ප්‍රහාරයක සැලසුම හෙළි කළේ මාස 6 කට පෙරයි – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපති කොමිසමේදී කියයි

(29.07.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂිම් මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කරමින් සිටින බව තමන් පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර හිටපු ජාතික බුද්ධි ප්‍රධාන සිසිර මෙන්ඩිස් දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසමේදි අනාවරණය කළා. ඒ ඊයේ (28) දෙවන (2) දිනටත් …

යහපාලන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,000 ක වංචාවක්

(28.07.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala) 2016 – 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව අදාළ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලූ කමිටු වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. එම කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයාබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස මීට පෙර …

කුරුණෑගල නගරාධිපතිට සහ වයඹ ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නියෝගයක්

(28.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala) විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සියලු ලිපිගොනු අධිකරණ භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි. එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට …

ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..

(28.07.2020 – 06:32 +0530 – lankacnews.com) ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර ‘දියසරු උයණේ දී’ පැවති ‘හරිත හෙටක් – මනාපයට පැලයක්’ …

කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

(27.07.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala) බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂාව සපයා දුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු පොලීසිය අද (27) වට ගනු ලැබුවා. තිමිර සුලෝචන දයානන්ද නැමති 36 හැවිරිදි වියේ පසුවන මොහු අරණායක – පෝඩාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙලෙස හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා …

11, 12, 13 ශ්‍රේණි සඳහා පාසල් අද (27) සිට විවෘතයි

(27.07.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් අද (27) සිට යළි විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා මෙම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින …

මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථකව

(26.07.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala) මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථකව සිදුකළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක සක්‍රිය දායකත්වයෙන් මෙම බද්ධ කිරීම සිදුකර තිබෙනවා. ජීවී දායකයෙකුගේ අක්මා කොටසක් මෙලෙස බද්ධ කර ඇත්තේ සිරෝසිස් රෝගයට ගොදුරු වී …

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව පාස්කු කොමිසමට ලබාදුන් සාක්ෂිය

(25.07.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගයින්ගේ ඩී.එන්.ඒ වාර්තා සමඟ තමන්ගේ ඩී.එන්.ඒ. වාර්තා නොසැසඳුණු බව පුලස්තිනීගේ මව වන රාසරත්නම් කවිතා ජනාධිපති කොමිසමට අද අනාවරණ කළා. ඇය වැඩිදුරටත් සඳහන් කළේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් විසින් තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා …

ගමන් කළ මාර්ගය ගැන IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ලබාදී ඇත්තේ ව්‍යාජ තොරතුරු බවට හෙළිවෙයි

(25.07.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala) ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ඊයේ පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහල දක්වා පැමිණි ගමන්මග සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු ව්‍යාජ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා. කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අංශ වල අවසරය මත යළි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට …

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර ජේලර්වරයෙකු CID යට භාරවෙයි

(24.07.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර රැඳවියෙකුට පහසුකම් සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු ඇතුළු සිව්දෙනෙක් (4) අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙනත්තු නිකුත් කෙරුණේ පෙරේදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ ජේලර්වරයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. …