මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය

මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය


මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’ – ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය

(10.05.2026 – 14:18 +0530 – sinhala.adaderana.lk)

මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධ ආන්දෝලනාත්මක මුදල් ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මඟින් සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය චෝදනා එල්ල කරයි.

පිටු 8 කින් සමන්විත මෙම වාර්තාව මඟින් ඉහළ නිලධාරීන් ආරක්ෂා කර, වරද පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති මත පැටවීමට උත්සාහ කර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුවට පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීම මෙම වාර්තාව මඟින් පැහැර හැර ඇති බවත්, මෙය හුදු කරුණු වාර්තා කිරීමක් පමණක් බවත් නීතිඥ සංවිධානය පවසයි.

වංචාවට සම්බන්ධ බලධාරීන්ට තම වැරදි වසා ගැනීමට සහ ලේඛන සකස් කර ගැනීමට මාසයක පමණ අතිරික්ත කාලයක් ලබා දීම මඟින් මුදල් කමිටුව අගතියක් සිදු කර ඇති බවට ඔවුහු චෝදනා කර තිබේ.

දින 30 ක් ගත වී ඇතත් මහ බැංකුවේ පාලන අධිකාරිය මේ පිළිබඳව මුනිවත රකින බවත්, මහ බැංකුවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට කමිටුව කටයුතු කර ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් සහ ණය කළමනාකරණ යන අංශ එකිනෙකට සම්බන්ධීකරණයක් නොමැතිව ස්වාධීන පරිගණක පද්ධති තුනක් (3) භාවිතා කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බව මෙහි සඳහන් වේ.

මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේදී, ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා නිසි දැනුවත්භාවයකින් කටයුතු කර නොමැති බව ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ පවසයි.

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක වගකීම තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම අයහපත් පරිපාලන ව්‍යවහාරයක් බව ඔවුහු පෙන්වා දෙති.

“රජයේ අවශ්‍යතාවය වන සැබෑ අපරාධකරුවන් සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබාදී තිබීම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන” බව එම සංවිධානය අවධාරණය කරයි.

+++

හැකර් උස්සපු ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂයේ ප්‍රබලයන් 04 කට තොරතුරු ඇවිත් තිබ්බා (10.05.2026)

+


මහින්ද මහත්තය සමග 12 වෙනිදා එන අය (10.05.2026)

+


මේ ආණ්ඩුව කාටත් නොදැනෙන්න හොරකම් කරන්නෙ මෙහෙමයි – නිරෝෂන් පාදුක්කගේ හෙළිදරව්ව (10.05.2026)

+

එකෙක් නෙවෙයි ලක්ෂයක් මරලා හරි අපි බලයේ ඉන්නවා… ඒ වුණාට, පැලවත්තෙත් ගෝරිලු නේද? (10.05.2026)

+


රංග නිශාන්තගේ සිරුරේ සම ගැලවුණේ කොහොම ද? කපිල චන්ද්‍රසේනගේ බෙල්ලේ තිබු‍ණු පටි කෑල්ල මොකක් ද? (10.05.2026)

+


ඩොලර් මිලියන 2.5 ක වංචාව කර ඇත්තේ ඇමරිකාවේ ප්‍රාන්ත දෙකක ගිණුම් දෙකකින්! එක ගිණුමක් ඇමරිකා සමාගමක්! (10.05.2026)

+


ආධ්‍යාත්මික නායකයාට ගැහුවෙ කවුද ? (10.05.2026)

+

එයාර් බස් වංචාවේ වන්දියට මොකද උනේ – අලුත් කපිල චන්ද්‍රසේනලා (10.05.2026)

+


අටමස්ථානාධිපති රිමාන්ඩ් වීමේ නාට්‍යාලංකාරය (10.05.2026)

+


මහා භාණ්ඩාගාරය හිස් කරන ලාල්කාන්තලාගේ සමාජ ප්‍රාග්ධනය (10.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *