ගල්අඟුරු කොමිසමේ තීන්දුව ටිල්වින් කලින්ම දීලා.. හරි පුදුමයි..
ගල්අඟුරු කොමිසමේ තීන්දුව ටිල්වින් කලින්ම දීලා.. හරි පුදුමයි..
(14.05.2026 – lankacnews.com)
2009 වසරේ සිට සිදුවූ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ සැබෑ අභිප්‍රාය කුමක්දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රශ්න කරයි.
විමර්ශන අවසන් වීමටත් පෙර එහි ප්‍රතිඵලය පිළිබඳ පූර්ව නිගමනවලට එළඹෙමින් ප්‍රකාශ නිකුත් කරන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගේ ක්‍රියාකලාපය ද ඔහු දැඩි විවේචනයට ලක් කළේය.
‘ඩේලි මිරර්’ පුවත්පත වෙත අදහස් දක්වමින් මහාචාර්ය පීරිස් පෙන්වා දුන්නේ මෙම කොමිසම පත්කර ඇත්තේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ බවයි.
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක පවතින සුවිශේෂී ලක්ෂණ පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසීය :
“අනෙකුත් කොමිෂන් සභා මෙන් නොව, මෙවැනි කොමිසමක සෑම සාමාජිකයෙකුම දිස්ත්‍රික් උසාවියකට නොඅඩු මට්ටමක සේවයේ නියුතු විනිසුරුවරයෙකු විය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කොමිසමේ කටයුතු අධිකරණයක සිදුවන නඩු විභාගයකට බෙහෙවින් සමාන ස්වභාවයක් ගන්නවා.”
මෙවැනි අධිකරණ බලතල සහිත කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියේදී ටිල්වින් සිල්වා කළ ප්‍රකාශය කෙරෙහි ජී.එල්. පීරිස් සිය අවධානය යොමු කළේය. තවත් මාස තුනකින් (3) චෝදනා කරන්නන් විත්තිකරුවන් වන බවත්, සියලුම පක්ෂ සාමාජිකයන් වගකීම්වලින් නිදහස් වන බවත් ටිල්වින් සිල්වා එහිදී ප්‍රකාශ කර තිබුණි.
ටිල්වින් සිල්වා මහතාගේ එම ප්‍රකාශය උපුටා දක්වමින් මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ, මෙය කොමිසමේ සේවය කරන විනිසුරුවරුන්ට කරන ලද අපහාසයක් බවයි.
“මෙය කොමිසමට කළ අපහාසයක්. එහි සිටින්නේ සේවයේ නියුතු විනිසුරුවරුන්. අපට අපක්ෂපාතී තීරණයක් අවශ්‍ය නම්, ඔවුන්ට ස්වාධීනව සහ වාස්තවිකව කටයුතු කිරීමට ඉඩ දිය යුතුයි. ටිල්වින් සිල්වා මහතා මෙරට ප්‍රබල දේශපාලන චරිතයක්. එවැනි අයෙකු කොමිසමේ තීන්දුව කුමක්දැයි කලින්ම පවසන්නේ නම්, මෙවැනි කොමිසමක් පත් කිරීමේ තේරුම කුමක්ද? රජය දැනටමත් තීන්දුව ගෙන අවසාන බව මෙයින් පැහැදිලි වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කොමිසමේ ක්‍රියාපටිපාටිය සාමාන්‍ය අධිකරණයක මෙන් නීතිඥයන් සහ හරස් ප්‍රශ්න ඇසීම් සහිතව සිදුවන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ විශේෂ ජනාධිපති කොමිසමකට පුද්ගලයකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කිරීමේ බලය පැවතීම බව අවධාරණය කළේය.
එවැනි කොමිසමකට වසර හතක (7) කාලයක් සඳහා පුද්ගලයකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ හැකි අතර, එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් අදාළ පුද්ගලයාට සිය ප්‍රජා අයිතිය අහිමි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය ෴
+++
ටිල්වින් අත්අඩංගුවට ගන්නැයි ගල් අගුරු කොමිසමට කියයි…
(14.05.2026 – lankacnews.com)
පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා විසින් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට හා එහි සාමාජික විනිශ්චකාරතුමන්ලාට සිදු කරන ලද බරපතල අපහාසය සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කර ටිල්වින් සිල්වා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (14) දින සංදේශයක් ගල් අගුරු සම්බන්ධව පුර්ණ බලය සහිත ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්තුමන්ට බාර දෙන ලදී.
එම අවස්ථාව සඳහා නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් විකුම් කිත්සිරි, හෝමාගම ආසන සංවිධාධායක මධ්‍යම කාරක සභික නිශෝන් ඉන්දික, බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක හා පක්ෂ ක්‍රියාකාරි රොමේෂ් සාලින්ද සහභාගි විය.
මැයි 01 වන දා තංගල්ල පවත්වන ලද මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවෙන් ලබා දීමට නියමිත තීන්දුව පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් පහත පරිදි සිදු කරන ලදී.
“ඔය වාර්ථාව මාස තුනෙන් (3) එනවා. අපේ ආණ්ඩුවේ වංචාවක් නෑ කියලා ඔප්පු වෙනවා. හැබැයි පරණ ආණ්ඩුවල ගල් අගුරු වංචා කරපු හාදයින්ට හිරගෙවල් වල ලගින්න සිද්ධ වෙනවා” – ටිල්වින් සිල්වා – උපුටා ගැනීම – 2026 මැයි 01වන දින තංගල්ලේදි සිදු කල කතාව
මේ අනුව ජනාධිපතිතුමන් විසින් පත් කල විනිසුරුවරුන් තිදෙනා (3) සහිත ස්වාධින කොමිෂන් සභාවේ තින්දුව ටිල්වින් සිල්වා විසින් මේ වනවිට ප්‍රකාශ කිරීම තුලින් බරපතල ලෙස කොමිෂන් සභාවට මෙන්ම එහි සාමාජික විනිසුරුතුමන්ලාටද අපහාසයක් සිදු කර ඇත. ඒ තුලින් අධිකරණ විනිශ්චකාරතුමන්ලාගේ ආත්ම ගරුත්වයට මෙන්ම මේ රටේ විනිශ්චකාරවරුන්ට තිබෙන නිදහස් බලය ප්‍රශ්න සහගත තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව අධිකරණයට හෝ විනිසුරුවරුන්ට අපහාස වන පරිදි ප්‍රකාශ නිකුත් කරමින් අධිකරණයට අපහාස සිදු කල ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස වැඩිදුරටත් අදහස් දැක් වු සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරන ලදී.
තවද ගල් අගුරු නැව් රටට ගෙන ඒමේ අවසන් දිනය 2026 අප්‍රේල් මස 20 වන දිනය. මැයි මාසය තුල දී වාරකන්, නිරිත දිග මෝසම් සුළග ආරම්භ වී වැසි අරඹන නිසා අප්‍රේල් මාසය අවසන් මාසය ලෙස නම් කරන ලදී. නමුත් දින ගණනාවක් මුළුල්ලේ ගල් අගුරු නැව් දෙකක් (2) මේ වනවිට ගොඩ බෑමට නොහැකිව රඳවා තබා තිබේ. එම ගල් අගුරු බා ගැනීම සඳහා රජයේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඉදිරි මාස කිහිපය ඇතුලත දැඩි බල ශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින්ද මෙම පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ද සැප්තැම්බර් මාසයේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳවද කොමිෂමේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඒතුමා ඉල්ලා සිටියේය.
එසේම නොරොච්චෝලේ (ලක්විජය ) ගල් අගුරු බලාගාරය, සාම්පුර් ගල් අගුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, උමා ඔය බහු – අරමුණු ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී රට තුල මෙවැනි බලශක්ති අර්බුදයක් නිර්මාණය කිරීමට මුල් වු විවිධ පුද්ගලයින් පිළිබඳවද සොයා බලා කටයුතු කරන ලෙස ගල් අගුරු සම්බන්ධ පුර්ණ බලය සහිත මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.
+++
පැලවත්තේ බංකරේ රිංඟන් ඉන්න ටිල්වින්ව අත්අඩංගුවට ගන්න ගල් අඟුරු කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් (14.05.2026)
+++
පාඨලී මහ වැසි මැද ගල් අඟුරු කොමිසමට – ළඟදීම බරපතල බලශක්ති අර්බුධයක් එනවා (14.05.2026)
+
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තේරී පත් වූ විජේට සුබ පැතුවාට ජනපති අනුරට විවේචන.. බෙංගාලයේ හා ඇසෑමයේ මහ ඇමතිවරුන්ට සුබ පැතුවෙ නැත්තේ ඇයි දැයි අසයි
(14.05.2026 – lankacnews.com)
තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තේරී පත් වූ සී. ජෝසප් විජේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබ පැතුම් පිරිනැමීම පුදුමයට කරුණක් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
රාජ්‍ය නායකයෙකු වශයෙන් මෙවැනි සුබ පැතුම් පණිවිඩ පිරිනැමිය යුත්තේ තවත් රාජ්‍ය නායකයෙකුට මිස විදේශීය ප්‍රාන්ත හෝ පළාත් නායකයින්ට නොවන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
තමිල්නාඩු මහ ඇමතිවරයාට පෞද්ගලිකව සුබ පැතූ ජනාධිපතිවරයා, බටහිර බෙංගාලයේ නව මහ ඇමති සුවේන්දු අධිකාරිට හෝ ඇසෑමයේ මහ ඇමති හිමන්ත බිස්වා සර්මාට එවැනිම සුබ පැතුම් පණිවිඩ යොමු නොකළේ මන්දැයි එම පක්ෂය ප්‍රශ්න කර සිටී ෴
යක්ෂයාට ගොදුරු වුන අසරණ පවුලක් අප්පච්චි බෙරාගත් හැටි – අනුරාධපුර අප්පච්චි සුව මැදුර (13.05.2026)
+
අනුරාධපුරයේ අප්පච්චි සියළු ලෙඩ රෝග සුව කරන්නේ මුදල් අය කිරිමකින් තොරවයි !
+
තරුණ ජීවිතයක් මත් රකුසාගෙන් අප්පච්චි බෙරාගත් හැටි – අනුරාධපුර අප්පච්චි සුව මැදුර (13.05.2026)
+
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස ‘අන්තරේ’ වටලයි
(14.05.2026 – 14:57 +0530 – sinhala.adaderana.lk)
හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව’ මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව සිටී.
එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙසය.
අක්කර 15 ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර, ඊට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.
ඒ මෙම නිවසට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබූ පසුබිමකය.
පසුව අදාළ නිවස සහ ඉඩම වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනිතබා තිබූ අතර, ගිනි ගැනීමෙන් නිවසේ කොටසකට හානි සිදුවිය.
පසුව මෙම නිවයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දීර්ඝ කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වී නොතිබුණි.
එම තත්ත්වය තුළ හිමිකරුවෙකු නොමැති මෙම නිවස තමන්ට ලබාදෙන ලෙස ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ මෙම ඉල්ලීම සිදුකර තිබේ.
+++
+++
බැසිල්ගේ ගේ වැටලුවේ ‘අන්තරේ’ නෙවෙයි ‘ඩයි සීයා’ හදාගත්ත JVP එකේ පොඩි කොල්ලෝ වගයක් (14.05.2026)
+
චරිත්වත් ආණ්ඩුවට ගන්න සැලැස්මක් – සජබ මාධ්‍ය හමුව උණුසුම් – අනුරගේ ගුලිය කාපු මිනිස්සුන්ට තේරෙනවා (14.05.2026)
+
මහින්ද රාජපක්ෂව ලෝකයේ කාටවත් සම කරන්න බෑ – මිනිස්සු ඒ තරම් මහින්දට පැලෙන්න ආදරෙයි (14.05.2026)
+
කූට ලේඛන හදලා කෝටි ගණනක වංචාවක් කරපු මහනුවර ප්‍රසිද්ධ බැංකුවක නිලධාරීන් 9ක් දැලේ (14.05.2026)
+
ක්‍රීඩා කරලා ක්‍රීඩකයෝ දිනන මුදල් තෑගී බලහත්කාරයෙන් ලබා ගන්න කෙරුම්කාරයෝ (14.05.2026)
+
ගස් යට වාහන නවත්තද්දී පරිස්සමෙන් (14.05.2026)
Location – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඉදිරිපිට
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴