විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62 කට අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62 කට අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි


විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62 කට අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි

(10.03.2026 – 20:56 +0530 – sinhala.adaderana.lk)

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04 හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64 න් ඉල්ලීම් 62 ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.

එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා තිබේ.

එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ ෴


අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළට

(10.03.2026 – hirunews.lk)

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,

• රු. 3,690 ක්ව පැවති 12.5kg සිලින්ඩරයක් රු 300 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 3,990 ක්.

• රු. 1,482 ක්ව පැවති 5kg සිලින්ඩරය රු 120 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 1,602 ක්.

• රු. 694 ක් ලෙස පැවති 2.3kg සිලින්ඩරය රු. 56 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 750 ක් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා ෴


මීගමුව සහ කටාන ප්‍රදේශ කිහිපයකට අනිද්දා (12) පැය 16 ක ජල කප්පාදුවක්

(10.03.2026 – hirunews.lk)

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (12) පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පැය 16 ක කාලයක් මීගමුව සහ කටාන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව, මීගමුව මහ නගර සභා බලප්‍රදේශයේ සියලුම ප්‍රදේශවලට සහ කටාන ප්‍රාදේශීය බලප්‍රදේශයේ ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කොන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴


මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව

(10.03.2026 – 13:07 +0530 – sinhala.adaderana.lk)

අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රවිශංඛ සේනානායක මහතා ඒ ගැන කරුණු දැක්වමින් පවසා සිටියේ, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය මෙයට බලපා ඇති බවය.

“මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි.”

බක් මහේ සැමරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන අතර එය නැකැත් චාරිත්‍ර මත පදනම්ව සැමරේ.

සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් අලුත් අවුරුද්ද සඳහා එකම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායයි.

කෙසේවෙතත් මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු නැකත් කමිටුව විසුරුවා හැර ඇති අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුවක් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බව වාර්තා වේ.

+


‘රාජ් හෙන්රි’ගේ වංචාව එළියට ? – හඬ පට සහිතයි (10.03.2026)

+


මේ විදියටම ගියොත්, ලංකාවට මොනවා වෙයිද ? යුද්දෙ දිගටම ගියොත්, ඉස්සරහට තෙල් මිල කීයක් වෙයිද ? (10.03.2026)

+

ඉස්සර කයිවාරු, දැන් #කෙන් අච්චාරු – දුප්පත් ජනයාගේ සල්ලිවලින් ආණ්ඩුවේ හෙලුව වහන්න පුලුවන්ද ? (10.03.2026)

+

සීතා අරඹේපොලගේ සිට මාලිමාවේ අඬන බබා දක්වා (10.03.2026)

+


අනාචාරයේ යන බිරිඳ ඇමතිගේ හයිය අරන් මගේ පුතාව මරල දැම්මා. නිධානයකට ගේම ගහන්න මුන් ගහපු ගේම මෙන්න (10.03.2026)

+


තෙල් මිලේ ඇත්ත ප්‍රශ්ණය කුමක්ද? (10.03.2026)

+


අනුරගේ නියෝග ආණ්ඩුව කිච කරයි (10.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *