ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්
(12.05.2026 – 13:11 +0530 – sinhala.adaderana.lk)
මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පිරීස් පවසයි.
කොළඹදී අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව පිළිබඳව දන්නේ විනිශ්චයකාරතුමා පමණක් වන අතර ඔහුට එය තුන්වන (3) පාර්ශවයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවද මහාචාර්ය ජී.එල්. පිරීස් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම ඉතාම බරපතළ වරදක් වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්.පිරීස් :
“මැයි දිනයේ දී ජනාධිපතිතුමා මහරගම දී සිදු කළ කතාවේ බොහොම පැහැදිලිව එතුමා කිව්වා මැයි 30 අහපු නඩුවේ තීන්දුව ලැබෙනවා කියලා මැයි 25 වෙනිදාට.. ඒත් එක්කම කිව්වා ඒ නඩු තීන්දුව අත්පුඩි ගහලා මහත් හරසරින් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා.. අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එම තීන්දුව දන්නේ එක පුද්ගලයෙකු විතරයි. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා විතරයි.. ඔහුට කිසිම අයිතියක් නෑ ඒ තීන්දුව තුන්වන පාර්ශවයකට කියන්න.. සාකච්ඡා කරන්න පුලුවන්කමකුත් නෑ.. අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීම කියන්නේ ඉතාම බරපතළ වරදක්… එහෙම කරන කෙනෙක්ට ලැබෙන දඬුවම තමා අවුරුද්දක් බන්ධනාගාර ගතවීම.. ඒත් එක්කම අවුරුදු 5 ක කාලයකට ප්‍රජා අයිතිය අහිමි වීම.. ඒ නිසා විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක නායකයින් හා නියෝජිතයින් හැටියට අපි තීරණය කළා අගවිනිසුරුවරයාට සංදේශයක් යොමු කිරීමට.. එතුමාගේ ගෞරවාන්විත අවදානය මේ උග්‍ර ප්‍රශ්නය වෙනුවෙන් යොමු කරන්න කියන ආයාචනය තමා අපි සාමූහිකව කරන්නේ..”
+++
• [ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට යොමුකළ සංදේශය]
Praharaya | 5 වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන (12.05.2026)
+
ලංකා ඉතිහාසයේ වැඩිපුරම බොරු කිව්ව ආණ්ඩුව මේක (13.05.2026)
+
අනුර කුමාර ජනාධිපති වැදි බණ දෙසන්න එපා (13.05.2026)
+
නීතියට ඉහළින් කවුරුවත් නැත්නම් රංජන් ජයලාල් උඩින් ඉන්නේ කොහොමද ? (13.05.2026)
+
ජනපතිගේ කතාවට නාමල් උත්තර දෙයි (13.05.2026)
+
මෙන්න කාලගුණයෙන් විශේෂ පණිවුඩයක් (13.05.2026)
+++
ආපදා කළමනාකරණ නිලධාරීන් වහාම රැස්වෙයි (13.05.2026)
+
උදය ගම්මන්පිල වහාම මාධ්‍ය කැඳවයි – කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන රහසක් හෙලි කරයි (13.05.2026)
+
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅරී (13.05.2026)
+
රු. 35,000 ක අල්ලසක් ගත් පළාත් ආදායම් කාර්යාල සේවකයෙකු අත්අඩංගුවට
(13.05.2026 – 15:09 +0530 – sinhala.adaderana.lk)
ඉඩමක තක්සේරු වාර්තාවක් අඩු වටිනාකමකින් සකස් කර දීම සඳහා රුපියල් 35,000 ක අල්ලස් මුදලක් ලබාගත් පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස් කර ගැනීමේදී, අදාළ ඉඩමේ තක්සේරු වටිනාකම අඩුවෙන් සඳහන් කර දීමට සැකකරු පොරොන්දු වී තිබේ.
ඒ හරහා රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තු අඩු කර දීම සඳහා ඔහු රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
පසුව දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවය මත අල්ලස් මුදල රුපියල් 35,000 ක් දක්වා අඩු කර ඇති අතර, එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට පත්විය.
අද (13) පෙරවරු 09:27 ට පමණ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ එම කාර්යාලයේ සේවය කරන ‘එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර’ නමැති අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි ෴
2026 වසරේ මුල් මාස 5 ට දකුණු කොරියාවෙන් රැකියා දහසක (1000)’දොර ඇරෙයි’
(13.05.2026 – hirunews.lk)
මේ වසරේ ජනවාරි මාසයේ සිට අද (13) දින දක්වා වූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 999 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථාවන් හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරනවා.
මෙම පිරිස අතරට පිරිමි පුද්ගලයන් 923 ක් සහ කාන්තාවන් 76 දෙනෙකු ඇතුළත් බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ.
දකුණු කොරියාවේ නිෂ්පාදන, ධීවර, සේවා සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා මෙම පිරිස යොමුව ඇති අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 725 දෙනෙකු නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි ද එම කාර්යාංශය පවසනවා.
මීට අමතරව ධීවර අංශයේ රැකියා සඳහා 214 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 53 ක් සහ සේවා අංශය සඳහා පුද්ගලයන් 7 දෙනෙකු ද සුදුසුකම් ලබා ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කරනවා.
දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු ඊයේ (12) දිවයිනෙන් පිටත්ව ගිය බවයි එම කාර්යාංශය පවසන්නේ.
ඔවුන් වෙනුවෙන් සංවිධානය කළ අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරුණු අතර, එම පිරිස ඊයේ (12) රාත්‍රියේ UL 470 දරන ගුවන් යානයෙන් කොරියාව බලා පිටත්ව ගිය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මෙම අවස්ථාවට එක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ රැකියාලාභීන් අමතමින් කියා සිටියේ, ලෝක රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට පවතින ඉල්ලුම තීරණය වන්නේ ලාංකික තරුණ තරුණියන්ගේ කාර්යක්ෂමතාව, දක්ශතාවය සහ විනිවිදභාවය මත බවයි.
“මීළඟ පරම්පරාවේ දහස් ගණනකගේ රැකියා අවස්ථා තීරණය වන්නේ අද ඔබ රැකියාවේ නියැලෙන ආකාරය අනුවයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
එසේම විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයන්ට පහසුවෙන් හා ලාභදායී ලෙස විදේශගත වීම සඳහා කාර්යාංශය උපරිම පහසුකම් සලසා ඇති බව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා ෴
වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
(13.05.2026 – 15:45 +0530 – sinhala.adaderana.lk)
මෙවර වෙසක් උත්සව සමයේ සිදුකරනු ලබන විවිධ සැරසිලි සහ දන්සැල් කටයුතු සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සමස්ත ලක්වාසීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මිනිසා, සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය අවධාරණය කරයි.
වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී බහුලව භාවිත වන පහත සඳහන් ද්‍රව්‍ය විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය රජය විසින් නීතියෙන් තහනම් කර ඇත.
තනි භාවිත අයිතම – ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි.
ආහාර ඇසුරුම් – පොලිස්ටියරින් (Lysis/Regiform) ආහාර බහාලුම් සහ පොලිතීන් ලන්ච්ෂීට්.
සැරසිලි ද්‍රව්‍ය – ප්ලාස්ටික් මල්මාලා සහ සියලුම ආකාරයේ පොලිඑතිලින් හෝ පොලිප්‍රොපිලින් සැරසිලි ද්‍රව්‍ය.
2017 සහ 2023 වසරවල නිකුත් කරන ලද අදාළ ගැසට් පත්‍රවලට අනුව, ආගමික හෝ සංස්කෘතික උත්සවවලදී මෙම ද්‍රව්‍ය භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
පොලිතීන් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.
විශේෂයෙන් මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන බවද පෙන්වා දී ඇත.
සියලු සත්ත්වයන්ගේ සුවසෙත උදෙසා කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් සමයේ, පරිසරයට හානි නොවන අයුරින් කටයුතු කිරීම බෞද්ධයන්ගේ වගකීමක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසයි.
හැකි සෑම අවස්ථාවකදීම පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය භාවිත කරන ලෙසත්, යම් හෙයකින් නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුවහොත් ඒවා නිසි පරිදි කළමනාකරණය කර බැහැර කරන ලෙසත් අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴