දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට

දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට


දකුණේ තැන් තුනකින් (3) සයිබර් අපරාධවලට විදේශිකයෝ 198 ක් අත්අඩංගුවට

(12.05.2026 – 06:59 +0530 – sinhala.adaderana.lk)

දකුණු පළාතේ ස්ථාන තුනකින් පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මිදිගම, හික්කඩුව සහ ගාල්ලෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිස 174 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වේ. නේපාල ජාතිකයින් 25 දෙනෙකුට අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

ඊයේ (11) රාත්‍රී මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි 33 දෙනෙකු අත්අඩංගුවට ‍ගෙන තිබු අතර, ඉන් 28 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර, 05 දෙනෙකු නේපාල ජාතිකයින් වේ.

ඔවුන් අවුරුදු 25 ත් 35 අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් වේ.

මෙම සැකකරුවන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගැනීම හා පරිගණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදුකිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මිදිගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හික්කඩුව ප්‍රදේශයෙන් සහ තවත් ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු ගාල්ලෙන් අත්අඩංගුවට ගෙන තිබුණි ෴


මල්වාන පරදන කඩවත සුපිරි මන්දිරයක්.. දැනටමත් පොලිස් ආරක්‍ෂාව.. හිමිකරු ඇමතිවරයෙකුට වඩා බලවත් ඩබල් පොකට් ලොක්කෙක්…

(11.05.2026 – lankacnews.com)

මල්වානේ ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත ප්‍රදේශයේ පවතින බවත්, එවැනි ඇමතිවරුන්ට අයත් රහස් නිවාස තවත් 35 ක් පමණ අනාවරණය කර ගැනීමට ඇති බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, කඩවත ප්‍රදේශයේ පිහිටි මෙම මන්දිරය සඳහා මේ වන විටත් පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි.

මෙම නිවාස ඉදිකිරීම සඳහා මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් කවුරුන්ද යන්න සහ ඒ වෙනුවෙන් ඔවුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳව සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරියේදී රටට හෙළි කරන බව ද ඔහු පැවසීය.

මෙම මන්දිරයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඉඟියක් ලබා දෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා කියා සිටියේ, මෙහි හිමිකරු සාමාන්‍ය ඇමතිවරයකුට වඩා ඉහළ තනතුරක් දරන, රටේ ප්‍රධාන පුරවැසියෙකු ලෙස සැලකිය හැකි අයෙකු බවයි.

එමෙන්ම මොහු ‘ඩබල් පොකට්’ සහිත කමිස අඳින රජයේ ප්‍රබලයෙකු බවත්, ඔහු ඇතැම් දිනවල පෑලියගොඩ ප්‍රදේශයේත් තවත් දිනවල කඩවත පිහිටි මෙම නිවසේත් රැඳී සිටින බවත් ඔහු අනාවරණය කළේය.

පසුගිය වසර එකහමාරක (1½) කාලය තුළ රටේ භාණ්ඩාගාරය මංකොල්ලකමින් සිදු කළ විවිධ අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී චෝදනා එල්ල විය.

විශේෂයෙන්ම බාල ගල් අඟුරු ගෙන්වීම, වැඩි මිලට තෙල් මිලදී ගැනීම සහ කන්ටේනර් මගින් සිදු කළ ජාවාරම් හරහා උපයා ගත් ධනය මෙවැනි මන්දිර තැනීමට යොදවා ඇති බවට ඔහු චෝදනා කළේය.

මෙම දූෂිත ගනුදෙනු හා සම්බන්ධ සියලු දෙනාට ඉදිරියේදී හැංගෙන්නට තැන් නැති වන බවත්, ඉතා ඉක්මනින් මෙම නිවාස පිහිටි ස්ථාන වෙත ගොස් ඒවා මහජනයාට නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴


ගාල්ලේ වෙඩි තැබීමක්

(12.05.2026 – 07:59 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (12) උදෑසන 07:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++

+


මලිමාවේ තවත් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙන්න නියමිතයි | ජී.එල්ගේ නිවසට හදිසියේ රැස්වුණු විපක්ෂයේ ප්‍රභලයෝ (12.05.2026)

+


හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට පැමිණෙයි

(11.05.2026 – hirunews.lk)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට එම කොමිසමට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි.

මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක (2) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනට අල්ලස් කොමිසම නඩුවක් ගොනුකර තිබෙනවා.

එහිදී රුපියල් මිලියන 60 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී (3) ලබාදුන් බවට කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යැයි අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබුණා.

මේ අතර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ ද ඊයේ (10) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

+++

+++

+++

+++

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට – ජන ඟගක් කොමිසම ළඟ පිරෙයි – උණුසුම් තත්ත්වයක් – සජීවී විකාශය (12.05.2026)

+++

+++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *