පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට – පොලීසියෙන් දැනුම්දීමක්
(12.06.2026 – hirunews.lk)
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරනු ලබන මූල්‍ය වංචාවන්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, වංචනික පුද්ගලයින් විසින් පරිගණක සහ ජංගම දුරකථන යොදාගනිමින් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් සකස් කර මෙම ජාවාරම මෙහෙයවන බවයි. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විමර්ශන සිදුකර සැකකරුවන් රැසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ පොලිස් විමර්ශන ඒකක ලෙස හඳුන්වා දෙමින් කාර්යාලීය හෝ පෞද්ගලික දුරකථනවලට ඇමතුම් ලබා දීම, “ඔබේ ජාතික හැඳුනුම්පත යොදාගෙන වංචාවක් කර ඇත”, “නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ගෙන ගෙවීම් පැහැර හැර ඇත” හෝ “ඔබේ ගිණුම කළු සල්ලි ජාවාරම් (Money Laundering) සඳහා යොදාගෙන ඇති බැවින් නඩු පවරනවා” යැයි පවසා බිය ගැන්වීම, වැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
එමෙන්ම රහසිගත විමර්ශනයක් සිදුකරන බව පවසා, උදව් කිරීමට යැයි අඟවමින් ව්‍යාජ නිල ලාංඡන, ලිපි ලේඛන සහ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප WhatsApp හරහා යොමු කිරීමද සිදුකරන බව සඳහන්.
සමාජ මාධ්‍ය හරහා එවනු ලබන රාජ්‍ය ලාංඡන සහිත ලේඛන දුටු වහාම ක්‍රියාත්මක නොවී, ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා පොලීසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන අතර, මෙවැනි වංචනිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
අධීක්ෂණ නිලධාරීන් : 071 859 2918 / 071 859 1765
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය : 011 230 0756
මීට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මහජනතාවට අවස්ථාව පවතිනවා ෴
උසස් පෙළ ගැන අධ්‍යාපන ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
(12.06.2026 – 18:51 +0530 – sinhala.adaderana.lk)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2026) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 2026.08.07 දින දක්වා පාසල් පවත්වන දින ගණන් දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි :
මාධ්_ය නිවේදනය – අධ්_යාපන, උසස් අධ්_යාපන සහ වෘත්තීය අධ්_යාපන අමාත්_යාංශය by poornima
කුණු ටෙන්ඩරේ හොරකමෙන් පැලවත්ත අරමුදලට සල්ලි ? (12.06.2026)
+
ජෙනරාල් ෆොන්සේකා, ෂවේන්ද්‍ර , කමල්, චාගි ප්‍රභා මහත්තයගෙ මානව හිමිකම් කැඩුවාද ? (12.06.2026)
+
ප්‍රජාතන්ත්‍ර අයිතියට අත තිබ්බොත්, රටේ මිනිස්සු ඒක බලාගනියි.. ජේවීපීකාරයො දැන් මරු කියවනවා (12.06.2026)
+
මීගමුවෙන් කඩු මන්නා අරගෙන කොළඹට එන්නෙ කොහොමද? මේක මොනතරම් ගොබ්බ ආණ්ඩුවක්ද ? (12.06.2026)
+
අනුරාධපුර දැරියගේ වළදැමූ ඇඳුමෙන් DNA හමුවේ! රටම හොල්ලන අන්තර්ජාල මුදල් හොරකමේ තවත් රහස් හෙළිවේ! (12.06.2026)
+
බලනහර ද? පේන්කිලර්ස් ද? ආර්ථිකේ අනතුරේ (12.06.2026)
+
සජිත්ට ශානි ශෝක් නම් චරිත්ට අවුල් මොකද? (12.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴