********************************************

පාස්කු අවසන් වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගේ විවිධ අදහස්

(06.03.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

(07.03.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව අදට (07) යෙදී තිබෙනවා.

ඒ අනුව කළු වස්ත්‍රයෙන් සැරසී දේව මෙහෙයන්ට සහභාගී වන ලෙස කොළඹ අගරදගුරු පදවිය දැනුම් දෙන අතර, කළු ඉරිදාව දේශපාලනීකරණය කර නොගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කළා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ට රජයේ බුද්ධි අංශයෙන් වැටුප් ගෙවූ බවට කිසිදු සාක්ෂියක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් නොවූ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් එම කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙය වූ නීතිඥ මණ්ඩලය පවසනවා.

එහි සාමාජික නීතිඥ දූතික පෙරේරා මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබඳව අමෙරිකාවේ බුද්ධි අංශවලටද තොරතුරු ලැබූ තිබුණද එය වළක්වා ගැනීමට නොහැකි වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (06) සඳහන් කළා ෴

***************************************

(06.03.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල පහසුකම් නොමැති, සියලු ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන ‘දැයට එළිය’ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (06) ආරම්භ කෙරුණා.

ඒ ගිරිබාව – වේරගල ගම්මානයේ පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීවයි.

දැයට එළිය වැඩසටහන මගින් විදුලිය නොමැති සමෘද්ධලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු ආදායම්ලාභී ජනතාවට විදුලිය සැපයෙනවා.

එහිදී විදුලිබල මණ්ඩලය මගින් නොමිලයේ විදුලිබල සබඳතාව ලබාදෙන අතර නිවාස වයරින් කිරිම සඳහා සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට නියමිතයි.

මේ වසර අවසානයට පෙර හඳුනා ගත් සියලු නිවාස වෙත විදුලිය ලබාදීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(06.03.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කතරගම මැණික් ගඟේ වැලි ගොඩ දැමීමේ සහ සේදීමේ නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියට උපදෙස් ලබා තීබෙනවා.

ඒ ලබන 22 වනදා මැණික් ගඟෙන් ආරම්භවීමට නියමිත ‘සුරකිමු ගංගා’ වැඩසටහන සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමයේ අද (06) පැවති සාකච්ඡාවකදීයි.

ඊට සමගාමීව කතරගම පූජා භූමිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා ෴

***************************************

(06.03.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – මාරකොල්ලිය ප්‍රදේශයේ නිවසක් තුලදී විදේශිකයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ 68 හැවිරිදි මියගිය විදේශිකයා ඕස්ට්‍රියා ජාතිකයෙකු වන අතර ඔහු බොහෝ කාලයක් තිස්සේ අදාළ නිවසේ කුලී පදනම මත නතර වී සිට ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර හම්බන්තොට රෝහල වෙත යොමුකර තිබෙනවා ෴

***************************************

(06.03.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගිරිබාව – වේරගල ගම්මානයේ අද (06) පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, විදුලිබල පහසුකම් නොමැති, සියලු ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන ‘දැයට එළිය’ වැඩසටහන ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරුණා.

දැයට එළිය වැඩසටහන මගින් විදුලිය නොමැති සමෘද්ධලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු ආදායම්ලාභී ජනතාවට විදුලිය සැපයෙනවා.

***************************************

තරුණිය ඝාතනය කළ SIගේ අල්ලපු වත්තේ සැක සහිත පැල්ලම් – පොලිස් නිල සුනඛයන් කැඳවයි

(06.03.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශන නව මාවතකට යොමු කරමින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට යාබද ගෙවත්තෙන් ලේ පැල්ලම් වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

විමර්ශන සඳහා කොළඹින් පිටත්ව ගිය කණ්ඩායම් විසින් ඒවා අද (06) පස්වරුවේ සොයා ගෙන ඇත්තේ එහි කෙසෙල් ගසක් යට පිහිටි පොල් අතු කිහිපයක් උඩ තැවරී තිබියදීයි.

අදාල පැල්ලම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මොනරාගල පොලිස් නිල සුනඛ අංශයේ සහය ලබා ගැනීමට ද කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම, සැකකරු බසයෙන් බැස තිබූ බුත්තල නගරයේ සිට ඔහුගේ නිවස දක්වා වන සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමට ද පියවර ගත්තා.

මීට අමතරව, ඒ සම්බන්ධයෙන් අවට පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ ලබා ගත් බවයි විමර්ශන නිලධාරින් සඳහන් කළේ.

එසේම, දිවි හානිකර ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අද (06) රාත්‍රියේ ඥාතීන්ට භාරදීමට නියමිතයි.

ඒ අදාල මෘත ශරීරයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට ලද සහතිකයට අනුවයි.

මීට අමතරව හංවැල්ල පොලීසියද ඝාතනය වූ තරුණිය සහ ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන් ගත් ලැගුම්හල තවදුරටත් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් අතුරුදන්වූ හිස කොටස සම්බන්ධයෙන් එහිදී කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ.

එමෙන්ම, ඔවුන් ලැගුම්ගෙන සිටි හංවැල්ලේදී පසුගියදා සොයා ගත් බෑගය අදාළ මියගිය තරුණියගේ බවට ඇයගේ වැඩිමල් සහෝදරයා විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+*******************

මේ අතර, හොරණ – මීවනපලාන මාවක් ඔයේ තිබී ඝාතනය කර යතුරුපැදියක ගැටගසා තිබු පුද්ගල අස්ථි කොටස් සහිත සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හොරණ පොලීසිය සමත් වුණා.

පසුගිය මස 11 වනදා මෙම අස්ථි කොටස් සහිත සිරුර සොයා ගත්තා.

විමර්ශනවලට අනුව, ඝාතනයට ලක්ව ඇත්තේ ‘අංගොඩ ලොක්කා’ සහ ‘හරක්කටා’ සමඟ සමීපව ගණුදෙනු කළ පුද්ගලයෙක්.

ඔහු යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙකු ද වනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු හොරණ පොලීසිය විසින් ගනේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද මේ වනවිට යුද හමුදාවේ සේවය කරන්නෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම අදාළ සැකකරු මියගිය පුද්ගලයා සමග යුද හමුදාවේ එකට සේවය කළ අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය මගින් ගනේමුල්ල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගනු ලැබුවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුගේ නිවසට ආගිය අයෙකු බව ද සඳහන්.

පසුව ඔහු ප්‍රධාන සැකකරුගේ බිරිඳට අනියම් ඇසුරක් සඳහා වරින් වර යෝජනා ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ ඔස්සේ හට ගත් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48 ක රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

+++++++++++++

හිස නැති මළ සිරුර මුල්ම වරට විවෘත කළ අවස්ථාව (06.03.2021)

ආරක්ශක අංශ වලට අදාල දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න යනවා. ඕක බෝම්බයක් වුණා නම් …

***************************************

(06.03.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම් ලාභීන්ට බෙදා දීමට තිබූ රජයට අයත් දඹුල්ල සීගිරිය කායන්වල ප්‍රදේශයේ අක්කර 02 ක ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවතවා වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ලබා දුන් උපදෙස් අනුවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු රජයේ නිලධාරීන් හදුනා ගෙන ඔවුන්ට එරෙහිව පියවර ගැනීම සදහා මෙම පරීක්ෂණය ක්‍රියාත්මකයි.

හිරු ප්‍රවෘත්තී අංශය කල විමසීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කලේ අදාල ඉඩම යලි රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි ෴

***************************************

(06.03.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ මැදිහත්වීමක් නොමැති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අදාළ ආයෝජනය සඳහා ලක් රජය ඉන්දීය අදානි සමාගම සමග සෘජුව ගනුදෙනු කරන බවයි එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම, මෙහෙයුම් කිරීම වසර 35 කින් පවරා දීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග කටයුතු කරන බවත් ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතියද ලැබී ඇති බවත් පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එදිනම පස්වරුවේ හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ස්ථාවරය වාර්තා කළා.

එහිදී අප හෙළි කළේ බටහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දීය රජය මැදිහත් වීමක් හෝ සම්බන්ධ වීමක් සිදු නොකරන බවයි.

මේ අතර, අප කළ අනාවරණය නවදිල්ලි නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරන්ග් ශ්‍රීවස්තාවා ඊයේ (05) නිල වශයෙන් සනාථ කළා.

***************************************

(06.03.2021 – 22:16 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ ‘කළු ඉරිදා දිනය’ හෙටට (07) යෙදී තිබෙනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මිය ගිය සහ විපතට පත් සියලු දෙනා වෙනුවෙන් මෙතෙක් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළකරමින් හෙට (07) දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි කොළඹ අගරදගුරු පදවිය තීරණය කළේ.

ඒ අනුව හෙට (07) දිනයේ කතෝලික ජනතාව කළු ඇඳුමින් සැරසී ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට නියමිතයි.

මේ අතර ‘කළු ඉරිදා විරෝධය’ සම්බන්ධයෙන් සහ පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදත් විවිධ අදහස් පළකළා.

***************************************

(06.03.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්වයේ බලපෑම මෙරටට ලැබෙන විදේශ විනිමය අඩුවීමට හේතුවී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මොණරාගලදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය බවයි.

@@@@@@@@@@@@@@

(06.03.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන රාජකාරි වල නිරත ත්‍රිවිධ හමුදා සාමාජකයන් සඳහා වෙනම ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ පොරොන්දු වී තිබෙනවා.

ඉන්දීය මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (06) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී එන්නත ලබාගත් අවස්ථාවේ බවයි යුද හමුදාව සඳහන් කළේ.

රට පුරා කොරෝනා මර්දන රාජකාරිවල නිරත 63,000 කට අධික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දැනටමත් කොරෝනා එන්නත ලබාගෙන තිබෙනවා ෴

කොරෝනා ආසාදිතව සිටි තවත් 448 දෙනෙකු අද (06) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,769 ක් බවයි ෴

++++++++++++++++++++

(06.03.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාගන්නා ලද කොවැක්ස් කොරෝනා එන්නත් මාත්‍රා 264,000 ක් හෙට (07) දිවයිනට ළඟාවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ කටාන ප්‍රදේශයේ අද (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එම එන්නත් වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබාදීමටයි නියමිතව ඇත්තේ ෴

+++++++++++++++++++++

(06.03.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා රුපියල් 1000 බැගින් අල්ලස් මුදල් ලබා ගත් කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක සුළු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මරදාන ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයකදී අද අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන බදාදා සිට කොවැක්ස් පහසුකම යටතේ කොළඹ නගරයට එන්නත් මාත්‍රා 80,000 ක් ලැබීමට නියමිත බවයි.

මේඅතර, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (06) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොරෝනා මර්දන එන්නත ලබා ගත් අතර එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ද එක්ව සිටියා.

63,000 කට අධික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එන්නත ලබාගැනීමෙන් අනතුරුවයි යුද හමුදාපතිවරයා අද (06) දිනයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගත්තේ.

එසේම, කොරෝනා ආසාදිතව සිටි තවත් 448 දෙනෙකු අද (06) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,769 ක් බවයි.

මේ අතර, තවත් කොරෝනා ආසාදිත මෘත දේහ 8 ක් භූමදානය කිරීම අද සිදුකෙරුණා.

ඒ භූමදානය සඳහා තෝරා ගත් මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදීයි. ඊයේ (05) දිනයේ එහි කොරෝනා ආසාදිත මෘත දේහ 9 ක් භූමදාන කෙරුණ අතර, මේ දක්වා භූමදානය කර ඇති මුළු මෘතදේහ සංඛ්‍යාව 17 ක්.

+++++++++++++

+++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 190 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 85,150 ක්. මෙම ආසාදිතයන්ගෙන් 2888 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 81,769 ක්.

මෙරටින් මරණ 493 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++

(06.03.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාගන්නා ලද කොවැක්ස් කොරෝනා එන්නත් මාත්‍රා 264,000 අද (06) රාත්‍රියේ දිවයිනට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

එම එන්නත් වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබාදීමටයි නියමිතව ඇත්තේ ෴

+++++++++++++++++++++

(06.03.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 497 ක්.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 170 ක් වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *