ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි

*********************************************

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි

(07.09.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ ගැබිණි මව්වරුන් 40 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

සැප්තැම්බර් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු අද (07) වසංගත රෝග විද්‍යා අංශය මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට ඇතුළත් කළා.

ඒ අනුව පසුගිය පළමු වැනිදා දෛනික ආසාදිතයින් 4,465 දක්වාත්, 02 වැනිදා 4,222 දක්වාත්, 03 වැනිදා 4,250 දක්වාත්, 04 වැනිදා 3,887 දක්වාත් සහ 05 වැනිදා 3,858 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

එසේම, අද (07) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,960 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,71,859 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා ගැබිණි මව්වරුන් 5,500 කට කොරෝනා ආසාදනය වී ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා ආසාදිතයින් සහ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් කොරෝනා පරීක්ෂණ සීමා වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

= කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් අඛණ්ඩව දෙවන (2) සතියටත් ශ්‍රී ලංකාව ලොව පළමු තැනට =

කොවිඩ් මර්දන එන්නත්කරණය අතින් අඛණ්ඩව දෙවන සතියටත් ශ්‍රී ලංකාව ලොව පළමු (1) තැනට පත්ව තිබෙනවා.

ගෝලීය කොවිඩ් දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ‘අවර් වර්ල්ඩ් ඉන් ඩේටා’ වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී එඩ්වර්ඩ් මැතිව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සනාථ කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය සතියේදී මෙරට ජනගහණයෙන් 11.6% කට එන්නත් ලබා දී ඇති බවයි.

එම ලැයිස්තුවට අනුව එන්නත්කරණය අතින් ලොව දෙවැනි (2) තැන පසුවන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය අතින් ලොව පළමු තැනට පත්වූ නවසීලන්තයයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීමේ කටයුතු අදත් (07) සිදුවුණා.

+++++++++++++++++++

දින තුනක් (3) ඇතුළත එකම පවුලේ මව, පියා සහ දියණිය මරුට

(07.09.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය ඊයේ (06) කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

කෙසේවෙතත් ඊට දින දෙකකට (2) පෙර එම පවුලේ පියාද මියගොස් තිබේ.

නමුත් ඔහුගේ මෘත දේහය රහසේම වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර ඇති බවට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පුත්තලම මුලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව නිවසේදි මරණයට පත්වු ගෘහ මුලිකයාගේ සිරුර භුමදානය කිරීමට අවසර ලබාදුන් බව සැලකෙන ග්‍රාම නිලධාරිවරයගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බව වාර්තා විය.

පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කළේ දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහය නැවත ගොඩ ගෙන පශ්චාත් මරණය පරික්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවය.

සමාජයේ ආසාදිතයින් ගැන පැහැදිලි තීරණයක් ගන්න බෑ – PHI සංගමය

(07.09.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි මට්ටමක අඩුවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කොවිඩ් මරණ 180 ක් විසින් ඊයේ (06) ද නිවේදනය කළ අතර අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 07 දෙනෙකුද එම මරණ අතරට අයත්වී තිබුණි.

මේ අතර දින 5 ක් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් 2950 දෙනෙකුගේ වාර්තා වසංගත රෝග විද්‍යා ඒකකය ජාතික කොවිඩ් දත්තවලට අද එකතු කළේය.

ගෙවුණු දින 5 කට අයත් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් ගණන 2,950 කි.

ඒ අනුව සැප්තැම්බර් 01 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා මෙතෙක් පැවැති දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංශෝධනය වන්නේ මෙලෙසිනි.

සැප්තැම්බර් 01 වනදා 3,828 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 637 දෙනෙකු එකතුවන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,465 ක් ලෙස දැක්වේ.

සැප්තැම්බර් 02 වනදා 3,627 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 603 දෙනෙකු එකතුවීමත් සමග එදින සමස්ත ගණන 4,230 දක්වා ඉහළ යයි.

සැප්තැම්බර් 03 වනදා 3,644 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 606 දෙනෙකු එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,250කි.

සැප්තැම්බර් 04 වනදා 3333ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 554 දෙනෙකු එකතුවන අතර එදින සමස්ත ගණන 3,887ක් ලෙස ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් 05 වනදා 3,308 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 550 දෙනෙකු එකතු වන අතර එදින සමස්ත ගණන 3,858 ක් ලෙස සංශෝධනය විනි.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

“පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා.”

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසිඅට ලක්ෂ විසිතුන්දහස් එකසිය හතළිස් හතකි (1,28,23,147).

මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා තිබේ ෴

යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ දානපතියෙකු විසින් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ප්‍රදේශයේ ජනතාවට මුදල් බෙදාදීමට ඊයේ (06) කටයුතු කර තිබුණි.

ඔහු එහිදී රුපියල් 2000 බැගින් රුපියල් කෝටි 2 ක පමණ මුදලක් මෙලෙස දීමට සූදානම්ව සිටියේය.

එම ආරංචිය දැනගත් විශාල පිරිසක් මුදල් ලබාගැනීම සඳහා එක්රැස්ව සිටි බව වාර්තා විය.

එහෙත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අදාළ දානපති පුද්ගලයා ඇතුළු එය සංවිධාන කළ තිදෙනෙකු (3) නෙල්ලිඅඩි පොලිස් නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

නමුත් අවවාද කිරීමෙන් පසුව ඔවුන්ව මුදාරීමට පොලීසිය කටයුතු කර තිබුණි ෴

+++++++++++++++++++

වසංගතයේ ඉතිහාසය හා වර්තමානය (03.09.2021)

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(07.09.2021 – 21:01 +0530 – hirunews.lk/sinhala)

බදු පැහැර හරින්නන්ට දඬුවම් කිරීම වෙනුවට ඔවුන්ට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත කෙරුණු මුදල් පනතට අදාළ සංශෝධන පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

******************************************

(07.09.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

නිසි මිලක් නොමැතිකම හේතුවෙන් දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානය යොමුකළා.

******************************************

වෙනත් ව්‍යාපාරිකයින්ගේ නම් භාවිත කරමින් කළ සහල් ජාවාරම

(07.09.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට අලෙවි කරමින් සහ සඟවා ඇති සහල් තොග සොයා පිටකොටුව 5 වන හරස්වීදියේ, වේල්ල වීදියේ සහ පරණ යෝන් වීදියේ පිහිටි සහල් තොග වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (07) පරීක්ෂාවට ලක්කර තිබුණි.

මෙහිදී ඇතැම් වෙළෙඳසැල්වල සහල් තොග නැවත හරවා යවන ලෙසට සඳහන් කරමින් අසුරා ඇති ආකාරයක් දක්නට ලැබුණි.

ඒ අනුව, එම වෙළෙඳසැල්වල තිබු සහල් කිලෝ 14,000 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් සිය භාරයට ගෙන සතොසට ලබාදීමට කටයුතු කළේය.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා මුද්‍රා තබන ලද කුරුණෑගල උයන්දන පිහිටි ගබඩාවේ තිබු සීනි මෙට්‍රික් ටොන් 165 ක ප්‍රමාණයක් අද වයඹ පළාතේ සමූපකාර සමිති වෙත නිකුත් කිරීම සිදුකෙරුණි.

මෙවන් පසුබිමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් හා පොලිස් විශේෂ කාර්යය බළකාය එක්වී අද මූතූර්හි සහල් ගබඩාවක් වටලනු ලැබීය.

එහිදී අනාවරණ කර ගැනුණේ මෙරට ප්‍රසිද්ධ සහල් නිෂ්පාදකයින් 22 දෙනෙකුගේ නම් ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම ගබඩාව තුළදී සහල් නිෂ්පාදනය කර බෙදාහරින බවය.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් එම ගබඩාවට අද (07) පස්වරුවේ මුද්‍රා තැබුවේය.

******************************************

42 හැවිරිදි වියේ පසුවූ පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන් කොරෝනා ආසාදනය වී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි 05.09.2021 දින රාත්‍රියේදී අපවත්වී වදාල සේක.

පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමියන් දැයෙන් සමුගැනීමට පෙර අවසන් වරට විශ්වකර්ම සමග කළ වැඩසටහන – රාවණ රජුගේ කාලයේ සිට අද දක්වා ආත්ම ගණන් ඉපදිච්ච කෙනෙක් ගැන සහ රන් මසු උයනේ ප්‍රබල විශ්ව ශක්ති ආසනයක් ගැන අවසන් වරට කළ හෙළිදරව්ව.

05.09.2021

+++++++++++

ලෝකයේ විශ්ව ශක්තිය වැඩි මහා සෑයෙන් ආ වනඅරණේ භාවනායෝගී හිමියන් හෙළි කළ ප්‍රභල විශ්ව පණිවිඩයක් (23.08.2021)

+++++++++++

මහා සෑයේ දිවුරුම් දීම නිසා වෙන්න යන දේ – පෘථිවි ආක්‍රමණයට එන පිටසක්වලුන් ගැන හෙළිදරව්වක් (26.07.2021)

++++++++++++

භාවනායෝගී හිමියන් රාවණාගෙ අවදිවීම ගැන කල හෙළිදරව්ව – සීගිරි දොරටුව විවර කරන්න එන අනාගත උරුමක්කාරයා (11.07.2021)

******************************************

එකලොස් (11) හැවිරිදි මේඝ ගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක් – “මේක මම ලංකාවට දෙනවා” (07.09.2021)

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ‘මේඝ මහිම විජේවර්ධන’ සමග සිදුකරන මෙම වැඩසටහනේ අරමුණ ඔහුගේ මෙම නවතම අත් හදාබැලීම පිළිබඳ මෙරට නිසි බලධාරීන්ගේ අවධානය යොමුකරවීමයි.

++++++++++++

ලෝකයේ ලාබාලතම නාසා තානාපති නයිවල දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙයි (18.12.2020)

ඇමරිකාවේ නාසා ආයතනය වෙනුවෙන් පත්වී සිටින ලෝකයේ ලාබාලතම තානාපති සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ එවැනි අවස්ථාවක් හිමිකර ගත් එකම දරුවා වන ‘මේඝ මහිම විජේවර්ධන’ මෙරට අභ්‍යවකාශ විද්‍යාවට සහ තාරකා විද්‍ය්‍යාවට දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් දැනුම් හුවමාරු වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඔහුට ප්‍රණාමය පුදකිරීම මෙම වැඩසටහනෙ අරමුණයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *