ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට


ඔන්ලයින් ජාවාරම් සිදුකළ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(11.06.2026 – 20:33 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතන ලෙස පෙනීසිටිමින් මෙරට සිට මුදල් වංචා කළ චීන ජාතිකයන් පිරිසක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙස් විදෙස් විශාල පිරිසක් රවටා මුදල් වංචාකර ඇති බවය.

කිරිබත්ගොඩ හා කොල්ලුපිටිය යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් පිරිසක් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට රාජ්‍ය බුද්ධි සේවයට සහ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී චීන ජාතිකයන් 17 ක් සහ ලාඕස් ජාතික තරුණියක් (1) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් කූඨ ලේඛන සකසමින් අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකර ඇති බවය.

ඔවුන් සතුව තිබී අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතනවල මුද්‍රා සහිත ව්‍යාජ ලිපි ලේඛන තොගයක් ද සොයාගැනුණි.

සැකකරුවන් සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර 62 ක් හා ජංගම දුරකථන තොගයක් ඇතුළු භාණ්ඩ රැසක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගැනුණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි.

+++

කූඨ ලේඛන හදලා ඔන්ලයින් සල්ලි ඇද්ද චීන්නු 17 ක් එක්ක ලාඕස් ජාතික තරුණියක් (1) අත්අඩංගුවට (11.06.2026)

+


හෙල්මට් දාන්න කියන්නේ අපෙන් බේරෙන්න නෙවෙයි | මේක විහිළුවක් කරගන්න එපා – පොලිසිය කියයි (11.06.2026)

+


පාස්කු ප්‍රහාරකයන් අල්ලන්න CID ට උදව් කරලා මට ලැබුණේ මගේ ඔලුව හරහා ගිය වෙඩි උණ්ඩයක් (11.06.2026)

Mohammad Razak Taslim (රසාක් තස්ලීම්) : +94 77 329 3047

+++

ශානි ගහපු ගැහිල්ල මෙන්න ? | සලේ එලියට අවොත් මැරෙයි ද ? | පාස්කු ප්‍රහාරයට සලේගෙ ඇත්තම සම්බන්ධය (11.06.2026)

+


රට ජාතිය ආගමට කෙලවන්න මාලිමාව ෂුදාට දුන්න කොන්ත්‍රාත්තුව ? (11.06.2026)

+


කතෝලික පල්ලිය මේ ගින්නට පිදුරු දමනවා ද ? සිරිල් ගාමිණිලාගේ මහමොළකරු උමතුව (11.06.2026)

+

ආනන්ද විජේපාල කියන දේවල්, දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ – කියන්නෙම පට්ටපල් ටොම් පච (11.06.2026)

+

පාස්කු දා ප්‍රහාරය දැන් දේශපාලන කඹ ඇදිල්ලක් (11.06.2026)

+


The Red Line චිත්‍රපටය ඇත්ත කරමින් ලංකාව පුරා ගහන අලුත්ම ගේම! පැමිණිලි 50 ට ආසන්නයි! (11.06.2026)

+


ලේ සැලුවා ඇති. ආණ්ඩු තොපිම ගනිල්ල. අපි කොහෙ හරි යන්නම් (11.06.2026)

+


නීතියේ අවනීතිය සහ ශානිගේ තිරපිටපත්! සුරේෂ් සලේගේ සටන තවම ඉවර නෑ (11.06.2026)

+

අභීත, තාරුක සහ මධුභාෂණ එක්ව කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (11.06.2026)

+

අනුර කියපු එකම ඇත්ත මෙච්චරයි! (11.06.2026)

+


ජවිපෙ නිසා වසර 100 කට පසු කාදිනල්ට ලැබුණු සුපිරි බලය (11.06.2026)

+


සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී : නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි

(12.06.2026 – hirunews.lk)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද (12) අලුයම පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL- 606 දරණ යානයේ එන්ජිමකට අකුණු සැර වැදීමක් හේතුවෙන් එම යානය නිරුපද්‍රිතව යළි කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාල් දමින්ද රඹුක්වැල්ල කියා සිටියේ, පියාසර කිරීම අරඔා ටික වේලාවකට පසු යානය ගොඩබස්වන විට කාර්ය මණ්ඩලය සහ මගීන් 207 දෙනෙකු එහි සිට ඇති බවයි.

මේ වනවිට යානයේ පරීක්ෂා කිරීම් සිදු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *