නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – විදේශ ලේකම් වෙනස් වෙයි – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට
(13.08.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ සිදුවූ බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ නව ලේකම්වරයා වන්නේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි. විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස …