“මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා

“මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා


“මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා” – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයේදී අරවින්ද ද සිල්වා

(12.05.2026 – hirunews.lk)

= “මේගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි එදින රෑ කපිල කිව්වා – කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණ සාක්ෂියේදී ඥාති සොයුරු අරවින්ද ද සිල්වා කියයි =

“මම එළියට ඇවිල්ලා දවසයි නේ. මේගොල්ලෝ අයෙත් මාව ඇතුළට දාන්න හදනවා” යැයි කපිල සිද්ධිය වූ දා රාත්‍රියේ දෙවතාවක් ම මා එක්ක කිව්වා යැයි එයාර් බස් ගනුදෙනුවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණ සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සොහොයුරියගේ සැමියා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (12) කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාවේදියි.

මෙම මරණ පරීක්ෂණය අද (12) පස්වරු 02:00 ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවුවා.

මෙම සිද්ධිය විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළා.

ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක් (2) ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල් දෙකක් (2) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එමෙන්ම, සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා ඒ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාල ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කර අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි ප්‍රශ්න කළා.

එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවත් පොලිසිය සඳහන් කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින් “සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පැවසුවේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි.

ඉන් අනතුරුව මෙම ඖෂධ, මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසුවා.

ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම් වලට අධිකරණය විසින් අවසර ලබා දුන්නා.

මෙම සිද්ධියට අදාල මරණ‍ පරීක්ෂණයේදී අද (12) අධිකරණයේදී සාක්ෂි ලබාදුන් අරවින්ද සිල්වා මෙසේ ද පැවසුවා :

“මගේ බිරිඳගේ සහෝදරිය තමයි කපිල බැඳලා හිටියේ. එදා රෑ එයා කිව්වා ‘මම එළියට ඇවිල්ලා දවසයි. මේ ගොල්ලෝ ආයෙත් මාව ඇතුළට දාන්න හදනවා’ කියලා. මම කිව්වා ‘වොරි වෙන්න එපා අපි මේක විසඳා ගමු’ කියලා. ඊට පස්සේ ආයෙත් රෑ නිදාගන්න කාමරේ සූදානම් කරද්දිත් මෙයා ඒකම කිව්වා. එයා හිටියේ දරාගන්න බැරි පීඩනයකින්.”

මෙම මරණ පරීක්ෂණයට පළමු (1) සහ තෙවැනි (3) සාක්ෂිකරුවන් ලෙසින් අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන ‍දෙදෙනා අද (12) සාක්ෂි ලබාදුන්නා.

මෙහි තවත් සාක්ෂිකරුවන් පස් දෙනකු (5) සාක්ෂි ලබාදීමට නියමිත අතර, එම සාක්ෂි කැඳවීම ලබන 14 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය තීරණය කළා.

ඒ අනුව අදට (12) නියමිත මෙම මරණපරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (12) පස්වරු 04:45 ට පමණ අවසන් වුණා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශනය මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙන අතර, ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකු (5) ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඉකුත් (08) වැනිදා උදෑසනයි.

මේ අතර චන්ද්‍රසේන ගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්නගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල (5) විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබුවා.

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස ඉකුත් (08) වැනිදා මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදීයි.

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී 2013 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 02 ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාලව දින 54 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැරුණේ ඉකුත් මැයි 05 වැනිදායි.

ඒ, රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ (3) රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප මතයි.

මෙම ඇප තැන්පත් කිරීමේදී කපිල චන්ද්‍රසේනගේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙදෙනකු (2) ඉදිරිපත් කර ඇති බවට ඉදිරිපත් වූ කරුණු මත කෙසෙල්වත්ත පොලිසිය එම ඇපවලට අත්සන් කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔවුන් දෙදෙනා (2) හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණා.

එසේම, එම ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා (2) හඳුන්වා දුන් බව කියන දෙදෙනක් (2) අද (12) දින කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා (2) ද හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය හේතුවෙන් කපිල චන්ද්‍රසේන අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත භාරයේ තැබීමට නියෝගයක් ලබා දෙන ලෙසත් ඔහුට වරෙන්තු කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කපිල චන්ද්‍රසේනට වරෙන්තු නිකුත් කර තිබුණා ෴


හිස කඳින් වෙන් කළ අම්බලන්තොට ඝාතනය

(12.05.2026 – 10:58 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34 ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු (3) ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව ද වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වෙනිදා ඇප ලබා පැමිණ තිබුණි.

එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


සුරාබදු ඒකකයෙන් මත් කරල් තොගයක් වටලයි – වැටලීමේ සජීවී දර්ශන පෙල මෙන්න (12.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *