*********************************************
රට වටේම සෙවූ කට්ටඩියා හාලිඇල දී අල්ලයි
(08.02.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 15 මාස 10ක් වන බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ සිද්ධියක් හිරු ප්රවෘත්ති ඔස්සේ අප ඊයේ (07) අනාවරණ කළා.
එම අනාවරණයත් සමඟ හාලිඇල, අළුගොල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටි අදාළ සැකකාර කට්ටඩියා සහ එම බාල වයස්කාර දැරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
+++++++
***************************************
(08.02.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
ඊට එක්වූ පක්ෂ නායකයින් එහිදී ගත් තීරණ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.
***************************************
(08.02.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)
මාදම්පේ ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයින් පිරිසක් සහ ටිපර් රථ රියදුරන් පිරිසක් අද පෙරවරුවේ මාදම්පේ පැරණි නගරයේ විරෝධතාවක නිරත වුණා.
ඒ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් ප්‍රදේශවාසීන් මුලාකර විරෝධතා පැවැත්වීමට සැලැස්වීමෙන් තමන් ආර්ථික අපහසුතා රැසකට මුහුණපා ඇති බවට පවසමින්.
මේ අතර මාදම්පේ සුදු වැල්ල ප්‍ර දේශයේ සිදුවන වැලි කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද දිනයේත් විරෝධතාවක නිරතවුණා.
මේ අතර වැලි කැපීමට එරෙහිව පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයේ පැවති සත්‍යග්‍රහය සංවිධානය කල පුද්ගලයෙකු විසින් වැලි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගන්නා බව පැවසෙන වීඩියෝවක්ද අප වෙත ලැබී තිබෙනවා.
***************************************
(08.02.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)
පාරම්පරික ගඩොල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකමින් පොළොන්නරුව ගම්වැසියන් පිරිසක් සිය කර්මාන්තය කරගෙන යාමේ ගැටලුවකට මුහුණ පා සිටිනවා.
මේ පොළොන්නරුව බැඳිවැව මාඔය ගම්මානයයි.
මෙම ගම්මානයේ පවුල් 350කට වැඩි පිරිසක් ගෘහස්ත ගඩොල් කර්මාන්තයේ නියුතුව සිටින්නේ පාරම්පරිකවයි.
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ පිහිටා ඇති මෙම ගම්මානයේ වැසියන් සිය කර්මාන්තයට අවශ්‍ය මැටි අතීතයේ සිට සපයා ගෙන ඇත්තේ පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉස්මත්තෙන්.
මීට වසර කිහිපයකට පෙර ගම්මානය වටා අලි වැටක් ස්ථාපනය කිරීම හේතුවෙන් ගඩොල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය මැටිපස් සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මේ හේතුවෙන් ඔවුනට සිය කර්මාන්තය සදහා සුදුසු පස් වර්ග පෞද්ගලික ටිපර් රථ සහ ට්‍රැක්ටර් මගින් වෙනත් ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට සිදුව තිබෙනවා.
ඒ සදහා අවශ්‍ය බලපත්‍ර ලබාදීම භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් ලබා නොදීමෙන් ඔවුනට සිය කර්මාන්තය කරගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
තම කර්මාන්තය නිසි ලෙස කරගෙන යාමට නොහැකිවීම හේතුවෙන් තමන්ට ජීවත්වීමට ක්‍රමවේදයක් නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.
තම කර්මාන්තයට අවශ්‍ය පස් යාබද පරාක්‍රම සමුද්‍රයේ වැව් ඉස්මත්තෙන් ලබා ගැනීමට නොහැකි නම් පස් සපයා ගැනීමට අවශ්‍ය බලපත්‍ර හෝ ලබාදීමට පියවර ගෙන්නා ලෙස කර්මාන්තකරුවන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
***************************************
(08.02.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)
ගතවූ වසරේදී මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ජිනීවා නුවරදී ප්‍රකාශයට පත්කළ වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අදහස් පළකළා.
***************************************
(08.02.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)
රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව මේ මස 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා.
ඒ ඊට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ කැඳවු අවස්ථාවේදියි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ, සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කරමිනුයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ, නඩුවේ පැමිණිල්ලට අදාළ සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 25 වනදා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළා.
***************************************
(08.02.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වූවා.
ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙසයි වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරෙන්නේ.
ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර ඇත්තේ නාවික හමුදාවේ නව සැලැස්මට අනුවයි.
ගාලු මුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
***************************************
(08.02.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමේ යෝජනාවට අද පඩිපාලක සභාවේ අනුමැතිය හිමිවුණා.
ඒ වතු හාම්පුතුන්ගේ සංගමය, වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වතු කම්කරු කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
පසුගිය අයවැයෙන් යෝජනා කෙරුණු ඊට අදාළව යෝජනාව පසුගියදා අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ යෝජනාවට වතු හාම්පුතුන්ගේ සංගම් වල එකඟතාවක් මීට පෙර පළව තිබුණේ නැහැ.
ඒ අනුව විෂයභාර අමාත්‍යවරයා විසින් සිය බලතල අනුව මේ පිළිබඳව තීරණය කිරීම සඳහා පඩිපාලක සභාවට යොමුකෙරුණා.
ඒ අනුව අද දිනයේ, පඩිපාලක සභාව සහ වෘත්තීය සමිත මෙන්ම, වතු හාම්පුතුන්ගේ නියෝජිතයන් 8 දෙනෙකු බැගින් සහ රජයේ පාර්ශවයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ඇතුලු නියෝජිතයන් 3 දෙනෙකු අතර මෙම සාකච්ඡාව පැවැත්වුණා.
එහිදී ද වතු හාම්පුතුන් විසින් අදාළ යෝජනාවට විරෝධය පළ කිරීම හේතුවෙන් සිය බලතල අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමට වතු පඩිපාලක සභාව පියවර ගනු ලැබුවා.
එහිදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය දීමනා වශයෙන් රුපියල් 100 ක් ලබා දීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් හිමිවූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 8 ක් පමණයි. හාම්පුතුන්ගේ සංගමය නියෝජනය කළ 8 දෙනා එලෙස එම යෝජනාවට විරුද්ධ වී තිබෙනවා.
ඒ අනුව, අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ සම්මත වූ යෝජනාව සතියක් ඇතුළත ගැසට් කිරීමට කටයුතු කරන බවයි.
***************************************
(08.02.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)
කිරි ගොවීන් සඳහා අය වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 05ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දමන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා ෴
***************************************
(08.02.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 2019 ජනවාරි 1 සිට 2020 දෙසැම්බර් 31 දක්වා අතර කාළය තුළ නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවති අපරාධ නඩු 26,749ක් අවසන් කර තිබෙනවා.
එසේ ම නීතිපතිවරයා විසින් පුද්ගලයන් 14,000කට අධි චෝදනා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න පවසනවා ෴
***************************************
(08.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට අමාත්‍ය විමල් වීරවංශට අයිතියක් නොමැති බව එම පක්ෂය අද ප්‍රකාශ කළා.
එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ද එක්ව සිටියා.
***************************************
(08.02.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)
කුවේට්හි රැකියා සඳහා ගොස් අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු පියවරෙන් පියවර සිදුකරන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් ප්‍රකාශ කළා.
විදේශ රැකියාවලට ගොස් කුවේට්හි අතරමංවී සිඟමන් යදින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව, ඔහුගෙන් කළ විමසීමකදී කුවේට තානාපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තානාපති කාර්යාලයේ පුද්ගලයින් රඳවන ආරක්ෂිත නිවස්නයේ මෙලෙස 72 දෙනෙකු රඳවා සිටින බවයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට තානාපති කාර්යාලයට කිසිදු පුද්ගලයෙකුට ඇතුලු වීමට අවසර නොමැති නමුත්, එහි දෛනික රාජකාරි කටයුතු ක්‍රියාත්මකයි.
එමෙන්ම, එරට සිටින ශ්‍රී ලාංකිකයන් තානාපති කාර්යාලයට ඇතුළු වීමට බලපෑම් කරන බව ද ඔහු කියා සිටියා.
එලෙස බලපෑම් කරන්නේ විදේශ පෞද්ගලික ඒජන්සි හරහා රැකියා සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ද සඳහන්.
කුවේට්හි රැකියා සඳහා ගොස් සිටින මුළු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව එක්ලක්ෂ 10,000 ක් පමණ වනවා.
ශ්‍රී ලංකාවට පිටත්ව යාම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව 7000 ක්.
ඉන් 3000ක පමණ මේ වනවිට දිවයිනට එවා ඇති බවද, එහි ශ්‍රී ලංකා තානාපතිවරයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.
එමෙන්ම, පෞද්ගලික ඒජන්සි හරහා පැමිණ වීසා බලපත්‍ර ඉකුත් වී සහ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි නිවැරදිව නොමැති ශ්‍රී ලාංකිකයින් 4600 ක් පමණ සිටින බවයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එරටදී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීම සඳහා එක් පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 18,000 ක් වැය වන බැවින් බොහෝ දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම ප්‍රායෝගික නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව, වීසා බලපත්‍ර නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කර මෙරටට ගෙන්වීම සඳහා දින ගණනක් ගතවනවා.
එම නිසා වීසා බලපත්‍ර නොමැතිව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තානාපති කාර්යාලයට පැමිණ ඒ බව දැනුම් දුන් පසු, ඔවුන් තානාපති කාර්යාලය අසල කලහකාරි ලෙස හැසිරෙන බවයි කුවේට්හි ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඔවුන් පියවරෙන් පියවර ශ්‍රී ලංකාවට ගෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.
***************************************
(08.02.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)
බදුල්ල – පිටමාරුව පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී අතුරුදන්වූ තරුණයා සොයා කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙන්ම, යුද හමුදාවේ සහාය ද එම සෝදිසි මෙහෙයුම් සඳහා ලබා ගෙන ඇති බවයි.
මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා පෙරේදා පැමිණ තිබූ අතර, එහිදී ඔහු අතුරුදන් වී තිබුණා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුතර – මග්ගොන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් ෴
***************************************
(08.02.2021 – 23:26 +0530 – hirunews.lk/sinhala)
හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු TV සලකුණ වැඩසටහනට එක්වෙමින්.
අදාළ උපකරණය මගින් රියදුරාගේ ඛේටය භාවිත කරමින් මෙම පරීක්ෂාව සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිත කර මගීන් ප්‍රවාහන බස් ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවයි.
මත්ද්‍රව්‍ය පාලනය සඳහා සෑම පාසලකම ගුරුවරුන් තිදෙනෙකු මේ වනවිටත් පුහුණුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එමගින් පාසල තුලට මත්ද්‍රව්‍ය පැමිණෙන අයුරු හඳුනාගැනීම සඳහා හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ අනුව ඉදිරියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
@@@@@@@@@@@@@@@
(08.02.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)
තවත් කොරෝනා ආසාදිතයන් 740 දෙනෙකු අද දිනයේදීත් සුවය ලබා පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවූවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 64,141 ක් ලෙස දැක්වෙන බවයි.
දිනකට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කෑගල්ල රෝහලේදීත් හෙට සිට දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 300 බැගින් සිදුකිරීමට පියවර ගන්නා බවයි.
මේ වනවිට දිවයිනේ නන්දෙසින් කොරෝනා වෛරස් ආසාදිතයින් ලෙස දෛනිකව 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවත්, එම සෑම කොරෝනා ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා ෴
තවත් කොරෝනා ආසාදිතයන් 514ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා ෴
+++++++++++++++++
(08.02.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)
හෙට පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා.
සෞඛ්‍ය බලධාරින්ගේ පූර්ණ සහයෝගය ඇතිව ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කාලසීමාවන්හි දී මෙන්ම, නොපවත්වන කාලසීමාවලදී ද සතියකට වරක් මෙම පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
+++++++++++++++++++
(08.02.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නියුක්තව සිටි 59 හැවිරිදි වියේ පසුවූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.
ඔහු පසුගිය 03 වනදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොණරාගල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
එහිදී සිදුකළ PCR පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
තිදරු පියෙකු වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම යාමට ආසන්නව සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.
කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු කොරෝනා මර්දන මාර්ගෝපදේශවලට අනුවයි සිදුකිරීමට නියමිතව ඇත්තේ ෴
++++++++++++++++++++
(08.02.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)
පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබාගන්නා ලද සාම්පල රැසක් රසායනාගාරවල එක්රැස්වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා රසායනාගාරවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ කාර්ය මණ්ඩලවල පවතින ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.ගුණතිලක සඳහන් කළේ ඒ අනුව තාවකාලිකව ප්‍රාදේශීය සභාව දින 21 ක කාලයක් වසා දැමීමට කටයුතු කළ බවයි.
එසේම, ජා ඇල ප්‍රාදේශීය සභාවේ රියදුරන් 05 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එම පිරිස අතරට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ රියදුරාද අයත්.
මේ අතර, පිටබැද්දර ප්‍රදේශයේ පසුගිය 20 වැනිදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පිරිස අතරින් මනාලයා ඇතුළු 09 දෙනෙකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
අදාළ මංගල උත්සවය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකරුට, ඔහුගේ බිරිඳට, සේවකයින් දෙදෙනෙකුට සහ උත්සවයට සහභාගි වූ දෙදෙනෙකුට ද වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.
+++++++++++++++++++++
(08.02.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)
තවත් කොරෝනා අසාදිත මරණ 09ක් වාර්තාවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
+++++++++++++++++++
(08.02.2021 – 21:54 +0530 – hirunews.lk/sinhala)
තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 70,216ක් ලෙසයි.
මේ අතර කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් දින 14 ක කාලයක් සඳහා එම ප්‍රාදේශීය සභාව වසා දැමුණා.
මේ අතර ජා ඇල ප්‍රාදේශීය සභාවේ රියදුරන් 05 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
එම පිරිස අතරට ප්‍රදේශීය සභා සභාපතිවරයාගේ රියදුරාද අයත්.
මේ අතර මොරවක – පිටබැද්දර ප්‍රදේශයේ පසුගිය 20 වැනිදා පැවති විවාහ මංගල උත්සවයකට සහභාගීවූ පිරිස අතරින් මනාලයා ඇතුළු 09 දෙනෙකු කොවිඩ්
ආසාදිත බව හදුනාගෙන තිබෙනවා.
අදාළ මංගල උත්සවය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකරුට, ඔහුගේ බිරිඳට, සේවකයින් දෙදෙනෙකුට සහ උත්සවයට සහභාගීවූ දෙදෙනෙකුට වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.
මේ අතර නිදහස් දින උත්සවයට සහභාගී වී ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි සෙබලුන් 150 දෙනෙකු අතරින් 07 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ වන විට එම කඳවුරට සංචරණ සීමා පනවා ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න මහතා සඳහන් කළා.
මේ අතර මහියංගණය – ගැමුණුපුර ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදතයින් 181 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එම කර්මාන්තශාලාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 560ක් දක්වා ඉහළ ගියා.
මෙම තත්ත්වයත් සමඟ මහියංගනයේ පාසැල්වලට සිසුන් පැමිණිමේ අඩුවීමක් පැවති බව අප වාර්තාකරු සඳහන් කළා
මේ අතර PCR පරීක්ෂණ වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අදහස් පල කළා.
ඒ රුපියල් ලක්ෂ 284ක වියදමින් කෑගල්ල මහ රෝහලේ ස්ථාපිත PCR රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී PCR ධාරිතාව කඩිනමින් 20,000 දක්වා වැඩි කරන බවයි.
මේ අතර සෑම කොවිඩ් ආසාදිතයකුටම ගිලන් ඇඳක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴