ජූලි මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
(10.06.2026 – hirunews.lk)
ජූලි මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සංසිද්ධිය නිරිතදිග මෝසම් කාලගුණය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි.
පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විටත් එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වී ඇති අතර, එහි බලපෑම විවිධ මට්ටම්වලින් මාස 11 ක පමණ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල් නිනෝ බලපෑමෙන් සිදුවිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතයි.
මෙම සාකච්ඡාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන අතර වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන සහ ජල සම්පාදන ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි ෴
+++
+
බිමල් රත්නායක අන්තිමට ඇත්තම කියයි (10.06.2026)
+
පැලවත්තෙ සල්ලිවලට කුලියට බුරන හොරිකඩයාට කොටුවේදී වෙච්ච දේ (10.06.2026)
+
ඔස්මන්ට චිත්‍රපටි හදපු එවුන් දැන් හැංගිලාද ඉන්නෙ… ලංකාවේ අලුත්ම ගොබ්බ සිනමාව (10.06.2026)
+
සලේ බෝලෙට උඩ පැනලා ඩෑෂ් ගහන සිරිල් ගාමිණී ක්‍රීඩකයා (10.06.2026)
+
සජිත්, ඔබ මේ තිරිසන් හිංසාව සහ ප්‍රජාතන්ත්‍ර උල්ලංඝණය අනුමත කරනවා ද ? (10.06.2026)
+
මහමොළකරුවන් හැදුවෙ කතෝලික සභාව – දැන් හත්පොළේ ගාගෙන – කතෝලිකයන්ගෙන් අලුත් හෙළිදරවුවක් (10.06.2026)
+
සලේ ගැන අධිකරණය තීන්දුවක් ගනී! පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රභූ ඝාතන සැලැස්මට මොකද වුණේ? (10.06.2026)
+
පාස්කු ගැන ලොකු වලියක් සජබ මාධ්‍ය හමුව උණුසුම් වෙයි (10.06.2026)
+
අනේ ප්ලීස්, අනුර කිව්ව වගේ කරමු. වරුණගෙන් ආයාචනයක් (10.06.2026)
+
මහජනතාවගේ කරමතට වැටෙන බිලියන ගණනක පාඩුව (10.06.2026)
+
ගෙදර කිව්වාම මට ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ මගෙ දුවව – ප්‍රසාද් ගෝනකුඹුර (10.06.2026)
+
ජනාධිපති සහ ආණ්ඩුවේ අයට රෙද්දක් ඇඳගෙන පාරේ යන්න අයිතියක් නැහැ | Dr. Wasantha Bandara (10.06.2026)
+
Who Really Carried Out The Easter Sunday Attacks? Prof. Rohan Gunaratna Speaks | Indeewari Amuwatte (10.06.2026)
+
සලේ වෙනුවෙන් බිරිඳගෙන් සහ නිතීඥයාගෙන් ශානිට ලිපි
(11.06.2026 – 12:46 +0530 – sinhala.adaderana.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපි 02 ක් යොමු කරමිනි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා තවදුරටත් රෝගී තත්ත්වයන්ට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙවන් පසුබිමක අදාළ නඩුව ඊයේ (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ මහතාගේ වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලා සෑම දිනකම රෝගීන් බැලීමට ලබාදෙන කාලයේදී ඔහුගේ බිරිඳට සහ පුතාට ඔහු බැලීමට අවස්ථාව ලබාදෙමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.
කෙසේ වෙතත් එම ඉල්ලීම ඉවත දැමූ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බවය.
මෙවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ලිපියක් යොමු කර තිබේ.
මේ අතර සුරේෂ් සලේ මහතාගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිය සේවාදායකයාව දිනපතා බැලීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ඉන් පෙන්වා දී ඇත්තේ මරාන්තික උපවාසයක යෙදී සිටින සිය සේවාදායකයාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකර ඔහුගේ අයිතිවාසිකම් හා සුබසාධනය සැලසීමට තමන්ට වෘත්තීමය වගකීමක් ඇති බවය.
එසේම සිය සේවාදායකයා සමඟ අඛණ්ඩව අදහස් හුවමාරු කරගැනීම අවශ්‍ය බවද පෙන්වා දෙන නීතිඥවරයා දිනපතා සිය සේවාදායකයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස සිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට බාධා නොකරන ලෙසත්, සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ බාල්දිය මංසන්ධිය අසලදී අද (11) නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
එය සංවිධානය කර තිබුණේ කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිත ජනතාව විසිනි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴