විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ?

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ?

*********************************************

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය – අමා¤වරුන්ට සමාගම මුදල් දීලා ?

(31.08.2021 – colombotoday.com)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි ප්‍රමාණයක් ‘අවුරා ලංකා හර්බල්ස් සමාගම’ වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවත් අදාළ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර මහතා අද (31) සඳහන් කර සිටියා.

දැනටමත් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් සඳහා මෙම අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන් කර සිටින ඒ මහතා ‘අවුරා ලංකා හර්බල්ස් සමාගම’ විසින් අද වන විට විල්පත්තුව දකුණු මායිම ආශ්‍රිතව ඉදිකිරීම් කටයුතු ගණනාවක් සිදුකර ඇති බවත් රාජාංගනය යාය 18 ගම්මානය සම්පුර්ණයෙන්ම විනාශයට ලක් කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් පැවසීය. යාය 18 ගම්මානයේ කහඹිලියාපිටිය වැව ආශ්‍රිතව මේවනවිට ඉදිකිරීම් ගණනාවක් සිදුකර තිබෙන බවත් මේ සියලුම දේ සිදුකර තිබෙන්නේ අනුමැතියකින් තොරව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුව දැමු නඩුව තවමත් විභාග වෙනවා

අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම මූලික දේ සිදුකලාට පසුව ඊයේ (30) දිනයේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සිදුකර ඇති බවත් අවධාරණය කර සිටි චාමිකර මහතා, විල්පත්තුව දකුණු මායිම ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය නීතිවිරෝධී ලෙස ආරම්භ කර තිබියදී වනජීවී දෙපාර්තමේන්තුව මැදිහත් වී ‘අවුරා ලංකා හර්බල්ස් සමාගම’ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් තවමත් එම නඩුව ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කර ලක්ෂයක ප්‍රමාණයක් මෙම සාමාගම සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් පැවසීය.

පනත් ගණනාවක් උල්ලංඝනය කල කෝමාරිකා ව්‍යාපෘතිය

ජාතික පාරිසරික පනත, වනසත්ව සහ වෘක්ෂලතා පනත, පුරාවිද්‍යා පනත යන පනත් සියල්ල උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී කැබිනට් මණ්ඩලයට තොරතුරු වසන් කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන් කර සිටි සජීව චාමිකර මහතා අවුරුදු තුනක (3) කාලයක් තිස්සේ නීතිවිරෝධී ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තිබියදී, ප්‍රදේශයේ ජනතාව මෙන්ම පරිසර සංවිධාන විරෝධය දක්වමින් සිටින අතරතුර මෙම අනුමැතිය ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදි.

අලිමිනිස් ගැටුම, ජල අර්බුද විශාල ප්‍රමාණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබියදී කෝමාරිකා වැනි ඒක බෝග වගාවක් සඳහා අක්කර ලක්ෂයක් පමණ ලබා ගන්නවාත් සමගම ඒ කලාපයේ වනාන්තර පද්දතිය සීග්‍රයෙන් අඩුවී තවදුරටත් අලිමිනිස් ගැටුම වර්ධනය වීමට, ජල පෝෂක ප්‍රදේශ අහිමිවී ප්‍රදේශයේ ජල අර්බුද ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම මෙම ව්‍යාපෘතිය හේතු වන්නට පුළුවන් බවයි ඔහු අනතුරු අඟවා සිටින්නේ.

කැබිනට් අනුමැතිය ගන්න සමාගමෙන් ඇම¤ලාට මුදල්

මෙම කැබිනට් අනුමැතිය ඉතාම නීති විරෝධී ආකරයෙන් ලබා ගත් අනුමැතියක් බවත් වැරදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙද්දී නිවැරදි තොරතුරු වසන් කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා මේ සමාගම විසින් අමා¤වරුන්ට මුදල් ලබා දී ඇති බවට දැනගන්නට ලැබී තිබෙන බවත් ඒ ගැන තොරතුරු තිබෙන බවත් ප්‍රකාශ කර සිටි සජීව චාමිකර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේනම් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරන ලදි.

******************************************

(31.08.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ලොව සෙසු රටවල් දියුණුව කරා ගමන් කරමින් සිටිය දී සීනි මිලදී ගැනීමට පෝලිම්වල පසුවන යුගයක් මෙරට ජනතාව කිසිසේත් අපේක්ෂා නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මේ අතර රට තුළ මතුව ඇති සීනි අර්බුදය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා.

******************************************

(31.08.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

අද (31) ‘හාඩ් ටෝක්’ තුලින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ දත්ත මැකීයාමේ සිද්ධියක් හේතුවෙන් මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙන ‘ජාතික ඖෂධ නියාමන අධිකාරියේ’ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා ගෙන් :

******************************************

ලොවක් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ දුලාන්ට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් – මහා සංඝරත්නයේ ආශිර්වාදයත් හිමිවෙයි

(31.08.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බබළවන්නට ඊයේ (30) දිනයේ දී සමත් වූ පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී දුලාන් කොඩිතුවක්කු අද (31) ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට පැමිණ ඇති බව වාර්තා වනවා.

එහිදී මෙරට ජපාන තානාපති සංජිව් ගුණසේකර සහ තානාපති කාර්යාලයේ නිලධාරින් ඉතා උණුසුම් අයුරින් දිනේෂ් සහ දුලාන්ව පිළිගනු ලැබුවා.

මෙරට ජපාන තානාපතිවරයා විසින් ඔවුන් දෙදෙනාට (2) සමරු තිළිණ පිළිගැන්වීමක් ද එහිදී සිදුකර තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාවට වැඩමකර සිටි ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් දිනේෂ් ප්‍රියන්ත සහ දුලාන් කොඩිතුවක්කු හට ආශීර්වාද එක්කර සිටියා.

******************************************

(31.08.2021 – 16:58 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී මත්පැන් මහපරිමාණයෙන් නිෂ්පාදනය කළ නිවසක් වැටලීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (31) සමත්වී ඇත.

ඒ අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදීය.

සැකකරු එළවළු අලෙවි කරන මුවාවෙන් මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

එහිදී 55 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු විසින් විවිධ ප්‍රදේශවලට මත්පැන් තොග වශයෙන් බෙදාහැර ඇති බව අනාවරණය වී ඇත.

වැටලීමේදී ගෝඩා ලීටර් 7,000 ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 450 ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අසල්වැසියන්ට සැක නොසිතෙන ආකාරයෙන් නිවස පිටුපස එලෙස මත්පැන් නිෂ්පාදනය කිරීමට සැකකරු විසින් විශේෂ උපකරණයක් නිෂ්පාදනය කර තිබූ බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

******************************************

(31.08.2021 – 16:16 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායනයට ලක්කර ඇති නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වූ සොරුන් දෙදෙනෙකු (2) එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා යතුරුපැදියක් රැගෙන ගොස් තිබේ. ඒ මහරගම නාවින්න දුම්රිය පටුමගේ පිහිටි නිවසකය.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා සඳහන් කළේ,

“පාන්දර 3 ට විතර ඇවිත් තිබුණේ. අපි එදා නිරෝධායනය වෙමින් සිටි නිසා එළියටවත් බැහැගන්න බැරි තත්ත්වයක හිටියේ. තියෙන්නේ. CCTV දර්ශනවල සොරකම සටහන් වෙලා තියෙනවා. මම මහරගම පොලීසියට පැමිණිලි කළා. මේ කොරෝනා තත්ත්වය නිසා අපි ඇත්තටම බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මම කාර්මිකයෙක්. හැකි කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් උපකාරයක් කරනමෙන් ඉල්ලා සිටිනවා.”

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(31.08.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

අද (31) දිනය තුල තවත් කොවිඩ් ආසාදිතයින් 1881 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (31) දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4221 ක්.

මෙම ආසාදිතයින් 4221 ත් සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,40,302 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++

කොවිඩ් ආසාදිත වූ දරුවන්ට වැලඳෙන MIS-C රෝගය කුමක් ද ?

(31.08.2021 – 13:23 +0530 – sinhala.adaderana.lk)

දරුවන්ට වැලඳෙන MIS-C නැමැති රෝගී තත්ත්වයක් දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවෙමින් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ දරුවන්ගේ සති 2 ත් 6 ත් අතර කාලයෙන් පසු මෙම රෝගී තත්ත්වය වාර්තා වී ඇති බවය.

මෙම රෝගී තත්ත්වයන් නිසා ප්‍රතිකාර ලබන දරුවන් හේතුවෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට තවදුරටත් දරුවන් භාර ගැනීමේ හැකියාවක් මේ වනවිට නොමැති බවද ඔහු සඳහන් කළේය.

“කොරෝනා වැලඳිලා සති 2 ත් 6 ත් අතර කාලයකට පසුව විශේෂයෙන්ම ළමයින්ට වැලඳෙන Multisystem Inflammatory Syndrome in Children එහෙම නැත්නම් MIS-C කියන මෙම රෝගී තත්ත්වය වැලඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අපි ප්‍රතිකාර ලබාදීලා තියෙනවා. මේ මොහොතේදී මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් 4 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ලංකාව පුරාම තැනින් තැන මේ රෝගය මතුවෙනවා. ඒ වගේම දැන් දැන් අපි දකිනවා අලුත ඉපදුණු දරුවන්ට ඉපදුණු වහාමත් මෙම රෝගී තත්ත්වය මතුවෙනවා.

කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයවවලට බලපානවා. හදවතට, වකුගඩුවලට, පෙනහළුවලට, අක්මාවට බලපානවා. විශේෂයෙන්ම හෘදයවස්තුවට බලපාලා රුධිර පීඩනය අඩුවෙලා මියයන්නට පවා ඉඩ තියෙනවා. නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් සම්පූර්ණ සුවය ලබන්නත් පුළුවන්. අපේ රෝහලේ එක දරුවෙකු විතරයි මියගියේ. යම් දරුවෙකුට උණ, තදබල බඩේ කැක්කුම, වමනය, පාචනය, ඇස් රතු පැහැවීම, සමේ දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවෙලා රෝගය පරීක්ෂා කරගන්න. මවට කොරෝනා වැලඳුණහොත් ඒ මවගේ ඇඟ තුළ ඇතිවන ප්‍රතිදේහ දරුවාට යනවා. ඒ ආකාරයෙන් තමයි දරුවාගේ අවයවවලට බලපාන්නේ.

ඒ රෝගීන්ගෙන් දැඩි සත්කාර ඒකකයත් පිරිලා තියෙන්නේ. ඒකෙ තේරුම.. කොරෝනාවලින් අසාධ්‍ය වෙලා ඉන්න තවත් දරුවෙක්ව අපට භාරගැනීමේ හැකියාවක් මේ වනවිට නෑ.”

++++++++++++++++

(31.08.2021 – 12:34 +0530 – sinhala.adaderana.lk)

ගැටුමක් හේතුවෙන් මියගිය තරුණයෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා විශාල පිරිසක් සහභාගීවී සිටි සිද්ධියක් යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් එම 24 හැවිරිදි තරුණයා මියගොස් තිබුණි.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකින් අනාවරණය වී තිබුණේ ඔහු කොවිඩ් ආසාදිත බවය.

ඒ අනුව දේහය ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබුණි.

ඔහුගේ දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට එලෙස විශාල පිරිසක් එක්වී සිටියේ දිවයිනටම පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *