‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඩො.මි. 2.5 ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම
‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඩො.මි. 2.5 ක මුදල ගැන කෝපා කමිටුවෙන් කළ ඉල්ලීම
(03.05.2026 – 18:55 +0530 – sinhala.adaderana.lk)
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් සොරකම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිලිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය ඉල්ලීමක් කර තිබේ.
රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළද මේ දක්වා ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ සාමාජික රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා :
“ෆී-ලෝයර්ස් සංවිධානය ගරු කතානායක තුමාට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් ඒ ලියුමවත් ලැබුණු බව මේ දක්වා දැනුම් දීලා නෑ. ඒ වගේම හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාව හරහා අපේක්ෂිත කිසිදු ප්‍රතිඵලයක් ලැබිලා නෑ. ඒ සියල්ලටම වඩා මුදල් අමාත්‍යාංශය මුදල් ලේකම්වරයාට මාසයක කාලයක් ලබා දී තිබෙනවා මේ ලේඛන ඉදිරිපත් කරන්න. ඒක මේ ප්‍රශ්නය මාසයකට යටපත් කරන්නක් බව ඉතාම පැහැදිලියි. මේ නිසා පාර්ලිමේන්තුව විසින් කළයුතු මූලික කාරණා ඉෂ්ඨ නොවන බව පැහැදිලිව තියෙනවා. ඒ අභියෝගය ජයගැනීම සඳහා ජනතාවට විවෘත මාධ්‍යයට විවෘත කෝපා කමිටුව මේ පිලිබඳව විඝණකාධිපතිවරයා කේන්ද්‍රගත කරමින් විමර්ශනයක් පූර්ණ වශයෙන් සිදුකරන්න අවශ්‍යයි කියන එක අපි ලිපිය මගින් කබීර් හෂීම් සභාපතිතුමාට අවධාරණය කරනවා.”
සිංහල අලුත් අවුරුද්දේ හොඳම බොරුව තරඟය ? (03.05.2026)
+
මට පුළුවන් ලාල්කාන්තට වැඩිය මිනිස්සු ගේන්ඩ නුවරට… අයියෝ කාඩ්බෝඩ් වීරයාට වෙච්ච දේ (03.05.2026)
+
අනුර කුමාර අධිකරණ තීන්දු තීරණය කරන්නේ කොහොමද ? රට දැන් යන්නේ මොන පැත්තකටද ? (03.05.2026)
+
අනුර කම්කරුවො හොයාගෙන නුවරඑළියේ ගිහිල්ලා… මේවා හෙන ගොන් වැඩ (03.05.2026)
+
කිසිවෙකු තමන්ගේ බලනහර කපාගෙන මියගොස් තිබේ ද?? එය සිදුවිය හැකි ද? (03.05.2026)
+++
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සාක්ෂි වහන්න කරපු ඝාතනයක්ද ? ඝාතනයත් එක්ක මුදල් ලේකම් තීරණය වෙනස් කරාද? (03.05.2026)
+
මීට කලින් ස්වාමින්වහන්සේලා කුෂ් – හෑෂ් කිලෝ 60 කට වඩා ගෙන්නලා! භාණ්ඩාගාරයේ මුදල් අවුල හෙළිකළේ සමන්ත! (03.05.2026)
+
මුදල් කමිටුවෙ සජබ ඩීල් අනුර වගේ වෙන්න බැරි ඇයි ? (03.05.2026)
+
මහින්ද අල්ලස් කොමිසමට, සුන් බුන් විපක්ෂය ආන්ඩුවට, විපක්ෂයෙ අය මේක මම ආසම සටනක් (03.05.2026)
+
ජීවිතේ දැක්ක ලස්සනම කෙල්ල සති දෙකකින් ළඟට ආ හැටි | Indranatha Thenuwara (03.05.2026)
+
බඩ ඇතුළේ මියගිය දරු කළලයට පණ දෙන්නම් කියලා සල්ලි ගරපු ‘හොර දොස්තර ගෑණි’ අත්අඩංගුවට (02.05.2026)
+
මෙහෙම රැවටෙන මිනිස්සු ටිකක් අම්මා මුත්තා කාලෙවත් දැකලා නෑ (03.05.2026)
+
CID ආනුරාධ තෙන්නකෝන්ගෙන් විශේෂ අනාවරණයක් – අපිත් 88/89 බැහැලා දේශපාලනේ කරපු අය අපිව බය කරන්න බෑ (04.05.2026)
+
වෑතර මහා විද්‍යාලය අසලදී ගිනිගත් යතුරුපැදිය (04.05.2026)
වෑතර විද්‍යාලය ආසන්නයේදී යතුරුපැදියක් මාර්ගයේ පසෙක නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමත් සමග ගිනි ගැනීමට ලක්වීමෙන් අද(04) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු පිලිස්සුම් තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුලත් කෙරුනා. ගිනිගැනීමත් සමග ලොරි රථය ගිනිගැනීමෙන් බේරාගැනීම සදහා මෙසේ ඉදිරියට ධාවනය කර තිබුනා.
+
රාජගිරිය දෙසින් පැමිණ ඇතුල්කෝට්ටේ මංසන්ධියෙන් පිටකෝට්ටේ දෙසට හරවමින් තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ පොලීසියට අයත් මෝටර් රථයක් මතට පෙරලීයෑමෙන් 28.04.2026 දින පස්වරුවේ සිදුවූ අනතුරකින් ඒ අසල නවතා තිබූ වෑන් රථයකටද හානි සිදුවුනා.
+++
+ https://www.facebook.com/photo?fbid=962009569524753&set=pcb.962015266190850
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴