නායයෑම් ගැන ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්’ (NBRO) දැනුම්දීමක්
නායයෑම් ගැන ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්’ (NBRO) දැනුම්දීමක්
(13.05.2026 – 08:56 +0530 – sinhala.adaderana.lk)
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල, විශේෂයෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ පවසයි.
එම සංවිධානය අවධාරණය කරන්නේ, තද වැසි සමඟ නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ආරක්ෂක උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවය.
ඒ අනුව, නිවාස අවට ඇති කාණු පද්ධති පිරිසිදු කර වැසි ජලය ඉක්මනින් ගලායාමට පහසුකම් සලසන ලෙසත්, නිවසට ඉහළින් පිහිටි බර ගස් සහ අවදානම් සහිත වස්තූන් හැකි තරම් ඉවත් කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.
එසේම, නිවාස පිටුපස උස් පස් කණ්ඩි හරහා වැසි ජලය ගලා නොයන පරිදි ආරක්ෂිත කාණු පද්ධති සකස් කර ගැනීම සහ වහලයෙන් වැටෙන ජලය නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.
නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, සැකසහිත තත්ත්වයන් වාර්තා වුවහොත් වහාම ග්‍රාම නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී.
හදිසි ආපදා තත්ත්වයකදී හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට ඉවත් වීම, අවට ජනතාව දැනුවත් කිරීම සහ අදාළ බලධාරීන්ට වහාම තොරතුරු ලබාදීම ඉතා වැදගත් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

තරුණියන්ගේ ව්‍යාජ ඡායාරූප භාවිත කරමින් සමාජ මාධ්‍යයේ සිදුවන වංචාවක් ගැන දැනුම් දීමක්
(13.05.2026 – hirunews.lk)
තරුණියන්ගේ ව්‍යාජ ඡායාරූප භාවිත කර සමාජ මාධ්‍ය හරහා මුදල් වංචාකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි මේ දිනවල වැඩි වශයෙන් ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ, එලෙස පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුම්වලට සංවේදි ඡායාරූප හෝ වීඩියෝ යැවීමෙන් වළකින ලෙසයි ෴
උසස්පෙළ සිසුන් දෙපිරිසක් ගැටී පස් දෙනෙකු (5) රෝහලේ – තියුණු ආයුධයක් සමග සිසුවෙකු (1) පොලිස් භාරයට
(13.05.2026 – hirunews.lk)
එප්පාවල ප්‍රදේශයේ පාසලක උසස්පෙළ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 5 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
එම ගැටුම සඳහා තියුණු ආයුධයක් පාසලට රැගෙන විත් තිබූ සිසුවෙකු (1) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට දින කීපයකට පෙර එම විද්‍යාලයේ තාක්ෂණ අංශයේ සිසුවෙකු සහ ජීව විද්‍යා අංශයේ සිසුවෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඊට පලිගැනීමක් ලෙස ජීව විද්‍යා අංශයේ සිසුවා විසින් අද (13) දිනයේ පාසලට තියුණු ආයුධයක් රැගෙනවිත් මෙම ගැටුම ඇති කර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී තාක්ෂණ අංශයේ සිසුවාට තුවාල සිදු වී ඇති අතර ගැටුම බේරීම සදහා පැමිණි තවත් සිසුන් සිව් දෙනෙකු (4) ද රෝහල්ගත කෙරුණා.
කෙසේ වෙතත්, මෙම සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ ෴
රු. කෝටි 7 ක මැණික් හා රන් බඩු සොරාගත් අයෙක් දැලේ
(13.05.2026 – hirunews.lk)
රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවෙසකට ඇතුළු වී තියුණු ආයුධ පෙන්වා නිවැසියන් බියගන්වා කොල්ලකන ලද රුපියල් කෝටි හතකට (7) අධික වටිනාකමකින් යුත් මැණික් ගල් සහ රන් භාණ්ඩ තොගයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසනවා.
මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ ඉකුත් 11 වැනිදා රාත්‍රියේ බව පොලිසිය පවසනවා.
එම නිවෙසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි ව්‍යාපාරිකයාගේ මව සහ සොහොයුරිය බියගන්වා, රුපියල් කෝටි හතක් (7) වටිනා මැණික් ගල්, රුපියල් ලක්ෂ 20 ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්ෂ අනූ පන්දහසක (195,000) මුදලක් කොල්ලකා පළා ගොස් තිබූ බවට පැමිණිල්ලක් ලද බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ රත්නපුර පොලිසිය, ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කරමින් සැකකරු හඳුනා ගැනීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද දේපළ පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් හෙළි වූ තොරතුරු මත කොල්ලකන ලද මැණික් ගල් තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් අතර, රන් භාණ්ඩ තොගය සැකකරු සන්තකයේ තිබියදී පොලිස් භාරයට ගෙන තිබූණා.
මීට අමතරව කොල්ලකන ලද මුදලින් රුපියල් 52,000 ක මුදලක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (13) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴