කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන

කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන

*********************************************

කොරෝනා අඩු කර මාසයෙන් රට යථා තත්වයට පත් කරන්න සූදානම්.. – ආචාර්ය නන්ද ගුණවර්ධන

(31.08.2021 – 22:22 +0530 – lankacnews.com)

කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර මාසයක් ඇතුළත රට යථා තත්වයට පත් කිරීමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය හැකි යැයි ශ‍්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා අන්තර්ජාතික අංශයන්හි අධ්‍යක්ෂ ආචාර්ය නන්ද ගුණවර්ධන මහතා සදහන් කළේය.

කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සදහා තමන් ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවූ ‘මේගා ප‍්‍රයිම් ඉන්ටේක්’ හෙවත් ‘කරාපිටියේ කොරෝනා කරල’ භාවිතා කිරීම තුළින් මෙසේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට කටුයතු කළ හැකි යැයි ජනාධිපතිවරයාට සෘජුවම දැනුම් දෙන බවද ආචාර්ය නන්ද ගුණවර්ධන මහතා කීවේය.

යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු මෙසේද සදහන් කළේය :

“මම ඇමරිකාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන ටෙක්සාස් හි බේල විශ්ව විද්‍යාලයේ අවුරුදු පහමාරකින් (5½) ලබාගත යුතු ආචාර්ය උපාධිය වසර තුනහමාරකින් (3½) අවසන් කරලා තමයි ලංකාවට ආවෙ. මේ වන විට ජාත්‍යන්තර ග‍්‍රාන්ට් හයක් (6) තියෙනවා. එයින් පහක්ම (5) අපි ලියලා අරගනිපු ඒවා. මම රසායන විද්‍යා අංශයෙන් තමයි ආචාර්ය උපාධිය ලබාගන්නේ.

මගේ මැදිහත්වීමෙන් තමයි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග ශරීරයේ ප‍්‍රතිශක්තිය රදවාගැනීම සදහා වන කරල නිශ්පාදනය කළේ. වෛද්‍යවරු තමයි බෙහෙත් දෙන්නේ. බෙහෙත් හදන්නේ තවත් කට්ටියක්. බෙහෙත් හදන කණ්ඩායම්වල බොහෝ අවස්ථාවල නායකත්වය ලබාදෙන්නේ රසායන විද්‍යාඥයින්.

අපිට ප‍්‍රතිශක්තිය වර්ධනය කරන්න බැහැ. ප‍්‍රතිශක්තිය රඳවාගැනීමට තමයි හැකියාව තිබෙන්නේ. අපි මේ කරල හදන්නේ ශරීරයේ ප‍්‍රතිශක්තිය රදවාගැනීමට උපකාර කිරීමටයි.

අපි මේකට ඉගුරු, සුදුළූණු, කොත්තමල්ලි භාවිතා කරලා තියෙනවා. සුදුළූණුවලින් නයිට්‍රික් ඔක්සයිඩ් වර්ධනය කරනවා. ඉගුරු – කොත්තමලිල් ප‍්‍රතිශක්තිය රඳවාගන්න උදව් කරනවා. ඒ වගේම ආඩතෝඩ, වදකහ ඇතුළත් කරලා තියෙනවා.

මේ කරල ආහාරයක් විදියට තමයි අරගන්න තියෙන්නේ. මේ ආහාරයේ බැර ලෝහ නොමැති බව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම තත්ව පරීක්ෂණ සහතික අරගෙන තියෙනවා. ඒත් ලංකාවේ තියෙන ආහාරවලින් සියයට අනූපහකට තත්ව පරීක්ෂණ අනුමැතියක් නොමැති බව කියන්න ඕන.

ආහාරයක් විදියට මේ කරල ගත්තාට පස්සේ ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ ආහාරය අරගෙන හොද ප‍්‍රතිචාර තියෙනවා. අපිට තවම කිසිඳු නරක ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ.

අපේ අය කොරොනාවලට මර බයේ ඉන්නේ. ඒ වගේම තමයි කොරෝනා හැදුනට පස්සේ කළ යුතු දේ ගැන නිශ්චිත ක‍්‍රමවේදයක් නෑ. අපි මේ කරලෙන් කොරෝනා හැදිලා මැරෙන ප‍්‍රමාණය අඩු කරනවා.

මේ ආහාර අතිරේකයෙන් ලැබෙන රසායනික ප‍්‍රතිචාරයන් ගැන මම පොඩි අදහසක් දෙන්නම්. සුදු ළූණු වගේ දේවල්වලින් රුධිර කැටිගැසීම් අඩු කරනවා. ඒ වගේම තමයි නියුමෝනියාවටත් ප‍්‍රතිචාර දක්වනවා.

මේ කරල නිසා කොරෝනා මරණ අඩු කරලා, රට යථා තත්වයට පත් කරන්න පුලුවන්. අපි මේක කියන්නේ ජනාධිපතිතුමාටයි.

මේ කරල වෙනත් අයට නිශ්පාදනය කරන්න දෙන්න බැහැ. එහෙම වුනොත් මේකෙ ප‍්‍රමිතිය අඩු වෙනවා. අපි ප‍්‍රමිතියක් ඇතිව මේක නිෂ්පාදනය කරලා, ප‍්‍රමිතියකට අනුව තමයි ඇසුරුම් කර තිබෙන්නේ.

‘මේගා ප‍්‍රයිම්’ කරල ගැන ඕනම තැනකින් ප‍්‍රතිචාර අරගෙන බලන්න. මේ ගැන කාට හරි සායනික පරීක්ෂණයක් කරන්න ඕන නම් හරියට ඒ දේ කරන්න ඕන. සායනික පරික්ෂණයක් කරන්න ඒක ‘ඩිසයින්’ කරන්න ඕන. ‘ක්ලිනිකල් ට‍්‍රයල් ඩිසයින් කරන්න’ ආචාර්ය උපාධියක් තියෙන කවුරුවත් ලංකාවේ නෑ.

කාට හරි අපේ නිශ්පාදනය ගැන දැනගන්න ඕන නම් ඒවා පාවිච්චි කරලා බලන්න කියලා ආරාධනා කරනවා. මිනිස්සු දහ දාහක් (10,000) විතර මේක අරගෙන ලැබෙන ප‍්‍රතිචාරය තමයි තියෙන හොදම සාක්ෂිය. ඒක තමයි අපිට ලැබෙන හෘදය සාක්ෂිය.”

++++++++++

+ [ https://www.meghacaring.com ]

+ [ https://www.facebook.com/MeGhaCaring ]

+ [ YouTube : MeGha Primal Intake ]

+ [ https://www.youtube.com/watch?v=WxFzxpU64so ]

+++++++++++++++++

කොවිඩ් වෛරසයේ හැසිරීම ගැන ඔබ මේ කරුණු දන්නවාද? (31.08.2021)

Derana 360 : වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා (31.08.2021)

++++++++++++++++++

BIG FOCUS : නිරෝධායන ඇඳිරිනීතිය සහ කොවිඩ් එන්නත්කරණය (30.08.2021)

++++++++++++++++++

BIG FOCUS : කොවිඩ් එන්නත්කරණයේ ඉදිරි සැලසුම් (31.08.2021)

+++++++++++++++++++

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

(31.08.2021 – colombotoday.com)

ඉදිරි අවදානම සලකා ලේ පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ මහතා පැවැසුවේ පවතින සංචරණ සීමා සමග ලේ රැස් කිරීම සඳහා ජංගම සායන පැවැත්වීම පුද්ගල කණ්ඩායම් රැස් කිරීම අවදානම් බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ලේ රැස් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවයි.

පිළිකා රෝගීන්, තැලසීමියා, ලියුකේමියා රෝගීන්, හදිසි අනතුරුවලින් බරපතළ තුවාල ලබන රෝගීන්, හදිසි ශල්‍ය කර්ම සඳහා යොමු කෙරෙන රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවුවරුන් සඳහා නොඅඩුව ලේ සැපයීමට ලේ රැස් කර ගතයුතු බව අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

ගැබිනි මව්වරුන් දහසක් (1000) පමණ මාසිකව දරු ප්‍රසූතියේදී ලේ වහනය වන බැවින් ලේ අවශ්‍යතාව පූර්ව සූදානම් කර තබා ගතයුතු බවද පැවැසූ ඔහු ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ හිඟය ගෙවුණු සති අන්තයේදී පරිත්‍යාගශීලීන් එක්ව හිඟය පියවා තිබෙන බව පැවැසීය.

දිවයින පුරා ලේ ඒකරාශී කිරීමේ මධ්‍යස්ථාන 87 ක් පවත්වාගෙන යන බව කී වෛද්‍ය ලක්ෂමන් එදිරිසිංහ ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ ක්‍ෂණික දුරකථන ඇමතුම අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගෙන ලේ පරිත්‍යාග කිරීමට එක්වන ලෙසත් පවතින කොවිඩ් අවදානම සලකා සෞඛ්‍යාරක්‍ෂිතව ලේ පරිත්‍යග කිරීමට අවස්ථාව සකසා තිබෙන බවත් සඳහන් කළේය ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ව්‍යාජ මුදල් නෝට්ටු සමග තිදෙනෙක් STF භාරයට… (31.08.2021)

******************************************

විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප‍්‍රශ්ණයක්..

(31.08.2021 – 15:00 +0530 – lankacnews.com)

මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි.

“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.”

ඒ වගේම, ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

******************************************

මිහින්තලේ රාජගිරිලෙන හෑරු 11 පොලිසියට මාට්ටු

(31.08.2021 – 21:19 +0530 – lankadeepa.lk)

ඓතිහාසික මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනකු (11) අද දහවල් අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

පොලිසිය ළද තොරතුරක් මත, පුරාවිද්‍යා නිලධාරින්ද සමග ගොස් පොලිසිය මෙම වැටලීම සිදුකරණ විට කටාරම් කෙටූ ගල්ලෙනක් ළඟ අඩි දහයකට (10) වඩා විශ්කම්භයකින් යුත් වළක් අඩි පහළොවක් (15) පමණ ගැඹුරට සැකකරුවන් විසින් හාරමින් සිටි බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු පවසති.

සැකකරුවන් සමග ඔවුන් නිධන් හැරීමට යොදාගත් උපකරණ හා පුදපුජා පැවැත්වීමට භාවිතා කළ පුජා භාණ්ඩද සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනාගෙන් (11) තුන්දෙනකු (3) අනුරාධපුර පෙරිමියන්කුලමේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. තවත් තුන්දෙනකු (3) එප්පාවල, කටියාව, යාය-1 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

අනෙක් පස්දෙනා (5) කළුතර පනාපිටිය, කඹුරාවල, බදුරලිය, තෙඹුවන සහ වස්කඩුවේ පදිංචිකරුවන් බව ඔවුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත.

මේ අතරින් නිධානය ගැනීමට පුදපුජා පැවැත්වූ කට්ටඩියා, කළුතර පනාපිටියේ පදිංචි කරුවකු බවත්, මේ සැකකරුවන් සියලු දෙනාම අවුරුදු 23 ත් 35 ත් අතර වයසේ අය බවත් පොලිසිය කියයි ෴

******************************************

ලොව කැළඹූ මාෆියාව ලංකාවට කළ දේ ගැන හෙළිදරව්වක්

(01.09.2021 – am.lk)

ලෝකයේ ඖෂධ වෙළෙඳාම යනු මාෆියාවක් බවත්, එම මාෆියාව මෙරටද ක්‍රියාත්මක වී ඖෂධ නියාමන අධිකාරියේ තිබෙන සියලු දත්ත පරිගණකවලින් අතුරුදහන් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටිනවා.

වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ “මේ නිසා පැන නැගෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් මේ වෙද්දී වැදගත් වූ විශේෂයෙන් කොරෝනා රෝගය සඳහා වැදගත් වූ ඖෂධ කිහිපයක් ලියාපදිංචියට යොමු කර තිබෙන අවස්ථාවකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ” යනුවෙනි.

ඊට අමතරව මෙරට තුළ ඇති බාල බෙහෙත් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ බෙහෙත් නිෂ්පාදන ආයතන පිළිබඳව තිබූ දත්තද ඖෂධ නියාමන අධිකාරියේ පරිගණකවලින් අතුරුදහන්ව ඇති බවටද වෛද්‍යවරයා චෝදනා කරයි.

“මේක නිකන් නොදැන කරපු අතුරුදහන් කිරීමක් හැටියට අපි සලකන්නේ නැහැ. මේක යම් කිසි සැලැසුම් සහගත, මේ ලෝකේ තියෙන හොඳම මාෆියා ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා මේක මේ වෙද්දී හරි නම් කරන්න ඕන – ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ – සභාපතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ සහ ප්‍රධාන විධායක නිලධාරියා මේකට ඍජුව වගකියන්න ඕන – ඔවුන්ගේ යටතේ හිටපු සේවකයන් අතින් වෙන්න ඉඩ තියෙනවා – නමුත් ඔවුන් දෙපළ වග කියන්න ඕන. ඔවුන් මාසයකට මිලියනයකට අධික දීමනා ලබනවා. ඔවුන් ගරු සේවයක් නෙමෙයි කරන්නේ.” යැයිද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් වැඩිදුරටත් චෝදනා කර සිටියා.

ඔහු වැඩිදුරටත් මාධ්‍ය අමතමින් පවසා සිටියේ එම නිලධාරීන් දෙදෙනාව (2) මේ මොහොතේ අත්අඩංගුවට ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කර සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *