දැරියන්ට අමුතු පාඩම් කියාදුන් උපකාර පන්ති වල්ගුරා අත්අඩංගුවට
දැරියන්ට අමුතු පාඩම් කියාදුන් උපකාර පන්ති වල්ගුරා අත්අඩංගුවට
(29.04.2026 – lankadeepa.lk)
පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද (29) සැකපිට අත් අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් උපකාරක ගුරුවරයා මාතලේ නකල්ස් පරිසර පද්ධතියට දැරියන් රැගෙන ගොස් සිය වාහනය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු රැසක් අනාවරය වී ඇතැයි ලග්ගල පොලීසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියේ දැරියකගේ පියෙකු විසින් මෙම උපකාරක ගුරුවරයාට පහර දුන් බවට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිසිය කියයි.
පැමිණිල්ලෙන් අනතුරුව එම දැරිය කැඳවා දැරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සිදුවී ඇති බොහෝ දේ හෙළිදරව් වීඇති අතර , ලග්ගල, බකමූණ, නාවුල ප්‍රදේශ වල ඉතා ප්‍රසිද්ධියක් උසුලන මෙම උපකාරක පන්ති ගුරුවරයා තම උපකාරක පංතියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීම සඳහා අවස්ථාව සලසා දීම මෙන්ම ගුරුවරයා ද දැරියන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි ෴
ලෝයර් නෝනාගේ සැප ගෙදරට මුරකාරයා ගෙනාවේ බැකෝ සමන්, අපරාධකරුවන් සමඟ 15 වතාවක් විදෙස් රටවල සංචාරය කරලා (28.04.2026)
+
මුකුත් දන්නෙ නෑ කියලා කියපු අමිතානන්ද හිමි වමාරයි! ගාල්ලෙ හජිගේ පැටිකිරිය මෙන්න (29.04.2026)
+
සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න – සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
(29.04.2026 – hirunews.lk)
සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට නියෝග කර තිබෙනවා.
ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කළේ, උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප (Rashes) මතු වන රෝගීන් පිළිබඳව පසු විපරම් කටයුතු සඳහා වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු බවයි.
පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන එවැනි රෝගීන් වැඩිදුර කළමනාකරණය සහ නිසි අධීක්ෂණය සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස ද ඔහු පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී තිබෙනවා.
සරම්ප පැතිරීම වැළැක්වීමට ඇති එකම සහ වඩාත් සාර්ථක ක්‍රමය එන්නත්කරණය බවයි වෛද්‍ය ලියනපතිරණ මෙහිදී පවසා සිටියේ.
මාස 9 සිට අවුරුදු 3 දක්වා : අවම වශයෙන් සරම්ප එන්නතේ එක් (1) මාත්‍රාවක් ලබාගත යුතු අතර අවුරුදු 3 සිට 15 දක්වා එන්නත් මාත්‍රාවන් දෙකම (2) සම්පූර්ණ කර තිබිය යුතුයි.
තමන්ට හෝ තම දරුවන්ට උණ සමඟ සමේ පලු දැමීමක් වැනි රෝග ලක්ෂණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙරටින් කිසිදු සරම්ප රෝගියෙකු වාර්තා නොවූ අතර, පසුගිය මාසයේදී රෝගීන් දෙදෙනෙකු (2) අලුතින් හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම රෝගීන් දෙදෙනාම (2) විදේශගතව සිට මෙරටට පැමිණි අය බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන්නේ ෴
ගැස්ට්‍රයිටිස් සහ අක්මාවේ තෙල් තැන්පත් වීම නිහඬ මාරයෙක් ද ?
(29.04.2026 – 15:44 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනගහනයෙන් 25% ක් පමණ, එනම් සෑම පුද්ගලයන් හතර දෙනෙකු (4) ගෙන් එක් අයෙකුම (1) ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව නවතම සෞඛ්‍ය දත්ත හෙළි කරයි.
මීට අමතරව, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty Liver) වර්තමානයේ බරපතළ සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති.
ගැස්ට්‍රයිටිස් රෝගය සහ අක්මාවේ තෙල් තැන්පත්වීම පිළිබඳව අද (29) පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය හමුව අමතමින් මේ සම්බනධයෙන් වෛද්‍යවරුන් පැහැදිලිකිරීමක් සිදු කළේය.
ගැස්ට්‍රයිටිස් – සරල රෝගයක්ද? නැතිනම් බරපතළ අනතුරු ඇඟවීමක්ද?
ඇඹිලිපිටිය රෝහලේ ආමාශය, ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුෂී අබේනායක මහත්මිය පවසන්නේ, ආමාශයේ ඇතුළත සෛල පටලයේ ඇතිවන ප්‍රදාහය හෙවත් ‘ගැස්ට්‍රයිටිස්’ තත්ත්වය අද වන විට බහුලව දක්නට ලැබෙන බවයි.
ප්‍රධාන රෝග ලක්ෂණ : පපුව දැවිල්ල, උදරයේ වේදනාව, බඩ පිපීම සහ සුළු ආහාර ප්‍රමාණයකින් කුස පිරුණු බවක් දැනීම.
මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතු සාධකය වන්නේ Helicobacter pylori නම් බැක්ටීරියාවයි, ඊට අමතරව දිගුකාලීනව වේදනා නාශක භාවිතය, වැරදි ආහාර රටා (අධික තෙල් සහ මිරිස්), මානසික ආතතිය සහ මත්පැන් / දුම්පානය වැනි දෑ හේතු වේ.
විශේෂයෙන්ම, වයස අවුරුදු 45 ට වැඩි පුද්ගලයන්ගේ බර අඩුවීම, වමනය සමඟ රුධිරය පිටවීම හෝ මලපහ තද කළු පැහැයෙන් පිටවීම වැනි ලක්ෂණ පවතී නම්, එය පිළිකා තත්ත්වයක මූලික ලක්ෂණ විය හැකි බැවින් වහාම එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණයකට යොමුවීම අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කරයි.
අක්මාවේ තෙල් තැන්පත් වීම
පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය පියල් රංගන හේරත් මහතා පෙන්වා දෙන්නේ, අක්මාවේ තෙල් තැන්පත් වීම බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් එය ‘නිහඬ ව්‍යසනයක්’ ලෙස හැඳින්විය හැකි බවයි.
අවදානම් කාණ්ඩ – මධ්‍යසාර භාවිත කරන පුද්ගලයන් මෙන්ම, මධ්‍යසාර භාවිත නොකළද දියවැඩියාව, අධික ස්ථූලතාව සහ කොලෙස්ටරෝල් සහිත පුද්ගලයන් මේ සඳහා වැඩි අවදානමක් දක්වයි.
නිසි ප්‍රතිකාර නොලැබුණහොත් මෙය අක්මාව සිරෝසිස් (Cirrhosis) තත්ත්වය දක්වා වර්ධනය වී මාරාන්තික විය හැක.
සුවපත් දිවියකට වෛද්‍ය උපදෙස්
මෙම රෝගී තත්ත්වයන් දෙකම පාලනය කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පොදුවේ ඉදිරිපත් කරන උපදෙස් කිහිපයක් ඇත.
දිනකට අවම වශයෙන් මිනිත්තු 30 ක් ව්‍යායාම කිරීම සහ ශරීර බර පාලනය කිරීම.
තෙල්, සීනි සහ මිරිස් අධික ආහාර අවම කිරීම. කුඩා ආහාර වේල් කිහිපයක් නියමිත වේලාවට ලබා ගැනීම.
වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව වේදනා නාශක හෝ වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය සැඟවී යා හැක.
රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ මගින් මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීම.
“කළු කෝපි (සීනි සහ ක්‍රීම් රහිත) මධ්‍යස්ථව භාවිත කිරීම අක්මාවේ සෞඛ්‍යයට හිතකර බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි” වෛද්‍ය පියල් රංගන හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රෝගී තත්ත්වයන් මුල් අවධියේදී හඳුනාගැනීමෙන් සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පූර්ණ සුවය ලැබීමට මෙන්ම බරපතළ සංකූලතා වළක්වා ගැනීමටත් හැකියාව පවතී ෴
ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ දඹුල්ලේ අවන්හලකට රු. ලක්ෂ 5 ක දඩයක්
(29.04.2026 – 15:35 +0530 – sinhala.adaderana.lk)
කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවිකළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට, දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 510,000 ක දඩ මුදලක් අද දින (29) නියම කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අදාළ අවන්හල, රුපියල් 70 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100 කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම එම ජල බෝතල් කල් ඉකුත්වී තිබී ඇති බවද එහිදී අනාවරණය වී තිබේ ෴
එකවුන්ට් නම්බරේ වෙනස් වෙනවා නම් – ගිවිසුමත් වෙනස් කරලා දෙපාර්ශ්වයම අත්සන් කරන්න ඕනේ (29.04.2026)
+
ගොම ගහලා තර්ජනය කරපු ජේවීපී මැරයන්ට විරුද්ධව සුගීෂ්වර ඇතුළු ප්‍රබලයෝ වහාම තලංගම පොලීසියට (29.04.2026)
+++
උඹලගෙ මහ එකා කෝ? පිස්තෝලෙ තියලා එහෙම ඇහුවා (29.04.2026)
+
තව මාසෙකින් ජනතාව පොලු අතට ගන්නවා – මේ ආණ්ඩුව පන්නන අරගලය පටන් ගන්නවා (29.04.2026)
+
ආණ්ඩුවේ ජන වරම දැන් නැත්තටම නැතිවෙලා ඉවරයි – මුන් සේරම හොරු, තක්කඩියෝ, දූෂිතයෝ (29.04.2026)
+
වැඩිකල් යන්න කළින් මේ ආණ්ඩුව එළවනවා – පොහොට්ටුවේ චානක අවසන් නිවේදනය දෙයි (29.04.2026)
+
අද වෙනකොට මහ බැංකු අධිපති රටින් පැනලා ගිහින් – මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී රට ගියේ කොහොමද ? (29.04.2026)
+
ජනාධිපති අතින් සම්මානේ ගන්න 120,000 යි – සල්ලිවලට ගෞරව නාම දෙන සම්මාන හොරු (29.04.2026)
+
මුදල් කාරක සභාවට එන්න මුදල් ලේකම් බෑ කියයි – සජබේ හර්ෂට නහුතෙටම යකා නගියි (29.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴