ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක්


ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

(11.06.2026 – 13:03 +0530 – sinhala.adaderana.lk)

ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිතය නිසා හෘදරෝග, පිළිකා,හෝමෝන අසමතුලිතා ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි පරිසර, වෘත්තීය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සඳහන් කළේ, දීර්ඝකාලීනව ප්ලාස්ටික් මෙවලම් භාවිතය තුළින් මෙම රෝගී තත්ත්වයන් ඇතිවන බවය.

“උදෑසන තේ පිළියෙළ කිරීමේදී අපි නටන උණු වතුර තේ කොළවලට දාලා තේ ප්ලාස්ටි ජොග්ගුවක හදනවානේ. ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටිවල ප්‍රමිතිකරණයක් නැහැ. ඊට පස්සේ අපි ගමනක් යනකොට ගෙදරින් වතුර බෝතලයක් ගෙනියන්නේ නැතුව කඩෙන් වතුර බෝතලයක් ගන්නවා. මේ හැම දෙයකම අපිට පේන්නේ නැති සියුම් අංශු ක්‍රියාත්මක වෙනවා. මේවාට තමයි අපි කියන්නේ, ‘මයික්‍රෝ ප්ලාස්ටික්’ කියලා.. ඒ වගේම BPA වගේ තවත් විෂ රසායනික ප්ලාස්ටික්වල අඩංගු වෙනවා. සමහර වෙලාවට හොදි වර්ග අරන් එන්නේ පොලිතීන් ආවරණවල. කෑම පැකට්වල තියෙන්නේ, පොලිතීන්වල බැඳපු කෑම එකක්. මේ හැමදෙයකින්ම විශාල විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වෙනවා. මේ විෂ කාලයක් තිස්සේ ඇතුළු වුණාම මේව අපේ රුධිර වාහිනි හරහා ගමන් කරලා මොළය වකුගඩු, අක්මාව වගේ අවයවවල තැන්පත් වෙනවා. කාලයක් තැන්පත් වුණාම මේ අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම රුධිරවාහිනී අවහිරවීම්, හෘදයාබාධ වගේ ඇති වෙන්න පුළුවන්. BPA වගේ රසායනික ද්‍රව්‍යවලින් හෝර්මෝන ආශ්‍රිත රෝග, මඳ සරුභාවය වගේ විකෘතිතා ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් බෝනොවන රෝග, දීර්ඝ කාලීන ආසාදිත තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. අවසානයේ නොයෙකුත් පිළිකා වර්ගවලට මේවා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර පිළියෙල කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත මෙවලම් භාවිත කරනවා නම් තමයි ආහාර ආරක්ෂිතතාව වැදගත් වෙන්නේ. මැටි හට්ටි, ලෝහ, වීදුරු, සෙරමික් භාජන ආහාර පිසීමේදී භාවිත කරන්න පුළුවන්..”

(ලෝහ : මල නොබැඳෙන වානේ සුදුසුයි; ඇලුමිනියම් නුසුදුසුයි – අමරසර)


මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිට මුදල් වංචා කරලා : විමර්ශනයට නියෝග

(11.06.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් නමින් ව්‍යාජ පෙනී සිටිමින් රුපියල් 5,479,390 ක මුදලක් ගිණුම් ගත කරවාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාලව විමර්ශනයක් ආරම්භ කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.

සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වංචාව විමර්ශනට කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි එම්. වාමදේමන් නමැති පුද්ගලයෙක් විසින් වංචාව විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය අධිකරණයට දැන්වූයේ.

සිද්ධියට අදාලව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴


සුරේෂ් සලේව දැක්ක පළවෙනි කෙනා මම – එයාට දුන්නු වද හිංසා ගැන මම රටට කිව්වා (11.06.2026)

+++

අතිගරු ජනාධිපතිතුමනි ඔබයි වගකිව යුත්තා (11.06.2026)

+++

ශානි අබේසේකර කියන පොලිස් කාරයා රටේ බුද්ධි අංශ අඩපණ කරන්න යන්නේ (11.06.2026)

+++

ගෝඨාව බලයට ගේන්න බෝම්බ දැම්මේ ජේවීපී එකද ? – ශානිටයි රවීටයි තියෙන්නේ බරපතල මිනීමැරීමේ චෝදනා (11.06.2026)

+++

ශානි ඩයස්පෝරාව එක්ක සම්බන්ධයි – රට කැළඹෙන හෙළිදරව් රැසක් එළියට (11.06.2026)

+


ගුවන් හමුදාවේ සිංහ පැටවා ගුවනට – කොහොමද ? අපේ එයාර් ෆෝස් කොල්ලන්ගේ වැඩ (11.06.2026)

+


ඩෙංගු රෝගීන්ගෙන් IDH එක පිරි යයි – දින 10 ට රෝගීන් 5,000 ක් – දරුවන් අවදානමේ (11.06.2026)

+


කූඨ ලේඛන හදලා ඔන්ලයින් මුදල් ජාවාරම් කරපු චීන ජාතිකයින් 17 දෙනෙක් පොලිස් අත්අඩංගුවට (11.06.2026)

+


ගාලුමුවදොර ගසාගෙන ගිය දරුවාගේ සිරුර ගොඩ ගසයි – සිරුර දැක්ක දෙමාපියන් විලාප තියමින් හඬා වැටෙයි (11.06.2026)

+


ඊශ්‍රායලයේ ඉන්න ළමයින්ගේ සල්ලිවලටත් හැකර් කෙනෙක් ෂොට් එක දීලා – ඩීවී චානකගෙන් රටම කැලඹෙන අනාවරණයක් (11.06.2026)

+


පාතාල ලොක්කෝ දැන් ඇතුලේ ඉන්නේ – උන්ගේ හෙන්චයියෝ දැන් නන්නත්තාරවෙලා ඉවරයි – පොලීසිය වහාම මාධ්‍ය කැඳවයි (11.06.2026)

+


රු. බිලියන 6 යි – ඩො. මිලියන 10 යි – පොහොට්ටුවෙන් ඇස් උඩ යන අනාවරණයක් (11.06.2026)

+


ඒකාබද්ධ විපක්ෂය හදිසියේම රැස්වෙයි – රනිල්ව ආපහු බලයට ගේන හැටි මෙන්න (11.06.2026)

+


ආයුර්වේදේ වැරදි පෙන්නපු TOP NEWS කුරුණෑගල පොලිසියට කැඳවයි (11.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *