ජාතික අක්ෂි රෝහලේ දොස්තරලා 50 ක් එකවර මාරුවීම් ඉල්ලති
(02.02.2026 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :
= ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙනි =
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ස්ථාන මාරු නොගොස් වසර ගණනක් එම රෝහලේම රැඳි සිටීන බව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමඟ හරින බව පැහැදිලව පෙනෙන්ට තිබේ.
2026.02.02 වැනි දින ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරු ලබා ඇති වෛද්‍යවරුන් සියලු දෙනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ II වෙත ලිපියක් ඉදිරිපත් කරමින්, තමා වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් නිර්දේශ කර ඇති ස්ථානමාරු සෞඛ්‍ය ලේකම්ගේ නියෝගය පරිදි අද (02) දින සිට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අධ්‍යක්ෂවරයාගේ වැරදි මාධ්‍ය ප්‍රකාශ හරහා තම වෘත්තීයටත්, රෝහලටත් සිදු වෙන අපකීර්තිය සහ වෛද්‍යවරුන්ට වන අපහසුතාවය ද සැලකිල්ලට ගෙන අද (02) දිනෙන් පසු අදාල රෝහල් වලට ස්ථානමාරු මුදාහරින ලෙස අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 කට ආසන්න ප්‍රමාණයක් රෝහල් වැඩ බලන අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇත.
සෞඛ්‍ය ලේකම්තුමාගේ නියෝගය අනුව අද දින වන විට එනම් 2026.02.02 දින සිට සතියක කාලයක් ඇතුලත සියලු ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීමට තිරණය කර ඇති එහෙයින්, එම තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් අදාල වෛද්‍යවරුන් සියලුම දෙනා රෝහලෙන් මුදාහරින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.
මීට අමතරව පසුගිය දින කිහිපයේදි අසත්‍ය චෝදනා නඟමින් අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අපහසුතාවයට පත් කරමින් දිගින් දිගටම රටේ ජනතාව වෛද්‍යවරුන්ට එරෙහිව පෙළගැස්වීමට කටයුතු කල අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධව වගකිම ගන්නා ලෙස ද ඉල්ලා සිටියි. එතුමා සඳහන් කරන පරිදි අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් රෝහලේ දිගු කලක් සේවය කිරීම හරහා ජනතාවට අනර්ථයක් සිදු වන බැවින් එම ක්‍රියාවලිය තවදුරටත් සිදු කරගෙන යාමේ කිසිඳු අපහසුතාවයක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු.
එබැවින් අද දින (2026.02.02) ජාතික අක්ෂි රෝහලේ ස්ථානමරු ලබා සිටින සියලුම අක්ෂි වෛද්‍යවරුන් මුදාහරින ලෙසත්, ඒ සඳහා අනුප්‍රාප්තික වෛද්‍යවරුන් ගෙන්වා ගැනීම කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයට ද, ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාට ද දැනුම් දීමට ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. එම කටයුත්ත ක්‍රියාත්මක කිරීම හරහා වැඩබලන අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන අක්ෂි රෝහලේ වැඩකටයුතු කාර්යක්ෂමව සිදුවනු ඇති බව ද අප බලා සිටිමු.
අක්ෂි වෛද්‍යවරුන් ස්ථානමාරු කිරීමෙන් කිසිඳු අවාසියක් අක්ෂි රෝහලට හෝ අමාත්‍යංශයට සිදු නොවන අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව අක්ෂි වෛද්‍යවරුන් නැතුව රෝහල ඉදිරියට ගෙනයාමේ අපහසුතාවයක් නැතැයි ද අප විශ්වාස කරමු ෴
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් – දයාසිරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි (02.02.2026)
+
එකෙක් දෙන්නෙක් නෙවෙයිනේ හිරේ දාන්න ඉන්නේ – එහෙම හිරේ දාලා රටවල් කරන්න බෑ (02.02.2026)
+
ඒකාබද්ධ විපක්ෂය සජිත්ව හමුවෙයි – ආණ්ඩුවෙන් ජනතාව බේරගන්න මෙහෙයුම විපක්ෂ ප්‍රබලයෝ හෙළි කරයි (02.02.2026)
+
ටික්-ටොක් එකේ අඩු මිලට ලී බඩු දෙන ජාවාරමට ඔබත් අහු වෙලා සල්ලි නැති කරගත්තද ? (02.02.2026)
+
වනචාරී ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රහාරයට, මහා සංඝරත්නය සීරුවෙන්… සිවුරට වුණත් ගහනවා කිව්වෙ නිකං ද ? (02.02.2026)
+
ලිංගික අධ්‍යාපනය නෙවෙයි, ළමයින්ට සාරධරම උගන්නපල්ලා… මේක ලිංග මාරුවෙන වනචාරී ආණ්ඩුවක් (02.02.2026)
+
අනුර අනතුරක රටත් අදුරෙ පල් මෝඩයෙක්ද? පල් හොරෙක්ද? (02.02.2026)
+
හය වසරට වැල එබුවාට අධ්‍යාපන ලේකම් හිරේ යයි ද ? (02.02.2026)
+
සංවර්ධන නිලධාරී ප්‍රශ්ණය – ‘ගෝටා ගෝ හෝම් 2’ ද? (02.02.2026)
+
පෝයට නිවාඩු මාලිමා සීනි ! (02.02.2026)
+
ලංකාවේ ලොකුම ටෙන්ඩරේ දීලා තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් තියෙන ඇමතියෙකුට (02.02.2026)
+
Derana 360 | වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා සමග | 02.02.2026
+
Hiru TV Salakuna Live | Patali Champika Ranawaka | 2026-02-02
+
නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ නව පනත ගැන අලි සබ්රිගෙන් අනතුරු ඇඟවීමක්
(02.02.2026 – hirunews.lk)
යෝජිත 2025 නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of Occupants Bill) දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත්, මෙරට නිවාස කුලී වෙළඳපොළට සහ ආර්ථිකයට බරපතළ හානියක් සිදුවිය හැකි බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, කුලී නිවැසියන් අනිසි ලෙස ඉවත් කිරීම වැළැක්වීම යහපත් අරමුණක් වුවද, මෙම නව නීතිය හරහා නිවාස හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.
කුලී නිවැසියෙකු මාසික කුලිය, ජල සහ විදුලි බිල්පත් හෝ සහාධිපත්‍ය (Condominium) නඩත්තු ගාස්තු ගෙවීම පැහැර හැරියද, නඩු කටයුතු නිමවන තෙක් ඔවුන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමට නිවාස හිමියාට සිදු වනු ඇති බවත් මෙය හිමිකරු ලවා බලහත්කාරයෙන් නිවැසියා නඩත්තු කරවීමක් බවයි ඔහු පවසන්නේ.
නිවාස හිමියන් සිය දේපළ කුලියට දීමට බිය වීම නිසා නිවාස සැපයුම අඩුවීම, කුලී මිල ඉහළ යාම සහ අවසානයේ කුලී නිවැසියන්ටම මෙහි අහිතකර පල විපාක විඳීමට සිදුවන බව ඔහු පෙන්වා දෙන්නේ.
2023 අංක 1 දරන බදු පනත යටතේ දී ඇති පරිශ්‍රයන්හි පවරා ගැනීම් නැවත ලබා ගැනීමේ පනත හරහා මෙරට ලබාගත් ප්‍රගතිය මෙමගින් ආපසු හැරවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ අතර අලි සබ්රි යෝජනා කරන්නේ නව පනතක් ගෙන එනවා වෙනුවට 2023 පනතට සංශෝධන එක් කළ යුතු බවයි.
එහිදී කුලී නිවැසියෙකුට නෛතික ආරක්ෂාව ලැබිය යුත්තේ ඔහු සිය කුලී මුදල් සහ බිල්පත් නිසි ලෙස ගෙවන්නේ නම් පමණක් බව හෙතෙම අවධාරණය කරනවා.
මේ අනුව “No payment, no protection” (ගෙවීමක් නැත්නම් ආරක්ෂාවක් නැත) යන මූලධර්මය මත නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ අදහසයි.
මේ හේතුවෙන් ප්‍රතිසංස්කරණ යන නාමයෙන් මෙරට නැවතත් යල් පැන ගිය කුලී නීති රෙගුලාසි වෙත ගමන් නොකළ යුතු බවයි ඔහු බලධාරීන්ට පෙන්වා දෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴