“නොරොච්චෝලට ආ බාල ගල්අඟුරු නැවේ ගොඩබෑම් ආරම්භ කරලා” – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් හෙළිදරව්වක්

“නොරොච්චෝලට ආ බාල ගල්අඟුරු නැවේ ගොඩබෑම් ආරම්භ කරලා” – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් හෙළිදරව්වක්


“නොරොච්චෝලට ආ බාල ගල්අඟුරු නැවේ ගොඩබෑම් ආරම්භ කරලා” – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් හෙළිදරව්වක්

(29.05.2026 – hirunews.lk)

නොරොච්චෝල බලාගාරය වෙත රැගෙන ආ, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ බාල ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු අඩංගු ‘MV JOSCO YONGZHOU’ නැවේ ගොඩබෑම් කටයුතු අද (29) පෙරවරුවේ බලහත්කාරයෙන් ආරම්භ කර ඇති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය පවසනවා.

මෙම සමස්ත ක්‍රියාවලිය දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි මංකොල්ලයක් බවට පත්ව ඇති බවයි එම සංවිධානය අවධාරණය කර සිටින්නේ.

Taranjot Resource (pvt) Ltd නම් සමාගම විසින් සපයනු ලබන, ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766.000 ක් රැගත් මෙම නැව ඊයේ (28) දහවල් 11:30 ට පමණ පුත්තලම නැංගුරම් පොළට පැමිණ තිබෙනවා.

ඉන්පසු සවස 03:30 ට බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ මෙම නැවට, කිසිදු විධිමත් සොයා බැලීමකින් තොරව විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් තුළ ගොඩබෑමේ අනුමැතිය ලබා දී ඇති බවත්, ඒ අනුව අද (29) පෙරවරු 10:30 ට කණ්ඩායම් හතරක් (4) විසින් මෙහි ගොඩබෑම් කටයුතු ආරම්භ කර ඇති බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් 30 වන දින Bureau Veritas Solutions South Africa (Pvt) Ltd ආයතනය විසින් ‘ලංකා ගල්අඟුරු සමාගම’ වෙත යොමු කරන ලද පැටවුම් වරාය වාර්තාව (Load Port Report) මඟින්ම මෙම නැවේ ඇති ගල්අඟුරු බාල ප්‍රමිතියෙන් යුතු බව තහවුරු වී තිබූ බවයි.

‘ලංකා ගල්අඟුරු සමාගමේ’ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස අනුව උපරිම අළු ප්‍රතිශතය (LCC Reject Values) විය යුත්තේ ඒකක 16 ක් විය යුතු බවත්, දැනට ගොඩබාමින් පවතින ගල්අඟුරුවල අළු ප්‍රතිශතය ඒකක 16.8 ක් ලෙස සටහන්ව ඇති බවත් එම සංවිධානය පවසනවා.

මේ හේතුවෙන්, මෙම ගල්අඟුරු තොගය දඩ මුදලක් අය කරගෙන හෝ මිලදී ගැනීමට ලංකා රජයට කිසිදු නෛතික හැකියාවක් නොමැති බව එම සංගමය පෙන්වා දෙනවා.

පැටවුම් වරාය වාර්තාව මත පදනම්ව ගොඩබෑම පවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු, ලංකා ඉතිහාසයේ පළමු සහ එකම ගල්අඟුරු නැව මෙය බවද ඔවුහු සඳහන් කරනවා.

තොගය ගොඩබෑමට පෙර ‘ලංකා ගල්අඟුරු සමාගම’, විගණන කාර්යාලය සහ තාක්ෂණික කමිටු මඟින් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලා සිටියද බලධාරීන් ඊට කන් දී නොමැති බවත්, මෙවැනි බාල නිෂ්පාදනයක් වෙනුවෙන් මහජන මුදලින් ඉහළ පිරිවැයක් ගෙවීම 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය කර චෝදනා ගොනු කළ යුතු බරපතළ අපරාධයක් මෙන්ම, රජයේ මුදල් හා පරිපාලන රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවද එම සංවිධානය අවධාරණය කරනවා.


ලංකාවේ පරණම තොරණ මෙවර 72 වෙනි වරටත් – මෙන්න තොටළඟ තොරණේ නවතම තත්ත්වය (29.05.2026)

+++

කොළඹ වෙසක් ලස්සන මෙන්න බලන්න – මුළු කොළඹම ලයිට් දාලා හරිම ලස්සනයි (29.05.2026)

+++

+


‍‍‍‍‍‍‍‍වෛද්‍ය චන්න ජයසුමන ආණ්ඩුවට කටඋත්තර නැති කරයි (29.05.2026)

+


ඩීසල් මිල රු. 700 කරන්න ආණ්ඩුව කැමති වෙලා ඉවරයි – පොහොට්ටුවේ ප්‍රබලයෝ වහාම මාධ්‍ය කැඳවයි (29.05.2026)

+


පිළිකාව ඇතුළු විවිධ දරුණු රෝග නිසා කෙස් නැති වුණ අයට හිසකෙස් දෙන්න ආපු ගැහැණුන් (29.05.2026)

+


දෙනියායෙන් පටන් ගත්තු මොලේ උණ වසංගතය – දැන් රට පුරාම පැතිරිලා යෑමේ ලොකු අවදානමක් (29.05.2026)

+


අන්දෝලනාත්මක කෝල් එක ගැන මුජිබර් සියල්ල හෙළි කරයි (29.05.2026)

+


හෙමිහිට යට යන ‘පාරාජිකා පල්ලේගම’ගේ සිද්ධිය ආපහු අද එක පාරම උඩට ආපු හැටි (29.05.2026)

+


PHI මහත්වරු දන්සල් පීරන්න පටන් ගනිති – මෙදා සැරේ නම් ලේසි වෙන්නේ නෑ වගේ (29.05.2026)

+


සිවිල් ගුවන් සේවා අධිකාරියේ රු. කෝටි 10 ක වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක් දැම්මට මරණ තර්ජන ඇවිත් (29.05.2026)

+


කළුතර ඝාතනය ප්‍රේම දඩයමක්, කොන්ත්‍රාත්තුව ඉම්රාන්ගෙන්, තවත් රහස් රැසක් එළියට (29.05.2026)

+


“පාරේ වල් අලි ඉන්නවා, මං එක්කගෙන යන්නම්” යයි කියා ටියුෂන් දැරිය රවටා, අතවර කිරීමට තැත් කළ 65 ‘වල්අංකල්’ අත්අඩංගුවට

(29.05.2026 – gossiplankanews.com)

උපකාරක පන්තියක සහභාගි වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවියක රවටා, නිවසකට කැඳවාගෙන ගොස් අතවර කිරීමට තැත් කළ 65 හැවිරිදි පුද්ගලයෙකු ආණමඩුව පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුවිය උපකාරක පන්තිය නිමවී බස් රථයෙන් බැස, ඇය කැඳවාගෙන යාම සඳහා පියා හෝ සොහොයුරා පැමිණෙන තෙක් මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

එහිදී සැකකාර පුද්ගලයා උපක්‍රමශීලී ලෙස දැරිය බිය ගන්වමින් ඇයව තමන් සතු නිවසක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට මුහුණ පෑ දැරිය පවසන පරිදි, ඇය පාගමනින් යමින් සිටි මාර්ගයේ ඉදිරියෙන් අලි සිටින බව පවසා සැකකරු ඇයව බිය වද්දා ඇත. ඉදිරියට ගමන් නොකරන ලෙස පවසමින් දැරිය නොමඟ යැවූ ඔහු, අතුරු මාර්ගයක් ඔස්සේ අක්කර ගණනාවක විශාල ඉඩමක පිහිටි තම නිවස වෙත ඇයව කැඳවාගෙන ගොස් තිබේ. එම පාළු සහ විශාල පරිශ්‍රයට ඇතුළු වන විට දැරියට යම් සැකයක් මතු වී ඇතත්, සැකකරු ඇයව නිවස තුළට කැඳවාගෙන ගොස් තිබේ. එහිදී සැකකරු විසින් ඇයට සරමක් ලබා දී, ඇය හැඳ සිටි ඇඳුම් ඉවත් කර එම සරම ශරීරයේ දවටා ගන්නා ලෙසට බල කර ඇත.

සැකකරුගේ මෙම අසාමාන්‍ය හැසිරීමෙන් දැඩි ලෙස බියටත් කම්පනයටත් පත් වූ සිසුවිය, වහාම එම ස්ථානයෙන් පැන දිව යාමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී සැකකරු දැරියගේ දෑත්වලින් තදින් අල්ලා ගනිමින් ඇයට පලා යාමට ඉඩ නොදී වළක්වා ගැනීමට තැත් කර ඇත. කෙසේ වුවද, දැඩි වෙහෙසක් දරා සැකකරුගෙන් මිදුණු දැරිය, එතැනින් දිව ගොස් ආසන්නයේ පිහිටි වෙනත් නිවසක් වෙත පැමිණ තමන්ට මුහුණ පෑමට සිදු වූ අනතුර පිළිබඳව එහි වැසියන්ට පවසා ඇත. පසුව එම නිවසේ පිරිස වහාම දැරියගේ දෙමාපියන් දැනුවත් කර, ඇයව ඔවුන්ගේ භාරයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ පාර්ශ්වය විසින් ආණමඩුව පොලිස් ස්ථානය වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, දැඩි කම්පනයට පත්ව සිටි සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඇයව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *