හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි


හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

(12.05.2026 – hirunews.lk)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව අද (12) පෙරවරුවේ එහි පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දී අල්ලස් කොමිසමෙන් පිටව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි හිටපු ජනපතිවරයා අද (12) දිනයේ කැඳවා තිබුණේ.

මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක (2) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබෙනවා.

එහිදී රුපියල් මිලියන 60 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී (3) ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබුණා.

මේ අතර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ද ඊයේ (11) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා ෴

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු අමාත්‍යවරයා මෙම කොමිසම වෙත පැමිණියේ ෴

+++

කපිල දිවුරුම් ප්‍රකාශය දෙන්නේ නැතුව මිය ගියානම් අද රාජපක්ෂවරු ඔක්කොම හිරේ දාලා (12.05.2026)

+++

මොන සුජාතද..? පරණ ජෙවීපියම තමයි මේ | තවත් ඉවසනවද..? දැන්වත් නැගිටිනවද..? | දුමින්ද රටේම ජනතාවගෙන් අහයි (12.05.2026)

+


කපිල චන්ද්‍රසේනට කුලියට ඇපකරුවන් සැපයූ දෙදෙනා (2) ‍රිමාන්ඩ්

(12.05.2026 – hirunews.lk)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට කුලී පදනමින් දෙදෙනෙකු (2) සම්බන්ධ කරදුන් බව කියන පුද්ගලයන් දෙදෙනා (2) හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (12) නියෝග කළා.

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා (2) සම්බන්ධීකරණය කළ මැදිහත්කරු ලෙස කටයුතු කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙක් සහ තවත් අයෙක් (1) මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.

කපිල චන්ද්‍රසේන වෙනුවෙන්, රුපියල් මිලියන සියයක (100) ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ මෙම පුද්ගලයින් දෙදෙනා (2) හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉකුත් (06) වැනිදා නියෝග නිකුත් කර තිබුණේ ෴


තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන් 23 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(12.05.2026 – hirunews.lk)

තායිලන්තයේ සිට රුපියල් කෝටි ගණනක් වටිනා ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චීවරධාරීන් 23 දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර අද (12) නියෝග කළා.

ඉකුත් අප්‍රේල් මස 26 වැනිදා තායිලන්තයේ සිට මෙරටට පැමිණි චීවරධාරීන් 22 දෙදෙනෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඒවායේ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ රුපියල් කෝටි 110 ක් වටිනා කිලෝග්‍රෑම් 110 කට අධික ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබුණා.

පසුව මෙම ජාවාරමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ ‘අඟුණකොළේ අමිතානන්ද’ නමැති චීවරධාරියා ද අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර චීවරධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉකුත්දා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී විමර්ශන මෙහෙයවන පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ගිහි පුද්ගලයකු වන ‘චන්ද්‍රකුමාර දයාරත්න’ නමැත්තා ද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි.

ඒ අනුව එම සැකකරුද අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාලව දැනට අත්අඩංගුවට ගෙන නොමැති චීවරධාරින් දෙදෙනකුට (2) විදෙස් ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+++

+


විදුලි බිල වැඩි කළ වංචා දෙක මෙන්න – කුමාර ජයකොඩිගේ පොහොර වංචාව මුල සිට අගට (11.05.2026)

+


සයිබර් අපරාධවලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් පිරිසක් ගාල්ලේ දී අත්අඩංගුවට

(12.05.2026 – 12:15 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 21 ත් 47 ත් අතර වයස්වල පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයින් බවද සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10 ක්, ජංගම දුරකථන 32 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


උණ රෝගයක් හේතුවෙන් වසා දැමුණු දෙනියායේ පාසල් හෙට සිට නැවත ඇරඹෙයි

(12.05.2026 – 06:59 +0530 – sinhala.adaderana.lk)

උණරෝගයක් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ සඳහන් කළේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවය.

පාසල් ළමුන් අතර උණ රෝගී තත්ත්වයක් පැතිර යාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4 ක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට තාවකාලිකව වසා දැමුණි.

එම පාසල්වල ළමුන් 56 දෙනෙකු පමණ මෙම උණ රෝගී තත්ත්වයට ලක්ව සිටි බව ද සෞඛ්‍ය අංශ සදහන් කළේය.

අදාළ පාසල්වල සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් මේ වන විට නිර්මාණය කර ඇති අතර ජලය භාවිතා කිරීමේ දී වැඩි අවධානයක් යොමුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය ෴


ගාල්ලේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි

(12.05.2026 – hirunews.lk)

ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේ අද (12) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

ඒ දඩල්ල ප්‍රදේශයේ සොහොන්බිමක් අසළ දමා ගොස් තිබියදීයි.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන්මියගොස් ඇත්තේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මුදල් පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකු බවද පොලිසිය පැවසුවා.

පොලිසිය සැකකරන්නේ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි ෴


ගල් අඟුරු කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් – සජබ ප්‍රබලයෝ ‘ගේමට එන්ටර්’ වෙයි (12.05.2026)

+


මාස තුනේ තීන්දු එනවා කියූ ටිල්වින්ට පාඨලීගෙන් ප්‍රහාරයක් (12.05.2026)

+


අදත් සමහරු රතිඤ්ඤා පත්තු කරන්න බලන් හිටියේ | තාත්තව අල්ලස් කොමිසමට ගෙන්වපු එකට පුතා කියපු දේ (12.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *