සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ලීටරයක් රු. 15-25 කින් ඉහලට
(30.05.2026 – 23:28 +0530 – sinhala.adaderana.lk)
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා තිබේ.
ආන්දෝලනාත්මක ඊ-විදේශගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලිය අත්හිටුවීමට රජයෙන් තීරණයක් : පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා
(30.05.2026 – hirunews.lk)
ආන්දෝලනාත්මක ඊ-විදේශගමන් බලපත්‍ර (e-passport) ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පවසනවා.
ඒ අනුව, ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා විසින් 2026 මැයි 29 වැනිදා විද්‍යුත් තැපෑල (Email) මාර්ගයෙන් අදාළ ලංසුකරුවන් වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි අජිත් පෙරේරා සඳහන් කළේ.
එම ලිපියේ දැක්වෙන්නේ, “ඉහත සඳහන් කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නියෝග කර ඇති බව මෙයින් නිල වශයෙන් දැනුම් දෙමු” යනුවෙනුයි.
මෙම කොන්ත්‍රාත්තුව DIE/PRO/PKI/2025 ලංසු අංකය යටතේ “ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ඊ-විදේශගමන් බලපත්‍ර පුද්ගලීකරණය කිරීමේ නිකුත් කිරීමේ පද්ධතිය සහ අදාළ පොදු යතුරු යටිතල පහසුකම් සංරචක” (Issuance System and Relevant Public Key Infrastructure Components for Personalization of E-Passports) ලෙස නම් කර තිබුණා. මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවීම සිදුකර තිබුණේ පසුගිය වසරේදීයි.
කෙසේ වෙතත්, ලංසු දිනා ගැනීමට අපොහොසත් වූ ලංසුකරුවන් සිව්දෙනෙකු (4) විසින් 2026 ජනවාරි 02 වැනිදා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) වෙත ඉදිරිපත් කරන ලද අභියාචනාවලින් අනතුරුව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත සමාලෝචනයට ලක් කෙරුණා. එම අභියාචනා 2026 ජනවාරි 06 වැනිදා විභාගයට ගත් අතර, ඊට අදාළ නිර්දේශ මාලාවක් මේ වන විට අදාළ බලධාරීන්ගේ අවධානයට යොමුව තිබෙනවා.
මැයි 29 වැනි දිනැති එම ලිපිය මඟින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන්, ඔබගේ ලංසුව සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා ඔබගේ ආයතනය වැය කළ කාලය, ශ්‍රමය සහ සම්පත් පිළිබඳව අපගේ අවංක ඇගයීම ප්‍රකාශ කර සිටිමු. අප දෙපාර්තමේන්තුව සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට සහ මෙම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක වීමට ඔබ දැක්වූ උනන්දුව අපි බෙහෙවින් අගය කරමු” යනුවෙනුයි ෴
සූර්ය පැනල හෙටත් ක්‍රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්
(30.05.2026 – hirunews.lk)
වහලය මත සවි කළ සූර්ය පැනල හෙට (31) දිනයේත් පෙරවරු 08:00 සිට පස්වරු 03:00 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස, ‘පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම’ ඉල්ලනවා.
අඩු විදුලි ඉල්ලුම නිසා, විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි එම සමාගම පවසන්නේ ෴
කලමැටිය මුහුදේ නෑමට ගිය සිසුන් තිදෙනෙක් (3) අතුරුදන්
(30.05.2026 – hirunews.lk)
හුංගම, කලමැටිය මුහුදු වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවන පිරිමි ළමයින් තිදෙනෙකු (3) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අතුරුදන් වූ ළමයින් සොයා ප්‍රදේශවාසීන්, පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එක්ව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ෴
‘දෙරණ 24 පැයේ මහා බත් දන්සල’ ඇරඹෙයි
(30.05.2026 – 19:03 +0530 – sinhala.adaderana.lk)
වෙසක් පොහොය නිමිත්තෙන් ‘දෙරණ මාධ්‍ය ජාලය’ විසින් අඛණ්ඩව තුන්වන (3) වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල’ ‘දෙරණ 24 පැයේ බත් දන්සල’, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම දන්සල හෙට (31) රාත්‍රී 07:00 දක්වා පැය 24 ක කාලයක් පැවැත්වීමට නියමිතය.
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහ නගර සභාව එක්ව 2024 වසරේ සිට මෙම බත් දන්සල සංවිධානය කරනු ලබයි.
+
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු සියැසින් දැක වන්දනා කිරීමට භාග්‍යය උදාවන ‘හිරු උත්තම ධාතු වන්දනාව’ හෙට (31) සිට
(30.05.2026 – hirunews.lk)
‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව සම්බුදු සසුනේ උන්නතිය උදෙසා සිදුකෙරෙන ‘හිරු උත්තම ධාතු වන්දනා කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හෙට (31) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.
ලබන මස 02 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හිරු උත්තම ධාතු වන්දනාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජීවමාන බුදුන් වන්දනාව හා සමාන දුර්ලභ අවස්ථාවක් සැහැදැවතුන්ට උදාකර දෙමින්.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට පුණ්‍ය භූමි වෙත වැඩම කරවා සුවහසක් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන හිරු උත්තම ධාතු වන්දනාව ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක්.
මෙවර හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිම වෙත වැඩම කරවන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් චාරිත්‍රානුකූල ආගමික වතාවත් වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේදී අද දිනයේ නියමිත පරිදි සිදු කෙරුණා.
ඒ අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහා නායක ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී වන්දනාමාන කරගැනීමේ අවස්ථාව සැදැහැවත් ඔබට හෙට සිට අවස්ථාව හිමිවනවා.
ඒ අනුව, උදෑසන 07:30 ට යෙදෙන සුබ මොහොතින් මඟුල් බෙර සහ පුෂ්පෝපහාර මැද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව සාධු නාද මැද ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිමේ ඉදිකර ඇති සුවිශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇති.
එම ස්ථානයේ ද ජීවමාන බුදුන් වහන්සේට පිදෙන පූජා හා සමානව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන චාරිත්‍රානුකූල වත්පිළිවෙත් වලින් අනතුරුව සුවහසක් සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.
එලෙස ඇරඹෙන හිරු උත්තම ධාතු වන්දනාව ලබන මස 02 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී සැහැදැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාට එක්වන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර, හෙට (31) දින එම සැදැහැවතුන් වෙනුවෙන් උදෑසන ආහාරයද හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන් විසින් සම්පාදනය කිරීමට නියමිතයි ෴
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
(30.05.2026 – 18:55 +0530 – sinhala.adaderana.lk)
සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සත්‍යානන්දන් සදීෂා නමැති සිසුවියකි.
පසුගිය 28 වෙනිදා එම දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ ඇති ජල ටැංකියේ තිබී සොයාගන්නා ලදී.
මිය ගිය නැගණිය දුරකතනය ලබානොදීම හේතුවෙන් එම සිසුවා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින අතර මෙම සිදුවීම සිදුවන දිනයේ ඔවුන්ගේ පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් ඇත.
මෙවන් පසුබිමක සැකකරු විසින් සිය නැගණියගෙන් දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඉන් අනතුරුව ඔහු අසල්වාසි නිවසකට ගොස් සිට ඇති බවට සැක පළ කෙරේ.
රැකියාවට ගොස් සිටි පියා නිවසට පැමිණ දරුවන්ව සොයා ඇති අතර එහිදී සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති අයුරු ඔහු දැක ඇත.
ඉන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් 14 හැවිදිරි සිසුවාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සිය නැගණිය ඝාතනය සිදු කළ බවට හෙළි විය.
ඉන් අනතුරුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවත්, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය ෴
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6 ක් කොළඹ වරායට
(30.05.2026 – 16:12 +0530 – sinhala.adaderana.lk)
රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160 ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 6 ක් (Battery Energy Storage System – BESS)අද (30) අලුයම කොළඹ වරායට ගෙන එනු ලැබීය.
2025 වසරේ ජූලි මාසයේදී මෙම ධාරිතාව සහිත බැටරි 16 ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර, ඉන් 6 ක් මෙලෙස රැගෙනවිත් තිබේ.

(hirunews.lk : තෝරාගත් ආයතන 3 ක් සඳහා මෙම ව්‍යාපෘති පිරිනමා ඇති අතර, ‘වින්ඩි ෆෝස් පුද්ගලික සමාගම’ විසින් මෙම ව්‍යාපෘතියට අදාළව ගෙන්වූ බැටරි පද්ධති 6 ක් කොළඹ වරාය වෙත අද (30) රැගෙනවිත් තිබුණා.)
මේ පිළිබඳ නිවේදනයක් නිතුක් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවය.
මෙම එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40 ක විදුලිබල ශක්තියන් ගබඩා කිරීමට හැකි අතර, ඉන් උපරිම විදුලිබල ඉල්ලුම අවශ්‍ය රාත්‍රි කාලයේදී මෙගාවොට් 10 ක් ජාතික පද්ධතියට ලබාදීමට සැලසුම් කර ඇත.
ඒ අනුව පද්ධති 6 න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60 ක් බව අදාළ නිවේදනයේ දැක්වේ.
මෙම බලශක්ති ගබඩා පද්ධති පාලනය හා කළමණාකරණය සිදුකරනු ලබන්නේ, බලශක්ති අමාත්‍යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගමෙන් වන අතර, නඩත්තු කටයුතු ද අදාළ සමාගම්වලට පැවරී ඇත.
මෙලෙස බලශක්ති ගබඩා පද්ධති (BESS) යොදාගෙන විදුලිබල ශක්තිය ස්ථාවර කිරීමක් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට බවද සඳහන්ය.
මේ වනවිට ඉන්ධන මඟින් විදුලිබලය උත්පාදනයේදී එක ඒකකයක් (1 Unit) සඳහා රුපියල් 115 ක් වැයවන බවත්, BESS පද්ධති මඟින් උත්පාදනයේදී වැයවන්නේ ඒකකයකට රුපියල් 30 ක් බවද නිවේදනයේ දැක්වේ.
ඒ අනුව එහි ප්‍රතිලාභය ඉදිරියේදී විදුලි පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, ඉන්ධන මඟින් විදුලිබලය උත්පාදනය සඳහා මාසිකව වැය කරන ඩොලර් මිලියන 2.6 ක විදේශ විනිමය ඉතිරිකරගැනීමට හැකිවනු ඇති බවත් එහි සඳහන්ය.
BESS පද්ධති මඟින් කාබන් විමෝචනය සහ වායු දූෂණය සිදු නොවන අතර, ඒ හේතුවෙන් පාරිසරික හානිද අවම වනු ඇත.
චීනය සිය බලශක්ති උත්පාදනයෙන් 50% කට වැඩි ප්‍රමාණයන් මෙම BESS පද්ධති යොදා සිදුකරන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලද එම තාක්ෂණය භාවිතා කරන බවත් නිවේදනයේ දැක්වේ.
(දවල් කාලයේදී සූර්ය පැනල වලින් ලබාගන්නා විදුලිය, බැටරිවල ගබඩාකොට රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට ලබාදීම වියයුතුයි)
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
(30.05.2026 – hirunews.lk)
මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙම රෝගයෙන් ළමයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවත් වෛරසය වැළඳුණු රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මගින් පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴