අගෝස්තු 25 වනදා සඳුදා උදෑසන 08 සිට රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක් ප‍්‍රකාශයට පත් කෙරේ
අගෝස්තු 25 වනදා සඳුදා උදෑසන 08 සිට රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක් ප‍්‍රකාශයට පත් කෙරේ
(23.08.2025 – 17:30 +0530 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනය =
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීම පසෙකලා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන වෛද්‍යවරුන් පලවා හැරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍ය හිඟය උග්‍ර වීමේ අවදානමක්
පසුගිය සමයේ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියෙන් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2500 කට අධික සංඛ්‍යාවක් ඉවත් වී විදෙස් ගත වී ඇති අතර එම ප්‍රවණතාවයේ සැලකිය යුතු මට්ටමක අඩුවීමක් මෙතෙක් දක්නට නොමැත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් පද්ධතියේ සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී බරපතළ අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇත.
වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය හා සාධාරණය ඉටු කිරීමත්, යහපත් වෘත්තීය පරිසරයක් බිහි කිරීමත් ඔස්සේ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන වැඩපිළිවෙළක් සඳහා වන යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී, අවශ්‍ය සහයෝගය ද ලබා දී තිබුණ ද, මෙතෙක් වෛද්‍යවරුන් රැකගැනීම හෝ ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්ථීරසාර වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දියත් වී නොතිබීම අවාසනාවද තත්ත්වයකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදූරදර්ශී සහ අසමත් වැඩපිළිවෙල හේතුවෙන්, දිනෙන් දින විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් මෙරටට අහිමි වෙමින් පවතී. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැකගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ, වෛද්‍යවරුන් රැක ගැනීම නොව ඔවුන් පලවා හැරීමයි.
වෛද්‍යවරුන් රැකගැනීම පමණක් නොව කැපකිරීම් කරමින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සේවාවන් සපයන වෛද්‍යවරුන්ට ආරක්ෂිත වෘත්තීය පරිසරයක් බිහි කිරීම සහ සේවාවන් සැපයීමට අදාළ නීතිමය ආරක්ෂාව ලබාදීමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමකි.
එහෙත් එම වගකීම ඉටු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇත.
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව වුවද, රෝහල් පද්ධතිය තුළ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් තවමත් ප්‍රකාශයට පත් වී නැත. මෑත කාලීනව යාපනය තෙලිප්පලෙයි මූලික රෝහල, අක්කරේපත්තුව මූලික රෝහල, දඹාන රෝහල ආදී ස්ථාන ගණනාවකදී සිදුවුනු සිදුවීම් හරහා එය යළිත් තහවුරු වෙයි.
රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය මධ්‍යයේ වුවද, රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් අවදානමක් සහිතව වුවද බාහිරින් ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් අනුගමනය කලද, ඒ පිළිබඳ පසුගිය කාලය ඇතිවූ විමර්ශන, නීතිමය ගැටලු සහ මාධ්‍ය භාවිතාව හේතුවෙන්, බාහිරින් ඖෂධ සහ උපකරණ ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශ නිකුත් කිරීම පිළිබඳ දෙවරක් සිතීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිමුඩියේ නිකුත් කරන ලද චක්‍රලේඛයද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි අඩුපාඩු ගණනාවක්ද සහිත හුදු ලියවිල්ලක් පමණි.
සෞඛ්‍ය පද්ධතියේ වටිනාම මානව සම්පත වන විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට සේවාවන් සැපයීමේදී නීතිමය රැකවරණය ලබාදීමට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු ප්‍රශස්ත වැඩපිළිවෙලක් ප්‍රකාශ කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සේවයෙන් ඉවත්ව ගොස් හෝ ඉවත්වීමට තීරණය කර ඇත.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන අක්‍රමිකතා සහ අකාර්යක්ෂම වැඩ කටයුතු හේතුවෙන් වෛද්‍යවරුන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇත. පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව සකස් කිරීමේ ක්‍රියාවලියේ සිදුකරන ලද අක්‍රමිකතා හේතුවෙන් සහ ඒ හරහා ඇති වූ ප්‍රමාදය හේතුවෙන්, පීඩාවට පත්වුණු නවක වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බලන මට්ටමට පත් වී ඇත.
නීති, චක්‍රලේඛ හෝ තර්ජන මගින් වෛද්‍යවරුන් රට තුළ බලෙන් රඳවා ගැනීම සිදුකළ නොහැකි බව ඉතිහාසය පුරා යළි යළිත් තහවුරු වී තිබියදීත්, නැවතත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය සතියේදී වෛද්‍යවරුන්ට විදේශීය නිවාඩු ලබාගැනීම අවහිර කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
පසුගිය කාලයේ විදේශගත වී සිට නැවත මෙරටට පැමිණි වෛද්‍යවරුන්ට පවා පත්වීම් ලබාදීම අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය, කාලයක් සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගත වන වෛද්‍යවරුන් අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් ද අනුගමනය කිරීම හාස්‍යජනකය.
2022 වර්ෂයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයක් හරහා වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වසර පහක් දක්වා විදෙස් නිවාඩු ලබාගෙන සේවය කර නැවත සේවාවට එකතු වීමේ අවස්ථාව ලබා දී තිබිණි. එහි අරමුණ වූයේ නැවත එම වෛද්‍යවරුන්ගේ සේවාව මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාවට ලබා ගැනීම සහ විදේශ විනිමයද උපයා ගැනීමයි. එහෙත් එක්වරම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම චක්‍රලේඛය අවලංගු කරමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන වැඩපිළිවෙළක්ද නොමැතිව, මෙවන් අත්තනෝමතික චක්‍රලේඛ නිකුත් කිරීම හරහා සිදුවනුයේ, එම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සදාකාලිකවම මෙරටට අහිමි වී යාමයි.
එකිනෙකට පරස්පර විරෝධී ප්‍රතිපත්තීන් මත පිහිටා කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ දැඩි අවධානය යොමු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමට ද නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම වනුයේ ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වුවද, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරනුයේ සම්පූර්ණයෙන්ම ඊට පටහැනි ප්‍රතිපත්තියක පිහිටා බව අපගේ නිරීක්ෂණයයි. වත්මන් රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම තම ප්‍රතිපත්තිය බවට ප්‍රකාශ කළ ද, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරනුයේ සම්පූර්ණයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මතය.
සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳීමට ඕනෑ තරම් අවස්ථාවන් සහ කාලය ලබා දී තිබියදීත්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය රැකගැනීම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට අසමත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින්ගේ අදූරදර්ශී, උදාසීන සහ අකාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවී ඇත.
ඒ අනුව වෛද්‍යවරුන් සහ නිදහස් සෞඛ්‍ය සේවාව රටට අහිමි කරන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයට එරෙහිව පහත ඉල්ලීම් පදනම් කර ගනිමින් එළඹෙන අගෝස්තු 25 වනදා සඳුදා උදෑසන 08 සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.
- සංශෝධිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කිරීම සහ ආවරණ ලිපියේ මාතෘකාව ‘පශ්චාත් සිමාවාසික ස්ථානගත කිරීම’ වශයෙන් නිවැරදි කිරීම.
- ස්ථානමාරු මණ්ඩලයේ එකගතාවයකින් තොරව කප්පාදු කල දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ඉවත් කර, ඒ වෙනුවට ස්ථානමාරු මණ්ඩල එකගතාවය සහිත පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට එකතු කර එම වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදිම.
- ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවෙන් අත්තනෝමතික සහ අනීතික ලෙස ඉවත් කරන ලද පුරප්පාඩු 78 නැවත එකතු කර එම ස්ථාන මාරු ලැයිස්තුව නැවත ප්‍රකාශයට පත් කිරීම.
- සෞඛ්‍ය අමාත්‍යවරයා ද ඇතුලු ඉහල නිලධාරින්ගේ උපදෙස් ඉවත දමමින් අත්තනෝමතික සහ අනිතික ලෙස කටයුතු කරමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සහ සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වූ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා – II සහ අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා යන නිළධාරින් සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරිම.
වෘත්තිය ක්‍රියාමාර්ග සහ වැඩවර්ජනයේ ඉදිරි තීරණ එදිනට රැස්වෙන රජයේ නිලධාරින්ගේ සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අදූරදර්ශී, අකාර්යක්ෂම සහ අසමත් වැඩපිළිවෙළ හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වනුයේ මෙරට අහිංසක රෝගී ජනතාව වන අතර, නුදුරු අනාගතයේදී ඒ සම්බන්ධයෙන් ජනතාවටම සෘජුවම පිළිතුරු බැඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට සිදුවනු ඇත ෴
ආණ්ඩුවට ලංගමයෙන් රතු එළියක් – ළඟ ළඟ එන බස් වර්ජනය (23.08.2025)
+
හිටපු ජනපති රනිල් වෛද්‍ය උපදෙස් මත දැඩි සත්කාර ඒකකයට (23.08.2025)
+++
ආණ්ඩුව හොල්ලන සටන ඇරඹෙයි – රනිල් දැම්මා හිරේ – විපක්ෂය එකතු වුණා (23.08.2025)
+++
ගොරකා දඩමස් කරන්න පුළුවන් CID එකට විතරයි (23.08.2025)
+++
කොටින්ට අවුරුදු 30 කින් බැරි වුණු දේ ආණ්ඩුව දැන් එයාලට කරලා දෙනවා – නාමල් හෙළිදරව්වක් කරයි (23.08.2025)
+++
හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන
(23.08.2025 – hirunews.lk)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව ද මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ අද (23) පැවති පොලිසියේ විශේෂ මාධ්‍ය හමුවකදී වන අතර, විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, ඊයේ (22) දිනයේ අධිකරණයේදී “මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ව හරි මග යැවිය යුතුයි. ඔහුට රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගන්න බෑ.” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, ඔහු සඳහන් කළේ, මෙම සංචාරයේ වියදම් සඳහා පූර්ව අනුමැතියද ලබාගෙන නොමැති බවයි ෴
+++
“අනුරට උදව් කරලා රනිල් වරද්දගත්තා” රනිල් රිමාන්ඩ් වුණු බව දැනගත්ත ගමන් හිරුණිකාට ඇතිවුණු හැඟීම (23.08.2025)
+++
“මේ ප්‍රකාශයට නීතිමය උත්තරය ලැබෙන තෙක් මුළු රටම බලා සිටී” (23.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴