රුපියල් බිලියන 10 ක් පමණ වන මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිත යාත්‍රා 2 ගැන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

රුපියල් බිලියන 10 ක් පමණ වන මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිත යාත්‍රා 2 ගැන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්


රුපියල් බිලියන 10 ක් පමණ වන මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිත යාත්‍රා 2 ගැන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

(12.03.2026 – 14:17 +0530 – sinhala.adaderana.lk)

දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග යාත්‍රා කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා 2 අද (12) දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඒවා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එක්විය.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා :

“මේ ඔබ දකින්නේ ඉතාම හොඳන් සැලසුම් කරන ලද සහ දින ගණනාවක් මුහුදේ ආවේක්ෂණ කටයුතු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵල. ඒක එක රැයකින් කරපු දෙයක් නෙමෙයි. දේශීය මෙන්ම විදේශීය ආයතනවල සහාය ඇතුව කරපු දෙයක්. මත්ද්‍රව්‍ය, ගිනිඅවි, චන්ද්‍රිකා දුරකථන සහිත ධීවර යාත්‍රා 2 ක්. මේකේ අරමුණ මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.”

එහි තිබී ‘හෙරොයින්’ සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 600 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ක් පමණ වන බව වාර්තා වෙයි.

එමෙන්ම එම යාත්‍රාවේම තිබී පිස්තෝල ගිනිඅවි 8 ක්, ඒවාට යොදන මැගසින්, T56 ගිනිඅවි 2 ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් (1) ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අදාළ ධීවර යාත්‍රා දෙකෙහි (2) සිටි සැකකරුවන් 10 දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගැනුණි.

නාවික හමුදාව විසින් මේ වසරේ මේ දක්වා සිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවටද පැවසෙයි.

+


ජපානය මේක දැනගත්තොත්…?? ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලේ හිටපු සාමාජිකයෙක් විදිහටමම මේක කියන්නේ කණගාටුවෙන් (11.03.2026)

+


රෝගීන් කෑ ගහද්දීත් සමහරු කෝල්ස්වල | ගාල්ල ජාතික රෝහලේ හෙදියන්ගේ කැත වැඩ ජර්මන් හෙදියක් හෙළිකරයි (12.03.2026)

+


“ගීතයක අයිතිය ගැන තර්ක කරල වැඩක් නෑ. හැබැයි පාර්ශව තුනටම මුදල් බෙදෙන ක්‍රමයක් හදාගන්න ඕනෙ” (12.03.2026)

+


+


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

(12.03.2026 – hirunews.lk)

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරු අද (12) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිල දී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳ නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු විධායක නිලධාරීවරයා අද (12) අත්අඩංගුවට ගැනුණා.

එහිදී, European Aeronautic Defense and Space Company නම් සමාගම වෙතින් යුරෝ 1,454,645.54 ක මුදලක් ලබාගෙන තමාගේ ඔස්ට්‍රේලියාවේ කොමන් වෙල්ත් බැංකුවේ ගිණුමකට සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ එවකට අධ්‍යක්ෂවරයෙකු ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත එම අල්ලස් මුදල් ලබාදීමට කටයුතු කිරීමේ චෝදනා ඔහුට එල්ල වූ බවයි අල්ලස් කොමිසම නිවේදනය කළේ.

+++

+


RMV නිලධාරියෙක් සහ හිටපු නිලධාරීන් තුනක් (3) රිමාන්ඩ්

(12.03.2026 – hirunews.lk)

ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයකු ඇතුලු එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිව්දෙනක් මාර්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදගරම අද (12) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද (12) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද සහ දැනට සේවය කරනු ලබන නිලධාරීන් 04 දෙනෙකු අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සහකාර අධ්‍යක්‍ෂක නීති අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණයට සඳහන් කර සිටියේ ලේඛන මඟින් මෙරටට ගෙන්වු මෝටර් රථයක් අනිතීක ලෙස මොටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කර බදු නොගෙවා එම රථය පාවිච්චි කිරිමෙන් රේගුවට ලැබිය යුතු රුපියල් 1,17,00,000 අධික මුදලක් රජයට පාඩු කිරිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම තවදුරටත් සඳහන් කර සිටියේ,
අනායනය කරන මෝටර් රථ විශේෂයෙන්ම මෝටර් රථ ෂෝ වලට තබා පසුව එම මෝටර් රථ මිළ දී ගැනිමේදී ශ්‍රි ලංකා රේගුවට නිසි බදු මුදල් ගෙවා එම රථ වාහන මෝටර්රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම මෙලෙස සඳහන් කළා :

මෙම රථය 2012 වර්ෂයේදි මෙරටට ගෙන්වා තිබෙනවා. පසුව පළමු සහ දෙවන සැකකරුවන් විසින් ලබා ගෙන තිබෙනවා. ලේඛන ඔස්සේ ගෙන් වන රථ වලට වෙනත් චැසි අංකයක් තිබෙනවා. මෙම දෙවන සහ පළමු සැකකරුවන් විසින් මෙම රථය 2012 සිට 2023 දක්වා පාවිච්චි කොට 2023 වර්ෂයේදි මෙම රථයේ චැසි අංකය වෙනත් අනතුරට ලක්වු රථයක චැසි අංකයකට වෙනස් කර තිබෙනවා. පසුව මෙම වාහනයේ පාට වෙනස් කිරිම සිදුකරලා. කිසිදු නිවැරදි භාවයක් නොසලකා සහ කිසිදු නිරික්ෂණක් නොසලකා පාට මරු කිරිම සම්බන්ධයෙන් ලේඛන සුදානම් කොට දී ඇති බැවින් මෝටර් රථ දෙපාර්තමේන්තුවට කිසිදු ගාස්තුවක් ලබා දී නැහැ. තුන්වන සැකකාරිය නාරාහේන්පිට මොටර් රථ දෙපාර්තමේන්තුවේ අංක බාර නිලධාරියා. හතරවන සැකකරු වාහන පරික්ෂණයට ලක් කරන නිලධාරියා, පස්වන සැකකාරිය විසින් එම ලේඛන වේරහැරට යොමු කරන නිලධාරියා, පළමු සහ දෙවන සැකකරුවන් ඔවුන්ගේ නිවැස් අතහැර පැන ගොස් තිබෙනවා.

ස්වාමීනි, මෙම සැකකරුවන් විසින් මෙම රථය අනිතීක ලෙස මිලදි ගෙන ඇති බැවින් තවදුරටත් විමර්ශන සිදු කිරිමට අවශ්‍යව තිබෙනවා. මෙම සැකකරුවන් සාක්ෂි වසන් කිරිමට තැත් කළ හැකියි. එම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා.

සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ අත පසුවිමකින් මෙලෙස කිසිදු කටයුත්තක් වූ බවට පිලිගැනිමට නොහැකිබවත් , සැකකරුවන්ට ඇප ලබා දිමට නොහැකි බැවින් මාර්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා ෴


විනිමය පනතේ දුර්වලතා හමුවේ ‘ක්‍රිප්ටෝ කරන්සි’ හරහා මුදල් පිටරට ගිහින් ද? අධිකරණය මහ බැංකුවෙන් වාර්තා ඉල්ලයි

(12.03.2026 – hirunews.lk)

විදෙස් විනිමය පනතේ තිබෙන හිඩැස් හේතුවෙන් ‘ක්‍රිප්ටෝ කරන්සි’ හරහා මෙරට මුදල් විදෙස් රටවලට ගලාගෙන යන බව අධිකරණයට නිරීක්ෂණය වන බැවින් එය වැළැක්වීමට වහා පියවර ගෙන ඊට අදාල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට අද (12) නියෝග කළා.

මහ බැංකුවේ කිසිදු අනුදැනුමක් නොමැතිව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන මෙම ‘ක්‍රිප්ටෝ කරන්සි’ ජාවාරම සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු අවබෝධයක් නොමැති බවත් මෙවැනි සිද්ධින් නොනවත්වා දිනෙන් දින අධිකරණයට වාර්තා වන අයුරු නිරීක්ෂණය වන බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

එම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අධිකරණයට පමණක් සීමා වී ඇති බවද මහේස්ත්‍රාත්වරයා අධිකණයට දැන්වුවා.

මෙම ‘අත්‍යන්ත මුදල්’ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව කළ යුතු බවද ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.

එසේම මෙම සිද්ධියට අදාලව පවතින විදේශ විනිමය පනතේහි තිබෙන හිඩැස් ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් මෙලෙස මුදල් වංචා කිරීමට පෙළඹි ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහ බැංකුව දැනුවත් වි ක්‍රියා කළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.

මහේස්ත්‍රාත්වරයා ඒ බව කියා සිටියේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක සිදුව ඇති රු. මිලියන 290 ක වංචාවකට අදාළව එහි සැකකරුවන් විසින් ‘බයිනෑන්ස් ගිණුම්’ හරහා ‘ක්‍රිප්ටෝ කරන්සි’ ඔස්සේ ජනතාව සතු මුදල් වංචා සහගතව ලබා ගැනීමේ සිද්ධියකට අදාල නඩුව අද (12) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.

මෙසේ රු. මිලියන 290 ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම සිද්ධිය සමාන්‍ය සිද්ධියක් නොවන බවත් මෙවැනි ‘බයිනෑන්ස්’ හරහා සිදු කරනු ලබන වංචා සියල්ල වළක්වාලිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ක්‍රියා කළ යුතු බව දන්වමින් මහේස්ත්‍රාත්වරයා පෙර නඩු දිනයේදී ද නියෝග කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම පෞද්ගලික බැංකුවට අදාල සිද්ධිය සම්බන්ධයෙන් මාස තුනක් (3) තිස්සේ කරුණු වාර්තා කරමින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් නොව මෙම සිද්ධියට අදාල සියලු තොරතුරු සොයා විමර්ශනය කඩිනමින් අවසන් කළ යුතු බවයි.

සාමාන්‍ය ජීවිතේ ගෑස් හොරකම් කරනවා වගේ සිද්ධියක් නෙවෙයි ජනතාවගේ මුදල් මෙලෙස ‘බයිනෑන්ස් ගිණුම්’ හරහා වංචා කිරීම. එය නවතාලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු බවද පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

සිද්ධියට අදාලව සැකකරුවන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබුණා ෴


මාස 02 ට මී උණ රෝගීන් 1,800 ක්

(12.03.2026 – hirunews.lk)

2026 වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800 ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ෴


අනුර ඔයා ඔය පුටුවෙන් බැහැලා යන්න – මුජිබර් මාධ්‍ය හමුවේ ආණ්ඩුවේ සායම යවයි (12.03.2026)

+


ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාව ලබන මස සිට

(12.03.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන මස සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

රුපියල් මිලියන 430.7 ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන සේවාවක් පමණක් නොව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මගින් දැනටමත් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් ජනතා සුබසාධන ව්‍යාපෘති මාලාවේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

පොදු ප්‍රවාහන පද්ධතිය තුළ පවතින භෞතික බාධක ඉවත් කර, ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීනව සහ සුරක්ෂිතව සමාජගත වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි මූලික අරමුණයි.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ බස් රථ 10 ක් පසුගිය 10 වැනිදා හම්බන්තොට වරාය වෙත ගෙනවිත් තිබෙනවා.

මෙම බස් රථ ලබන සෙනසුරාදා කොළඹට රැගෙන ඒමෙන් පසු මෙට්‍රෝ සමාගම වෙත නිල වශයෙන් භාර දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ආසන 33 කින් සමන්විත මෙම එක් බස් රථයක මගීන් 80 දෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර, රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂිත තාක්ෂණික අංගවලින්ද මේවා සමන්විතයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙනවා.

ඒ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත්, මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු සහ පස්වරු කාල සීමාවන්හිදී සෑම මිනිත්තු 40 කට වරක් මෙම බස් රථ ධාවනය කෙරෙන බව සඳහන්.

විශේෂයෙන් මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය මධ්‍යස්ථාන සෘජුවම ආවරණය වන පරිදි ධාවන කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙම බස් රථ සේවාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් සහ කොන්දොස්තවරුන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර, සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබා දෙන මෙම පුහුණුවට බස් රථ තාක්ෂණය සහ මගී ආරක්ෂාව, වෘත්තීය ආචාරධර්ම සහ මගී සත්කාර, ආබාධ සහිත මගීන් සමඟ සන්නිවේදනය සඳහා වන සංඥා භාෂාව පිළිබඳ පුහුණුව ඇතුළත් වනු ඇති.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, ලබන අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100 ක් මෙරටට ගෙන්වා ආබාධ සහිත තැනැත්තන් සහ සාමාන්‍ය මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මීට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් බස් නැවතුම්පොළවල්ද ආබාධ සහිත තැනැත්තන්ට හිතකර ප්‍රවේශ ප්‍රමිතිය සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *