රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා

*********************************************

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම්වලට දැඩි සීමා

(31.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටී ඇති අතර, මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම වසරේ පුනරාවර්තන වියදම් රුපියල් කෝටි 2,69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම, සහනාධාර දීම ඇතුලු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම් තවත් වැඩිවනු ඇතැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුදැනුම මත එම ආයතනවල නිලධාරීන් චක්‍රීය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමාවන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

එමෙන්ම රසායනික පලිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි ඊයේ (30) අමාත්‍ය මන්ඩලයේදී සාකච්ඡා වී ඇති බවද සඳහන්.

මේ අතර ගොවියා අතරමං නොකර වගාවන් සඳහා කාබනික පොහොර යොදන ආකාරය පිළිබදව දැනුවත් කිරීම් කඩිනමින් සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ දඹුල්ලේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

******************************************

වී, සහල්, සීනි සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි පැන වේ

(31.08.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවා.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත්කොට තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ නීති රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) නිවේදනයක් මඟින් දැනුම් දුන්නා.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළඳපොල අක්‍රමිකතා වැළැක්වීම සඳහායි මෙම නව රෙගුලාසි පනවා ඇත්තේ.

ඒ අනුව රජයේ සහතික මිලක් හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන ජනතාවට සාධාරණ මිල ගණනකට ලබාදීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත්, හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

ලෝක වෙළඳපොළේ රන් මිලේ සුළු පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට බින්දුව යි දශම තුනකින් (0.3) පහළ ගොස් තිබෙනවා. රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,813 ක් ලෙස යි ෴

******************************************

(31.08.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවා.

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත්කොට තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ නීති රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) නිවේදනයක් මඟින් දැනුම් දුන්නා.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළඳපොල අක්‍රමිකතා වැළැක්වීම සඳහායි මෙම නව රෙගුලාසි පනවා ඇත්තේ.

ඒ අනුව රජයේ සහතික මිලක් හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන ජනතාවට සාධාරණ මිල ගණනකට ලබාදීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිල දී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත්, හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

******************************************

(31.08.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට (5) වරක් සකස් කළ යුතු ‘රතු දත්ත පොත’ වසර 10 කට පසුව නව සංස්කරණය සකස් කිරීම පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් සකස් කර ඇති මෙම ‘රතු දත්ත පොත’ වර්ගීකරණය කොටස් 09 කින් සමන්විතයි.

වඳ වී ගිය / පරම්පරා ගත ගහනයෙන් තොර වූ / වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ / වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති / සහ / අනතුරට ලක්විය හැකි / යන්න එහි මුල් කාණ්ඩ 05 යි.

අවදානම හමුවේ ඇති / අවම අවදානමේ ඇති / දත්ත ඌණතා සහිත / සහ / වර්ගීකරණයට ලක් නොකළ / අනෙක් කාණ්ඩ 04 වනවා.

ශ්‍රී ලංකාවේ ‘රතුදත්ත පොතක්’ අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වසරේදීයි.

‘රතු දත්ත පොත’ නව සංස්කරණය එළි දැක්වීම ලබන සිකුරාදා සිදු කිරීමට යෝජිතයි ෴

******************************************

(31.08.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

30 වන දින රාත්‍රියේ හම්බන්තොට වරාය පොලිස් වසමේ මිරිජ්ජවිල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝතනය කර තිබෙනවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බවට හම්බන්තොට වරාය පොලිසිය වාර්තා කරනවා.

මරණකරු වයස අවුරුදු 34 ක් වන අවුස්කොන් පාර, මිරිජ්ජවිල පදිංචිකරුවෙක්.

ඉඩමකට ගවයන් ඇතුළු වී වගාවකට හානි කිරීම සම්බන්ධ සිද්ධියක් මත ඇති වූ ආරවුලක් දුර දිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ.

අපරාධය සම්බන්ධ ව සැකකරුවන් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට වරාය පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

(31.08.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 800 ක මුදල සහ චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණය මුදල හරහා මෙරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි දියුණු කෙරෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා.

ඒ හරහා මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් වන බැවින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ආනයන සහ අපනයන කරුවන්ට සිය විදේශ වෙළෙඳ කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වන විට මෙරට ආර්ථිකය තුළ මතුව ඇති උග්‍ර අමෙරිකානු ඩොලර් හිගය හේතුවෙන් ආනයන කටයුතු සඳහා දැඩි දුෂ්කරතා මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් සුළුපරිමාණ ආනයන සඳහා යම් යම් සීමා පැනවුනු අතරම මෙරට විශාලතම ආනයනයන් වන ඛනිජ තෙල් ආනයන සඳහා මැදපෙරදිග රටවල් සමග දීර්ඝකාලීන ණය ගිවිසුම් කරා යොමු වීමටත් රජය මූලික වටයේ සාකච්ඡා දියත් කළා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී මෙරට ආර්ථිකයට එක්වන මෙම අමෙරිකානු ඩොලර් ප්‍රමාණය හරහාද මෙරට අමෙරිකානු ඩොලර් සංචිත සඳහා ප්‍රමානවත් ශක්තියක් නොලැබෙන බවටයි.

******************************************

(31.08.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු මහඔය විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් අල්ලාගෙන මහඔය පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහඔය පොලිස් බැරැක්ක ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ටිපර් රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයෙක්.

දුනුවිල පිටිය – මාතලේ පදිංචි පුද්ගලයෙකු වන සැකකරු හා සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(31.08.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම පාර්ශවයන්ට මාර්ගෝපදේශනයක් නිකුත් කර නොමැති වීමෙන් අනවශ්‍ය ඖෂධ රෝගීන්ගේ අතට පත්වීමේ ප්‍රවනතාවක් මතු වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අනුරුද්ධ රණවක මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ කොවිඩ් නියුමෝනියාව වැළදෙන රෝගීන්ට ලබාදෙන ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ඉතා ඉහළ මිලකට මේ වන විට අලෙවි වෙමින් පවතින බවයි ෴

++++++++++++++++++

(31.08.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 9000 සේ සීමාවට ආසන්න වී තිබෙනවා.

ඒ, තවත් මරණ 216 ක් ඊයේ (30) වාර්තා වීමත් සමඟයි. එය මෙරටින් මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (30) තහවුරු කර කරන ලද මරණ 216 සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 8,991 දක්වායි.

මියගිය අයගෙන් 170 දෙනෙකුම අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 41 දෙනෙකු අවුරුදු 30 ත්, 59 ත් අතර වයස්වල පසුවන්නන්.

අවුරුදු 30 ට අඩු 5 දෙනෙකු ද මෙම පිරිස අතර වනවා.

එමෙන්ම ඊයේ (30) දිනයේ නව ආසාදිතයන් 4,562 කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,36,081 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන් සියලුදෙනා ‘අලුත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආශ්‍රිතයන්.

ඒ අනුව තවදුරටත් රෝගීන් 55,098 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,71,992 ක් ෴

පෞද්ගලික රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට යාමේ දී සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා නිලධාරියෙකු පත් කර තිබෙනවා. පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආනන්ද කුරුප්පුආරච්චි මහතා මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ෴

+++++++++++++++++++++

(31.08.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සති තුනකට මදක් වැඩි කලක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසු වූ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා හෙවත් අපගේ ආදරණීය ‘සුනිල් අයියා’ සම්පූර්ණ සුවය ලබා ඊයේ (30) සිය නිවසට පැමිණ තිබෙනවා.

කෝවිඩ් වෛරසය හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ සුනිල් පෙරේරා මේ වන විට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ සොයුරු පියල් පෙරේරා අප කළ විමසීමක දී කියා සිටියේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බවත් තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලෙකින් පසු ව සිය සහෝදරයා සම්පූර්ණයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.

එමෙන්ම ජිප්සීස් නායකයා රෝගාතුර වූ පසු ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ස්තුති කිරීමටත් පියල් පෙරේරා අමතක කළේ නැහැ.

68 හැවිරිදි වියේ පසුවන ‘ජිප්සීස්’ නායක සුනිල් පෙරේරා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුනේ පසුගිය 10 වැනිදා යි.

මල්ලී කොත්ත මල්ලී

++++++++++++++++++++

දින 3 න් රෝගියෙකු සුව කරන වෙදැදුරු – එස්.බී. ඉන්නෙත් ‘ව්‍යාධි හරණී’ බීලා – ආයුර්වේද වෛද්‍ය පී.ඒ. රත්නපාල (29.08.2021)

https://www.youtube.com/watch?v=Opdxyc_xFtk

++++++++++++++++

(31.08.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 5,71,589 කට ඊයේ (30) කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

එය, දිනක් (1) තුළ මෙරට සිදුකළ වැඩි ම එන්නත්කරණයයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 48,280 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 4,88,158 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 11,951 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 653 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 16 දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ (30) එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 20,857 ක්.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 12 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1,662 කට ලබා දී තිබෙනවා ෴

++++++++++++++++

(31.08.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් වේ නම් තමන් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ සුදුසුකම් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 දීමනාව ලබාදී අවසන් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *