‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්…

‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්…


‘වත්කම් පෙන්නමින් ඇමතිලාට, ආණ්ඩුවට මඩ ගහනවා..’ රහස් පොලිසියට පැමිණිල්ලක්…

(16.09.2025 – 22:22 +0530 – lankacnews.com)

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ’ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (අල්ලස් කොමිසම) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලයන්හි මෙම වත්කම් සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා සහ කතාබහට පිළිතුරු දීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එහිදී ඉල්ලා ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, සුනිල් වටගල සහ නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් සම්බන්ධයෙනි.

මෙම අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇති වත්කම් සත්‍ය වශයෙන්ම ඔවුන් උපයාගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කමන්ත තුෂාර මහතා ඉල්ලා සිටී.

ජාමුනි කමන්ත තුෂාර මහතා පෙන්වා දෙන්නේ, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් පවතින බවයි. මෙම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව රජය අපහසුතාවයට පත් කිරීමේ සහ මඩගැසීමේ චේතනාවෙන් මෙම තොරතුරු සමාජයට එළිදක්වන බවක් පෙනුණ ද, ප්‍රශ්නය වන්නේ මෙම මැති ඇමතිවරුන් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගෙන්, භාර්යාවන්ගෙන් හෝ ව්‍යාපාරවලින් මුදල් උපයා ගත්තා ද යන්න පැහැදිලි නොවීමයි.

කෙසේ වෙතත්, ඔවුන් බියක් සැකක් නොමැතිව වත්කම් බැරකම් ප්‍රකාශ වල ඒවා සටහන් කර ඇත්තේ, ඒවා උපයාගත් ආකාරය පෙන්වීමේ හැකියාව තමන්ට ඇති බවට විශ්වාසයකින් බව සංවිධානය විශ්වාස කරයි.

විශේෂයෙන්ම, වසන්ත සමරසිංහ මහතා සතුව රුපියල් ලක්ෂ 2700 ක (මිලියන 270) මුදලක් ඇති බවටත්, එය වසර 28 ක් තුළ උපයාගත් බවටත් සමාජ මාධ්‍යයේ පළ වන තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත.

රමිත් රඹුක්වැල්ල සම්බන්ධයෙන් ද මීට පෙර මෙවැනිම මුදල් ප්‍රමාණයක වත්කම් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු වූ බවත්, ඔහුට එම මුදල් උපයාගත් ආකාරය පෙන්වීමට නොහැකි වූ බවත්, එම තත්ත්වය මෙම අමාත්‍යවරුන්ට ද අදාළ විය යුතු බවත් කමන්ත තුෂාර මහතා පෙන්වා දෙයි.

මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට ජනතාව විශාල කැපවීමක් කළ බවත්, එබැවින් මෙවැනි විශාල වත්කම් සහිත අමාත්‍යවරුන් සිටින විට ජනතාව තුළ කුතුහලයක් මෙන්ම ප්‍රශ්න කිරීමක්ද ඇතිවන බවත් ඔහු සඳහන් කරයි.

තෙල් ටික ගසා ගැනීමට පවා ජනතාවගෙන් උදව් ඉල්ලා සිටි මෙම අමාත්‍යවරුන්ට මෙවැනි විශාල මුදලක් තිබුණාද යන ප්‍රශ්නය ජනතාවට මතුව තිබේ.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’ පවසන්නේ, ඔවුන් ස්වාධීන සංවිධානයක් ලෙස ක්‍රියා කරන්නේ රජයට මඩගැසීමට හෝ එය පෙරළා දැමීමට නොව, රජය රැක ගැනීමට බවයි. මෙම ආණ්ඩුව දූෂණ වංචා වලින් තොරව පවත්වාගෙන යාමට නම්, වත්කම් උපයාගත් ආකාරය සාධාරණ ලෙස පෙන්විය නොහැකි නම්, අල්ලස් කොමිසම වහාම පරීක්ෂණයක් ආරම්භ කර, රඹුක්වැල්ල පවුලට අධිචෝදනා ගොනු කළා සේම, මෙම අමාත්‍යවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුව තුළ සිටින දූෂිත නිලධාරීන්ට සහ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. එසේම, මෙම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට සහයෝගය ලබා දී, තමන් වත්කම් උපයාගත් සාධාරණ ක්‍රමය මහජනතාවට පෙන්වන ලෙසයි. එසේ නොවුණහොත්, සමාජයේ නොසන්සුන්තාවයක් ඇති වී, ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් පවා ඇතිවිය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ මඩගසන පුද්ගලයන්ට ද අභියෝග කරන කමන්ත තුෂාර මහතා, ඒ වෙනුවට විධිමත් පැමිණිලි ඉදිරිපත් කරමින්, සභ්‍ය ආකාරයෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටී.

අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, මෙම පරීක්ෂණ කඩිනමින් සිදු කර, රටේ මහජනතාවට සත්‍යය හෙළි කරන ලෙසත්, අයථා ලෙස මුදල් උපයාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය. රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වත්කම් බැරකම් පරීක්ෂා කර, සත්‍යය රටට හෙළිදරව් කරන ලෙස ද රජයට සහ අල්ලස් කොමිසමට ඉල්ලීමක් කරයි ෴

+++

+++

පීඩිත පන්තියේ නායකයන්ගේ දේපළ, සියළු ලේඛණ සහිතවම මෙන්න.. කොහොමද මේවා හම්බ කලේ? – 208 වන දිගහැරුම (15.09.2025)

+++

ඉඩමේ අගය දන්නේ නෑ, රත්තරන් බඩුවල අගය දන්නේ නෑ.. බැංකු ගිණුමක් නෑ, කවුද මේ ඇමතිලා? – 209 වන දිගහැරුම (16.09.2025)

+++

රාජපක්‍ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා ඇමති සමරසිංහගේ ප‍්‍රකාශිත වත්කම්වලට වඩා අඩුයි…

(16.09.2025 – 22:06 +0530 – lankacnews.com)

පසුගිය දශකයක් පුරා රාජපක්ෂ පවුලට එල්ල වූ චෝදනා සියල්ලෙහි සම්පූර්ණ වටිනාකම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශිත වත්කම්වලට සමීප නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ දේශපාලන මණ්ඩල සභික ජී. කාසිලිංගම් මහතා X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

X ගිණුමේ පළ කරන ලද සටහනකින්, කාසිලිංගම් මහතා සඳහන් කළේ, රාජපක්ෂවරුන් ‘දේශපාලන පළිගැනීම්’ වලට ලක් වූ බවත්, ඔවුන් විදේශයන්හි සැඟවූ වත්කම් සහ දේපළ ඇති බවට නැවත නැවතත් චෝදනා එල්ල වූ බවත්ය.

එවැනි නඩු බොහෝමයක් නිෂ්ප්‍රභ කර ඇති බවත්, නැතහොත් ඒවායින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම චෝදනා ‘දේශපාලන උපක්‍රමයක්’ පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කාසිලිංගම් මහතා පවසන්නේ මහජන කෝපය ‘උපාය මාර්ගිකව වැරදි දිශාවකට යොමු කර ඇති’ බවයි.

රාජපක්ෂවරුන්ට එරෙහිව ඔප්පු නොකළ චෝදනාවලට අවධානය යොමු කර ඇති අතර, ‘සැබෑ අය තිරය පිටුපස සිට ක්‍රියාත්මක වෙති’ යැයිද ඔහු පැවසීය ෴


මහින්ද බලන්න කලකට පසු විමල් යයි…

(16.09.2025 – 19:10 +0530 – lankacnews.com)

විජේරාම නිල නිවසින් ඉවත්ව යාමෙන් පසු මේ වන විට තංගල්ල කාල්ටන් නිවසේ රැදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (16) එහි ගොස් ඇත.

ඒ සමබන්ධයෙන් ඔහු විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය :

දශක ගණනාවක් පුරා පෝෂණය වූ LTTE ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමේදී ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබාදුන් 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමාට ඇති ජීවිත තර්ජනයන්ද නොතකා වත්මන් පාලකයින්ගේ තීරණය අනුව කොළඹ නිල නිවස නැවත භාරදි තංගල්ල කාල්ටන් නිවසට පසුගිය දිනක ගිය පුවත ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගත් පුවතක් විය.

දේශපාලනමය වශයෙන් කොතෙක් විසම්මුතින් තිබුණ ද ත්‍රස්තවාදය පරාජය කිරීමට එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මමත්, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයිනුත් අද (16) තංගල්ල කාල්ටන් නිවසේදී එතුමා හමුවී එතුමාගේ සුවදුක් විමසා අපහට දැක්විය හැකි කෘතගුණය දක්වනු ලැබුවෙමු ෴

+++

+


තැන්පත්කරුවන්ගේ රු. කෝටි 900 කට විද්ද මූල්‍ය සමාගම් ලොක්කෝ දෙකක් (2) රිමාන්ඩ්

(16.09.2025 – hirunews.lk)

තැන්පත්කරුවන් දහසකට (1000) අධික පිරිසකගෙන් රුපියල් කෝටි 900 අධික තැන්පතු මුදලක් ලබා ගෙන වංචා කළ බව කියන පුද්ගලික මූල්‍ය ආයතන දෙකක (2) අධ්‍යක්ෂකලා දෙදෙනකු (2) මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘මහේෂ් ප්‍රියන්ත අගලගමගේ’ හා ‘චන්දික යසනාත් බණ්ඩාර වීරකෝන්’ නමැත්තන්ය.

සිද්ධියේ 10 වන සැකකරු වන ‘උදය පුෂ්පකුමාර’ නැමැත්තා රුපියල් ලක්ෂ විසිපහක් (25) වටිනා ශරීර ඇප තුනක් (3) මත මුදා හරින ලෙසද අධිකරණයෙන් නියම වුණා.

එම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසත් විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් ඒ බවට දිව්රුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වන ලෙසත් නියෝග කළා.

මෙවැනි වංචා සහගත සිද්ධීන්වලට අදාළව මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව අධිකරණයේ හා පොළොන්නරුව අධිකරණයේ නඩු පැවති බවද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය’ අධිකරණයට දැන්වුවා ෴

+++

+


‘පෝර්ට් සිටි’යේ චීන සමාගමක ඊමේල් ගිණුමෙන් රු. කෝටි 13 ක් ඇද්ද සැකකරුවන් අල්ලන්න – අධිකරණයෙන් නියෝග

(16.09.2025 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ ගෘහ භාණ්ඩ නිර්මාණ කරන චීන සමාගමක නිල ඊමේල් ගිණුමට සමාන ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් භාවිත කර, කොළඹ අංගනයේ චීන සමාගමක් සමග සම්බන්ධ වී කළැයි කියන රුපියල් කෝටි 13 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරිය්දි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ මෙම වංචාව ඇමරිකන් ඩොලර් 459,460 ක වංචාවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කර සිටියේ, ‍මෙම වංචාව කොළඹ වරායේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමක ඊමේල් ගිණුම ව්‍යාජව සකස් කර කිසියම් පිරිසක් විසින් වංචාවක් කර ඇති බවයි.

මෙම වංචා කළ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 138,072,329 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වහාම විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ෴


“තාත්තට මොකක්ද වුණේ..” | බද්දෙගමින් කරාපිටියට අරන් ගිය ලෙඩා ඇම්බියුලන්ස් එකෙන් වැටිලා අන්තිමේ මැරිලා.? (16.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *