රණවිරුවන්රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..රණවිරුවන්

රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..


රණවිරුවන් දංගෙඩියට.. සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..

(22.08.2024 – 12:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන ‘සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත’ වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව (21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවට ‘සර්වජන බලය’ විධායක සභිකයෝ වන ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ, ‘යුතුකම සංවාද කවය’ ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ‘ජාතික නිදහස් පෙරමුණේ’ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ‘සර්වජන බලය’ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා දෙන්නේ, දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගයක සැලසුම්වලට අනුව සහ බලපෑම්වලට යටත් වී සත්‍ය සෙවීමේ නාමයෙන් ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කරන ‘ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව’ පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සහ ඔවුන් අපකීර්තියට පත් කිරීමට මෙන්ම මානසිකව බිඳවැට්ටවීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් බව ය.

එම චෝදනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට සහ විදේශීය රටවලදී නඩු පැවරීමට අදාළ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව සර්වජන බලය නායකත්වය මෙහිදී පෙන්වා දුන්හ.

දේශීයව, අපරාධ නීතිය සහ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යටතේ නඩු පැවරීමටත් දැනට සේවයේ නියුක්ත නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පැවැත්වීම මගින් දඬුවම් කිරීමටත් ඉහත පනත් කෙටුම්පත සම්මත වුවහොත් අවකාශය නිර්මාණය වන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එපමණක් නොව මෙරට ආරක්ෂක හමුදාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාවට අනුව මේ වන විට සම්මත කර ඇති නීතිමය රාමු 07 (ඇමුණුම 01 බලන්න) ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අදාළව උපදෙස් ලබාදීම, සහාය ලබාදීම, එකඟතාව ඇතිකර ගැනීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන බලවත් ප‍්‍රතිපාදන ඉහත කී පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව ඇති හෙයින් කෘතගුණ දත් සියලුම ජනතාව මෙම විනාශකාරී පනත් කෙටුම්පත සම්මත වීම වැළැක්වීම සඳහා පෙරට ආ යුතු බව ද සර්වජන බලය නායකත්වය මෙහිදී අවධාරණය කළහ.

+———–

ඇමුණුම 01

එම නීතිමය රාමු 07 සහ ඒවායේ අරමුණු මෙසේ සාරාංශ ලෙස දැක්විය හැක.

  1. අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත – 2016:
    එම නීතිය මඟින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස ඊනියා අතුරුදහන්වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත‍්‍රණය ආරම්භ විය. ඒ මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනුකිරීමට ප‍්‍රතිපාදන සැලසුණු අතර ඒ අනුව එම යාන්ත‍්‍රණය එක්තරා ආකාරයක චෝදනා කර්මාන්ත ශාලාවක් බවට පත්විය. නමුත් එවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික බලවේගවල ප‍්‍රබල ඉල්ලීම පරිදි එම කාර්යාලය තමා යටතට ගැසට් කර ගැනීම මගින් ප‍්‍රායෝගිකව එම ක‍්‍රියාවලියට තිරිංග දමනු ලැබීය. එම හේතුව මත පසුකාලීනව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනුකිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය.
  2. පිටුවහල් කිරීමේ (සංශෝධන) පනත – 2017:
    එම පනත මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව විසින් යෝජනා කළ පරිදි ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා යුද අපරාධ චෝදනාවන්ට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීය. එම සංශෝධනය මගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පැවති එකඟතාව තවදුරටත් පුළුල් කරනු ලැබීය.
  3. වන්දි ගෙවීම පිළිබඳ කාර්යාල පනත – 2018:
    එම පනත මගින් යුද අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන් වූවන් ඇතුළු සෙසු වින්දිතයන්ට සහන ලබාදීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන පනවනු ලැබීය.
  4. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ අන්තර්ජාතික ප‍්‍රඥප්ති පනත – 2018:
    එම නීතිය මඟින් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තරය ප‍්‍රඥප්තියේ අන්තර්ගත ප‍්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබූ අතර ඊට අමතරව දේශියව යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවනු ලැබීය.
  5. අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත – 2018:
    මෙම නීතිය මඟින් යුද අපරාධ චෝදනාවට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි විදේශීය රටවල අභිචෝදකයින්ට ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බැඳීමක් ඇති වන අතර වැරදිකරුවන්ට අදාළව පැනවෙන දඩුවම් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට බැඳීමක් ඇතිවේ.
  6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත – 2023:
    මෙම පනත මගින් 2016 පනත තවදුරටත් ශක්තිමත් වේ. ඒ මගින් අධිකරණයකදී හෝ අනාගතයේදී පිහිටුවන ලබන සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම වැනි කොමිසකමදී සාක්ෂි ලබාදෙන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ වද බන්ධනයන්ට ලක්වූ බවට පිළිගන්නා පුද්ගලයින්ට විශේෂිත ආරක්ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ඉලෙක්ට්‍රොනික් ශ‍්‍රව්‍ය – දෘෂ්‍ය මාධ්‍ය මගින් ලබාදීමට නීත්‍යනුකූලව ඉඩ සැලසේ. ඒ අනුව විදේශවල සිටින පුද්ගලයින්ට හරස් ප‍්‍රශ්න ඇසීමට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබේ. නමුත් චෝදනාවලට පාත‍්‍ර වන ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඊට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැක.

+———–

මාධ්‍ය අංශය,
සර්වජන බලය

+


21.08.2024

+


22.08.2024

මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගත් CTB රියැදුරෙක්.. (22.08.2024)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *