හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය තියන්න : දයාන් ජයතිලක

හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය තියන්න : දයාන් ජයතිලක


හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය තියන්න : දයාන් ජයතිලක

(13.02.2026 – hirunews.lk)

උතුරු හා නැගෙනහිර පළාත්වලින් හමුදාවේ සංඛ්‍යාව අඩු කිරීමට සහ හමුදාව සීමා කිරීමට ගෙන ඇති තීරණය වහාම නවත්වන ලෙසට තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු තානාපතිවරයෙකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක සඳහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) සවස කොළඹදී පැවැති හිටපු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් විසින් රචනා කරන ලද (The Sri Lanka Peace Process) ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ One Text ආයතනය විසින්.

මෙහිදී අදහස් දක්වමින් දයාන් ජයතිලක ප්‍රකාශ කළේ කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු වුවද එය සිදු නොකර කඩිනමින් උතුරු නැගෙනහිර හමුදාවන් සීමා කිරීමට තීරණය කර ඇති බවත් එය ඉතා බරපතල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාන් ජයතිලක මෙසේද ප්‍රකාශ කළා :

“මේ අවස්ථාවේදී සියලුම දේශපාලන පක්ෂ, බලවේග එකතුවෙලා කළ යුත්තේ කඩිනමින්ම පළාත් සභා ඡන්දය රටපුරා පැවැත්වීම. එසේ නොකළ හොත් 1984 ට පෙර තිබුණු තත්ත්වයට රට යන්න පුළුවන්. යළිත් බෙදුම්වාදී බලවේග අනිවාර්යයෙන්ම හිස ඔසවන්න පුළුවන්. උතුරු නැගෙනහිර එවැනි තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. මොකද එවැනි තත්ත්වයක් ඉතිහාසයේ තිබුණු නිසා.

2009 වසරෙන් පසුව යළිත් කළු කොඩි ඔසවලා කළු ඇඳුම් ඇදගෙන තරුණයින් බෙදුම්වාදය වෙනුවෙන් යළිත් විරෝධා දක්වනවා. උතුරු නැගෙනහිර පෙළපාලි යනවා. මෙය යහපත් තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න ඕන.

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන. නැත්නම් වෙන්නේ මධ්‍යස්ථ දෙමළ බලවේගවලට තිබුණු අවස්ථාව නැතිවෙලා එය නැවත බෙදුම්වාදී බලවේග විසින් ලබා ගැනීමට ඉඩ තිබෙනවා . මේ තත්ත්වය වහාම තේරුම් ගත යුතුයි.

උතුරු නැගෙනහිර හමුදාව සීමා කිරීමට තීරණය කරයි කියලා උතුරු නැගෙනහිර තරුණයින් පෙළපාලි යන එක විරෝධතා දක්වන එක නැවැත්තුවේ නැහැ.

එහෙනම් ඒ ඉවත් කිරීම ඒ සීමා කිරීම හොඳ දෙයක් කියලා ඔවුන් පෙළපාළි යන්නැතුව ඉන්නට තිබුණා. ඒක එහෙම වෙලා නෑ. මේ තත්ත්වය ගැනත් අපි ඉතා බැරෑරුම්ව තේරුම් ගත යුතුයි.

ඒක නිසා පළාත් සභා ඡන්දය කඩනමින් පැවැත්වීම තමයි ඉතාම හොඳම තීරණය. ඒ හරහා මධ්‍යස්ථ දෙමළ ජනතාවට අවස්ථාව ලබා දෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට කටයුතු කිරීමට. ඒ වගේම පළාත් සභා තුළින් මේ ගැටලුවට උපරිම විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙනවා. එය තවදුරටත් අවශ්‍ය නම් සාකච්ඡා කරන්න පුළුවන්.

සාම සාකච්ඡාවලදී නව ලිබරල්වාදී මතවාදය අසාර්ථක වුණා. ඒ වගේම අන්තවාදී ජාතිවාදී පදනමෙන් සිදු කෙරුණු දේත් අසාර්ථක වුණා.

මධ්‍යස්ථ, සම්භාව්‍ය යථාර්ථවාදී ක්‍රමයකට සාකච්ඡා කිරීමට අවස්ථාවකුත් තියෙනවා. මේ සියලුම කරුණු ගැන අවධානය යොමු කළ යුතුයි. නැවතත් මා යෝජනා කරන්නේ ඉතා කඩනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුමයි කියලා” ෴


විදේශ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

(13.02.2026 – hirunews.lk)

මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවක හැර මෙරට නේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව මහ බැංකුව අවධාරණය කරනවා.

ශ්‍රී ලාංකිකයින් මෙරටදී සිදුකරනු ලබන ගනුදෙනුවලදී රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන බවට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකා මුදල් විදේශ මුදල් බවට පරිවර්තනය කරමින් විද්‍යූත් කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් ද ඇතුළුව දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම් විදේශ ගිණුමකට බැරකරවා ගැනීම හරහා කිසිදු අවසරයක් ලබාදී නොමැති බවට ද මහ බැංකුව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවැනි ආකාරයේ වරදක් සිදුකරනු ලබන ඕනෑම තැනැත්තෙකුට රු. මිලියන 25 කට නොවැඩි දඩයක් වසර තුනකට (3) නොවැඩි බරපතල හෝ ලිහිල් සිර දඬුවමක් හෝ ඉහත කී දඬුවම් දෙකම (2) නීතිමය කටයුතුවලින් අනතුරුව ලබාදිය හැකි බව ද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා ෴


2026 වර්ෂයේ පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර අදින් (13) අවසන්

(13.02.2026 – hirunews.lk)

2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර අවසන් කිරීම සහ තෙවන (3) අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පාසල් වාර සටහන පහත පරිදි වනු ඇති :

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර අදින් (13) අවසන්.

නැවත පාසල් ආරම්භ වන දින ලෙස සිංහල හා දෙමළ පාසල් පළමු (1) පාසල් වාරයේ තෙවන (3) අදියර 2026 මාර්තු මස 03 වනදා අඟහරුවාදා දින ආරම්භ වේ.

එමෙන්ම, මුස්ලිම් පාසල් පළමු (1) පාසල් වාරයේ තෙවන (3) අදියර 2026 මාර්තු මස 23 වනදා සඳුදා දින ආරම්භ වේ.

මේ අනුව, සිංහල සහ දෙමළ පාසල් සඳහා සති දෙකකට (2) ආසන්න නිවාඩු කාලයක් හිමිවන අතර, මුස්ලිම් පාසල් සඳහා මාර්තු මස අග භාගය වන තෙක් නිවාඩු කාලය දීර්ඝ වනු ඇති ෴


රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(13.02.2026 – 18:17 +0530 – sinhala.adaderana.lk)

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ තරුණයින් දෙදෙනෙකු (2) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර නගරයේ වීසා උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන් මෙම මුදල් වංචා කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය.

සැකකරුවන් විසින් ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාගෙන ඔහුට පොරොන්දු වූ පරිදි එම රැකියා ලබා නොදුන් බවට කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයේ වැටලීමක් සිදුකර තිබු අතර එහිදි එම ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙම වංචනික ආයතනය පවත්වාගෙන ගිය ගම්පොල හා තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු (2) එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ගිවිසුම් 7 ක්, විදේශ ගමන් බලපත්‍ර 5 ක්, මුදල් කුවිතාන්සි පොත් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය ෴


පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

(13.02.2026 – 16:29 +0530 – sinhala.adaderana.lk)

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු. 3000 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එහි වලංගු කාලය පෙබරවාරි 28 වන දින දක්වා දීර්ඝ කර තිබේ ෴


සිවුරු ගැලවෙන්න අමානුෂිකව පහර දෙයි ! අතිශය ප්‍රථම වීඩියෝ අනාවරණය ! (13.02.2026)

+


දුවගෙන් බැණුම් අහපු, අජිත් ගිහාන් මන්ත්‍රී තමයි ඔක්කොම පාලනය කරන්නෙ (13.02.2026)

+

තේ දළු කඩන්ඩ හෙලිකොප්ටරෙන් යන ජනාධිපති සහෝදරයා… ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා (13.02.2026)

+


නැව් පහම Fail දැන් මොකද වෙන්නෙ (13.02.2026)

+


අනුර කුමාරගෙ ඔලුව හිල්වෙන්න ටොකු අනින්න සැරසෙන ඇමැති ලාල් කාන්ත (13.02.2026)

+


අරගල වලින් කුල්ල කුජීතවූ ලංකා-බංගලි පෙරෙට්ටෝ (13.02.2026)

+


ඇඹිලිපිටියේ OIC හොඳයි පඹයෙක්ට හිටවන්න – ගමක්ම ඇඹිලිපිටිය පොලිසියට චෝදනා කරයි (13.02.2026)

+


ජොන්ස්ටන් එදා අනුරගෙන් වැඳලා ඉල්ලුවා – රට ලේ විලක් කරන්න එපා කියලා (13.02.2026)

+


අපේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න මේ ආණ්ඩුව ලොකු වැඩ ටිකක් කරනවා (13.02.2026)

+


අපේ හාමුදුරුවන්ට කැත විදිහට මඩ ගහනවා – සජිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අරගෙන අභයාරාමෙට (13.02.2026)

+


මිනීමැරුමක් සාධාරණීකරණය කරන්න එපා – නඩු තීන්දුව කියවලා එන්න- මේ පක්ෂය 88/89 ඉදගෙනම තරුණයෝ බිලි දුන්නා (13.02.2026)

+


අප්‍රේල් 01 ඉඳලා වාහන මිල තවත් ඉහළට – 2.5% ක අලුත්ම බද්දක් මේ පාර බජට් එකේ (13.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Dayan Jayatilaka. He is a Rajapaksha acolyte, and trying to block the progress that AKD is making towards ethnic reconcilliation. These are the people that wants to continue promoting division within the nation, so that they use extremism as a tool to hold power. That kind of policies do not have any credibility in new Sri Lanka. It is better for people like Jayatilaka to stay retired. His advice has no value except to keep ab-no mal happy, and oil his social relationship with the old boss. DJ > you are dismissed, go back to sleep!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *