කොළඹ තොරණ 20 කට අධික සංඛ්‍යාවක් : රටපුරා දන්සල් 15,000 ක්
(30.05.2026 – hirunews.lk)
සම්බුදු තෙමගුල බැතියෙන් සැමරීමට බෞද්ධ බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් සූදානමි වෙමින් සිටිනවා.
ඒ වෙසක් කූඩු, තොරණ, දන්සැල් ඇතුළු ආමිස පූජා රැසක් සංවිධාන කරමින්.
කොළඹ නගරයේ පමණක් වෙසක් තොරණ 20 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙනවා.
එමෙන්ම දිවයින පුරා දන්සල් 15,000 කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ.
වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ අද (30) සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙන ස්ථාන ආශ්‍රීත මාර්ගවල මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය අවට, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය මෙන්ම බොරැල්ල බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත, ගාලුමුවදොර ඇතුලු ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වනවා.
මේ අතර, වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් සහ අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.
එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක යි ෴
+
දෙරණ 24 පැයේ මහා බත් දන්සලේ සූදානම
(30.05.2026 – 09:47 +0530 – sinhala.adaderana.lk)
පැය 24 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (30) පැවැත්වෙයි.
මෙම මහා බත් දන්සල අද (30) පස්වරු 7 ට ආරම්භ වන අතර එය හෙට (31) පස්වරු 7 දක්වා ක්‍රියාත්මකය.
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල සංවිධාන කරන්නේ 2024 වසරේ සිටය.
පුරා පැය 24 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන දෙරණ දන්සල පසුගිය වසර දෙකේදීම (2) වෙසක් පුන් පොහෝ දිනවලදී අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී පැවතුණි.
එය මෙවර පැවැත්වෙන්නේ 3 වැනි වරටය.
පෙර වසර දෙකේදී (2) වගේම මෙවරත් එය කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර අවසන්.
ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව මේ වෙනුවෙන් ‘ටීවී දෙරණ’ සමග අත්වැල් බැඳගෙන සිටී.
+
2026 ශ්‍රී පාද වන්දනා වාරය අදින් (30) අවසන් – උදෑසන සිල් ගන්නත් මහා පිරිසක් උඩමළුවට (30.05.2026)
+
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිදුණු මහා රෝස මල් පූජාව (30.05.2026)
+
රනිල් – හර්ෂ ආණ්ඩුවට එක් වෙයි ද? ගම්මන්පිලට රනිල් කියපු කතාව | පාර්ලිමේන්තුවට කොටි සැමරුම් ආ හැටි (30.05.2026)
+
25,000 කට කන්න දෙන, රත්නපුර ලොකුම බත් දන්සලේ ඩ්‍රෝන දර්ශන පෙළක් මෙන්න, හිතාගන්න බැරි සෙනඟක්…! (30.05.2026)
+
හිරු ශාක්‍යසිංහ මංගල්‍යය | ආලෝක පූජාව | 2026-05-30
+
අවසානයේ මහා අවනම්බුවෙන් ගැලවෙන්න තීන්දුවක් ගනී, පල්ලෙගම හේමරතන අටමස්ථානාධිපති ධූරයෙන් නෙරපයි (30.05.2026)
+++
පල්ලේගම හේමරතනගේ පට්ටම ගැලවුණා විතරයි – සිද්ධිය එළියට දාපු මාධ්‍යවේදියා වීඩියෝවක් නිකුත් කරයි (30.05.2026)
+
ජේවීපීකාරයො නඩුව අහලා තීන්දුවත් දීලා ඉවරයි… ගරු අධිකරණ තීන්දුව තෙක් නොඉවසන්නේ ඇයි ? (30.05.2026)
+
දසක ගණනාවක් බලයේ ඉන්ඩ ආසා ද ? ඔහොම හිතුණු අය ලෝකෙ ගොඩක් හිටියා,ඒ අය දැන් නෑ (30.05.2026)
+
අනුරගෙ පාපිස්සක් ඇත්ත කතාව වමාරයි… දැන් කතාව – අවු. 5 න් පෝසත් රටක් හදන්ඩ බැයිලු (30.05.2026)
+
පාර්ලිමේන්තුවේ කොටි සැමරීම සහ නපුංසක දේශපාලනය (30.05.2026)
+
පල්ලේගෙම හේමරතන සියලු තනතුරු වලින් ඉවතට! (30.05.2026)
+
IMF වාරිකයෙන් පසු ඩොලර් එක සංචිත සහ ආර්ථිකය (30.05.2026)
+
ලෝකේ තෙල් මිල බහිද්දී අපේ අයට වුණ දේ! ජනපතිගේ ආර්ථික පාඩමේ ඇත්ත කතාව (30.05.2026)
+
ජනපති කියූ කතාව ඇත්ත. මේ ආණ්ඩුව කිසිවෙකුට පෙරලන්න බෑ – ඉරංග මෙන්ඩිස් සමඟ දේශපාලනය (30.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴