2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකළ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකට වසර 6 ක සිරදඬුවමක්
(14.05.2026 – 18:12 +0530 – sinhala.adaderana.lk)
2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6 ක සිර දඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව රුපියල් මිලියන 3 ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක (1) සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වග උත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
+
වැස්සට සෝලා පැනල් හේදෙනවා කියලා හිතාගෙන ඉන්නවද? එහෙනම් ඔයාගේ ලයිට් බිල නගින එක අහන්න දෙයක් නෑ!
සෝලා පැනල් වල මඩයි, දූවිලියි, කුරුළු බෙටියි බැඳුනම 20% කින් විතර කරන්ට් එක නිෂ්පාදනය වෙන එක අඩුවෙනවා. හැබැයි මේවා හෝදන්න කම්පැනි වලට රු. දාස් ගණන් දෙන්න ඕනෙත් නෑ, වැරදි විදිහට හෝදලා ලක්ෂ ගණන් වටින පැනල් පුපුරවගන්න ඕනෙත් නෑ!
ඔයාගේ ගෙදරත් සෝලා තියෙනවද? නැත්නම් සෝලා තියෙන යාළුවෙක් ඉන්නවද? අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එයාලට Share කරන්න!
https://www.facebook.com/share/v/1LGxfBVmtU
පල්ලෙගම හේමරතන සිසුවියට කෝල් කරපු හේතුව..? නවලෝකය ඇතුළේ ගහපු සැළසුම (14.05.2026)
+
කපිල ගැන, අරවින්ද ද සිල්වා (නො)කියූ රහස..? සරමේ පටලපු එකක් එවන්න (14.05.2026)
+
පේෂල මනෝජ් ඇත්තට දක්ෂ කුමන විෂයට ද? |Peshala Manoj|Upul Shantha Sannasgala (13.05.2026)
+
Hiru TV Balaya Live | Episode 642 | 2026-05-14
+
ලංකාවේ පළමු භූතාප තෙත්බිම ලෙස ‘කපුරැල්ල’ සංරක්ෂණයට සූදානම්
(14.05.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගත් ප්‍රථම සහ එකම භූතාප තෙත්බිම (Geothermal Wetland) ලෙස සැලකෙන අම්පාර, මහඔය පිහිටි ‘කපුරැල්ල උණුදිය තෙත්බිම’ සංරක්ෂණය කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, බෝගමුයාය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර් 20.1 කින් යුත් මෙම සුවිශේෂී පරිසර පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් පසුගිය 12 වැනිදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

සාමාන්‍යයෙන් මෙරට දක්නට ලැබෙන උණුදිය උල්පත් කුඩා පොකුණු ස්වභාවයක් ගත්තද, කපුරැල්ලේදී දක්නට ලැබෙන්නේ පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරුණු උණුදිය වගුරු (Marshy) ස්වභාවයක්.
පොළොව අභ්‍යන්තරයේ ඇති පාෂාණ ස්ථර මගින් රත්වන ජලය, බුබුළු දමමින් මතුපිටට පැමිණෙන ආකාරය මෙහිදී දැකගත හැකි අතර, අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන සුවිශේෂී බැක්ටීරියා, ක්ෂුද්‍ර ජීවීන්, ජලජ ශාක සහ විවිධ පක්ෂී විශේෂ රැසකට මෙය වාසස්ථානයක්.
පරිසර අමාත්‍යාංශය, ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා ෴
හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
(14.05.2026 – 21:06 +0530 – sinhala.adaderana.lk)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.
එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් හෙට (15) දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස දැනුම්දී ඇත ෴
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ (14.05.2026)
+
රාජ්‍ය නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම ඩිජිටල් ක්‍රමයට පමණයි : අවසන් දිනය 2026 ජූනි 30 වැනිදා
(15.05.2026 – hirunews.lk)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2026 ජූනි මස 30 වැනිදා බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
මෙවර ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සියලුම ප්‍රකාශයන් ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු වීමයි.
එසේම අතින් සම්පූර්ණ කරන ලද (Manual) ප්‍රකාශයන් භාර නොගන්නා බව කොමිෂන් සභාව අවධාරණය කරනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන
https://ciaboc.gov.lk/ වෙත පිවිසීමෙන් විද්‍යුත් ක්‍රමයට තම ප්‍රකාශනය ඇතුළත් කළ හැකියි.
ජූනි මස අවසාන දිනවලදී පද්ධතියට (System) එකවර විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් ජාලයේ තදබදයක් ඇති විය හැකි බැවින්, අවසාන මොහොත වන තෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වන ලෙස එම කොමිෂන් සභාව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
නියමිත දිනට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වන අතර, දූෂණ විරෝධී පනතේ (ACA) විධිවිධාන ප්‍රකාරව ජූනි 30 වැනිදාට පසු ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් සඳහා අධිභාරයකට (Surcharge) යටත් වීමට සිදුවෙනවා.
මීට අමතරව අනෙකුත් නෛතික පියවරයන්ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බවටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
රාජ්‍ය අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස අදම ඔබේ විද්‍යුත් වත්කම් ප්‍රකාශනය (E-Declaration) සම්පූර්ණ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටිනවා ෴
ගල් අඟුරු කොමිසම කාගෙද කියලා හිතාගන්න බැරුව ඉන්නේ | දයාසිරි ආණ්ඩුවට උත්තර නැති කරයි (15.05.2026)
+
අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත් තියෙනවා | බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වලට ධාරාණිපාත වැසි (15.05.2026)
+
ආරච්චිකට්ටුවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර පහමාරක (5½) සිරදඬුවම්
(15.05.2026 – hirunews.lk)
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මෙන්ම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජගත් සමන්තට වසර 5 යි මාස 6 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
2007 වසරේදී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයෙකු වීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු කරමිනුයි ඔහුට මෙම දඬුවම නියම කර ඇත්තේ ෴
සයිබර් වංචා සම්බන්ධයෙන් ඇල්ලූ වියට්නාම ජාතිකයන් සියලු දෙනා කාම්බෝජයෙන් පිටුවහල්කළ පුද්ගලයින්
(15.05.2026 – hirunews.lk)
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වියට්නාම ජාතිකයින් 74 දෙනා මෙවැනිම අපරාධ සිදුකර කාම්බෝජයෙන් පිටුවහල් කළ පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා.
කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.
මෙම නඩුව ඊයේ (14) කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙම සැකකරුවන් වීසා කොන්දේසි උල්ලංඝනය කර ඇද්ද යන්නයි.
එහිදී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකරුවන් පිරිසට මෙරට සිටින කාන්තාවක් විසින් වැටුප් ලබා දී ඇති බවයි.
මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ආධාර අනුබල දී ඇති බවට තහවුරු වන්නේ නම් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට එහිදී නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴