දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි මාස 18 වයසැති පුංචි පුතු පොකුණකට වැටී මරුට

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි මාස 18 වයසැති පුංචි පුතු පොකුණකට වැටී මරුට


දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි මාස 18 වයසැති පුංචි පුතු පොකුණකට වැටී මරුට

(11.03.2026 – 13:51 +0530 – sinhala.adaderana.lk)

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි කුඩා දරුවෙකු ඒ අසල තිබූ පොකුණකට ඇඳ වැටීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි එයෝන් ධීසර අවිනාත් නම් මාස 18 වයසැති කුඩා දරුවෙකි.

දරුවාගේ මව ඔහුව දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දී තම රැකියා ස්ථානය වෙත පිටව ගොස් තිබේ.

පසුව අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව විසින් මවට මිද්දෙනිය කාරියමඩිත්ත රෝහල වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.

සිය පුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ තිබූ පොකුණට වැටී මිය ගොස් ඇති බව එහිදී ඇයට දැන ගන්නට ලැබී ඇත.

කෙසේවෙතත් දරුවාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පැහැරහැරි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

+


අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් ගත් කොස්තාපල් කොටුවෙයි

(11.03.2026 – 14:18 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසිනි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අදාළ මුදලින් යතුරුපැදියක් හා සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන ඇති බවද පොලිසිය පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

+


මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අවසන් : තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

(11.03.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද (11) තුන්වැනි (3) දිනටත් අභියාචනා විභාගය පැවති අතර විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් කෙරුණා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා ෴


වෙසක් උත්සවය වැට්ටවීමේ කුමන්ත්‍රණයක් – සිංහල විරෝධී මිනිස්සු මේකේ ඉන්නේ (11.03.2026)

+


නානගේ ළමයි කන්‍යාවියෝ එක්ක ආතල් ගද්දී සලේ ඉන්නවා ෆෑන් එකක්වත් නැතුව (11.03.2026)

+++

සලේව දාලා තියෙන්නේ ටොයිලට් එක ළඟ දඬුවම් කූඩුවක – පත්තර කොලේ උඩ නිදා ගන්නේ – මීයෝ කැරපොත්තෝ මූනේ (11.03.2026)

+++

+


ලාෆ් ගෑස් මිලත් ඉහළට

(11.03.2026 – hirunews.lk)

ලාෆ් ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රීයෙ සිට සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රු. 4,330 ක්ව පැවති 12.5 kg ගෑස් සිලින්ඩරයක් රු. 300 කින් වැඩිකර තිබෙන අතර එහි නව මිල රු. 4,630 ක්.

මේ අතර රු. 1,742 ක්ව පැවති 5 kg ගෑස් සිලින්ඩරයක් රු. 120 වැඩි කර තිබෙන අතර එහි නව මිල රු. 1,862 ක් බවයි එම සමාගම නිවේදනය කළේ ෴

+++

+


අනුරට තෙල් ලිං තිබ්බද නැත්ද අපිට වැඩක් නෑ – විමල් උසාවිය ළඟ ඉඳන් හතර වටේට නෙළයි (11.03.2026)

+


රනිල් හිරේ හිටිය දවස් වගේ 13 න් ගුණයක් දවස් අනුරව හිරේ දාන්න ප්ලෑන් එක දැන්ම හදලා ඉවරයි (11.03.2026)

+


අවුරුදු 76 ටම හරියන්න ආණ්ඩුව ගල් අඟුරු වලින් ගහගත්තා | ගල් අඟුරු කතාවේ තවත් නොදුටු පැත්තක් එළියට (11.03.2026)

+


පංතියට ජනේලෙන් පනින්න ගිහින් | කොළඹ රාජකීය විදුහලේ 11 වසරේ ළමයෙක් ගොඩනැගිල්ලකින් ඇද වැටී අනතුරක (11.03.2026)

+


පා පුවරුවේ ගියා මදිවට ෆෝන් එක ඔබන්න ගත්තා | පාපුවරුවෙන් වැටී මිය ගියා (11.03.2026)

+


වතුර ගහලා පුළුවන් ද තෙල් ගින්නක් නිවන්න
Location – කොටදෙණියාව ඉන්ධන පිරවුම්හල

Thilaka Dayasiri Kumara :
මේ ඉන්ධන පිරවුම් පලේ බයිසිකලය ගිනිගන්නා විට වතුර දාලා නිවන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාමත් භයානක ක්‍රියාවක්. ඒ ගැන කිසිම ආරක්‍ෂක ක්‍රමවේදයක් නොදන්නා සේවකයන් සිටීමද කනගාටුදායකයි.

ඉංජිනේරු විද්‍යාව අනුව බලද්දී පෙට්‍රල් / ඩීසල් වගේ ඉන්ධන ජලයට වඩා සැහැල්ලු (lower density) නිසා ජලය මත පාවෙයි. ඒ නිසා වතුර දාද්දී ගින්න නිවෙන්නෙ නෑ. ඒ වෙනුවට තෙල් ජලය මත පැතිරෙලා ගින්න තවත් විශාල ප්‍රදේශයකට පැතිරෙන්න පුළුවන්.

එවැනි flammable liquid fire (Class B fire) නිවන්න වතුර භාවිතා නොකර Foam extinguisher, Dry Chemical Powder (DCP) extinguisher හෝ CO₂ extinguisher භාවිතා කළ යුතුය. Foam මගින් ඉන්ධන මතුපිට ආවරණය වී ඔක්සිජන් ලැබීම අවහිර කරන අතර DCP / CO₂ extinguisher මගින් combustion reaction එක කඩයි.

ඉංජිනේරු ආරක්ෂණ ප්‍රමිතීන් අනුව ඉන්ධන පිරවුම් පලක අනිවාර්යෙන්ම Foam extinguisher, DCP extinguisher, CO₂ extinguisher වැනි නිසි fire extinguishing උපකරණ තිබිය යුතු අතර ඒවා භාවිතා කිරීමට පුහුණු සේවකයන්ද සිටිය යුතුය.

ඒ නිසා ඉන්ධන ගින්නක් ඇති වූ විට වතුර භාවිතා කිරීම වෙනුවට නිසි fire extinguisher භාවිතා කිරීම තමයි ආරක්ෂිතම සහ විද්‍යාත්මක ක්‍රමය.

+++

Shehan Niyas :
Fire estinguishers have different types of powder in them.

They are classified by the type of fuel they extinguish, labeled A, B, C, D, or K, and identified by color coded labels (often red, cream, blue, black, yellow). Common types include water, foam, dry powder and wet chemical.

  • Water (Red Label) : Best for Class A fires (wood, paper, fabrics).
  • Foam (Cream Label) : Suitable for Class A and B fires (flammable liquids like gasoline or oil).
  • Dry Powder (Blue Label) : Known as “ABC” extinguishers; versatile, but not ideal for enclosed spaces.
  • Carbon Dioxide (Black Label) : Ideal for electrical fires (Class C) and flammable liquids.
  • Wet Chemical (Yellow Label) : Specifically for Class K fires (cooking oils and fats).
  • Water Mist/Spray (White Band) : Modern, versatile, and suitable for Class A and some electrical fires.
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *