රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට
රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට
(03.05.2026 – 10:51 +0530 – sinhala.adaderana.lk)
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය.
ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුරගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත.
එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවන්ගෙන් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
+++
+
වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි
(03.05.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)
ජූලි මස පළමුවෙනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැට් අයකිරීම් ජූලි මස පළමුවෙනිදා (01) සිට සිදු කෙරෙනු ඇත.
ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා යන සීමා අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර එය ද ජූලි මස පළමුවෙනිදා (01) සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ බදු අය කළ හැකි කාලසීමව තුළ දී ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සම සේවාවල බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන නවයක් (9) ඉක්මවා තිබිය යුතුය.
එමෙන්ම මූල්‍ය සේව මත වන වැට් බදු සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.
ඩිජිටල් සේවා මත බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම සඳහා විධිවිධාන සලස්වනු ඇත.
+
හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට – තවත් තරුණියකට බරපතලයි
(03.05.2026 – hirunews.lk)
හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අද (03) අළුයම එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් එම නිවසේ නවාතැන් ගෙන සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව තවත් තරුණියක බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සිදුවීම අද (03) අළුයම සිදුව ඇති අතර, අනතුරට මුහුණපා ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් දෙදෙනෙක් (2).
ඔවුන් දෙදෙනා (2) රැකියාව සඳහා කොක්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික නිවසක නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසනවා.

අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ ඉමාෂා මදුභාෂණි නැමැති 26 හැවිරිදි තරුණියක්.
ඇය දෙනියාය, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අනෙක් තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයට තද වැසි සහිත කාලගුණයක් පැවති බවට වාර්තා වූ අතර, හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා ෴
සිංහ ටෝක් දුන්න හර්ෂණ මැරුණා කිව්වා විතරයි දුවගෙන ආවේ (03.05.2026)
+
ආණ්ඩුව දැන් පට්ට බයක ඉන්නේ; වෙව්ලනවා – මෙයාලත් වැඩි කාලයක් නෑ මහත්තයෝ (03.05.2026)
+
සුපිරි වෙළෙඳසලකදී සරසවි සිසුවකුගේ ලැප්ටොප් මල්ල අතුරුදන් කළ සේවිකාවක් අත්අඩංගුවට
(03.05.2026 – hirunews.lk)
කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක ගමන් මලු භාරගන්නා ස්ථානයේ තබන ලද, රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් (2,65,000) පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපාංග සහිත මල්ලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවය කළ සේවිකාවක කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සුපිරි වෙළෙඳසලට පැමිණි පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා ඔහුගේ ගමන් මල්ල අදාල අංශයට භාර දී ඒ සඳහා වන ටෝකන් පත ලබාගෙන ඇති බවත්, පසුව භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව නැවත පැමිණ සිය මල්ල ඉල්ලා සිටියද, එය එහි නොතිබුණු බවට පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
මෙම පැමිණිල්ලට අදාලව සැකකාර සේවිකාව අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අත්අඩංගුවට ගත්තේ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසනවා ෴
‘රංග රාජපක්ෂ’ සීඅයිඩීයට දීපූ ‘ඩිවයිස්’වල මොනවද තිබ්බේ? “තුවාල තියෙද්දි ඇවිදන් ආවා” (03.05.2026)
+
‘හැෂ්’වල මහමොලකාරයා අමිතානන්ද හිමි – මාලිමාවට කැන්වසින් ගියපු අරගල කරපු කෙනෙක් (03.05.2026)
+
බලහත්කාරෙන් ලියා ගත්තු කට උත්තරේ ගැනලු අහන්නේ – මහින්ද මහත්තයා ඔයිට වඩා දේවල්වලට මුහුණ දීලා තියෙනවා (03.05.2026)
+++
නොසිතූ මොහොතක මහින්දට වැටුණු කේස් එක – මහින්දගේ මාධ්‍ය ලේකම් වහාම මාධ්‍ය කැඳවයි (03.05.2026)
+
Clean Sri Lanka රාජ්‍ය පරිපාලනයට රිංගන්න හදනවා – පැලවත්තේ තුන්වෙනි ඇහැ ගැන සජිත්ගේ අනාවරණය (03.05.2026)
+
ඉන්දු-පාකිස්තාන් යුද්ධයක් ආවොත් කොළඹ ඉවරයි? පුබුදුගෙන් ඇග කිළිපොලා යන හෙළිදරව්වක් (03.05.2026)
+
නිලධාරියාව මේ තනතුරට දැම්මේ බලෙන් | මේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි | දයාසිරි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරයි (03.05.2026)
+
කුඩු ගෙනා භික්ෂුන් පිටුපස සිටි මහමොළකරුවන් මෙන්න (03.05.2026)
+
රජයේ ප්‍රධාන තනතුරක සිටින පල්ලේගම හිමියන්ගේ ඥාතියා | නිකරුනේ මඩ ගහන්න එපා (03.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴