විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක් – ජල ප්‍රහාරක රථ සීරුවෙන්

විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක් – ජල ප්‍රහාරක රථ සීරුවෙන්


විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක් – ජල ප්‍රහාරක රථ සීරුවෙන්

(26.08.2025 – 13:24 +0530 – sinhala.adaderana.lk)

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් ‘මර්දනයට එරෙහිව’ නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි.

අධිකරණ භූමිය දෙසට ‘කිව් මාර්ගය’ මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරැක්ක මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කරන අයුරු ‘අද දෙරණ’ කැමරාවේ සටහන්ව තිබුණි.

මේ අතර, පොලිස් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකකයේ භට පිරිස්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීරුවෙන් තබා ඇති අයුරුද දක්නට ලැබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මේ වන විට කො‍ළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

+++

උසාවිය ළඟ එකම විජ්ජුම්බරයයි – රනිල්ගේ මිනිස්සු පාරේ ඉඳන් හයිය පෙන්නයි (25.08.2025)

+++

නාමල් – සජිත් ඇතුළු ප්‍රබලයෝ පාරට – උසාවිය ළඟ හොඳටම උණුසුම් වෙයි (25.08.2025)

+++

දොලවත්ත උසාවිය ළඟ ඩෙඟා නටයි – පැලවත්තෙන් ලිස්ට් එකක් ඇවිත් පොලිසියට ? (26.08.2025)

+++

+++

Breaking News කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල නවතම තත්ත්වය – Hiru News (26.08.2025)

+++

LIVE | හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නඩුව කැඳවෙන කොටුව උසාවිය අසල නවතම තත්ත්වය | 2025-08-26

+++

LIVE EVENT | හිටපු ජනපති රනිල්ගේ නීති කෘත්‍ය – සජීවි විකාශය (26.08.2025)

+++

රනිල්ගේ නඩුව ඇහෙද්දී උසාවිය ළඟ උණුසුම් – සජීවී විකාශය (26.08.2025)

+++

රටම බලා සිටින රනිල්ගේ නඩුව ඇරඹෙයි | උසාවිය ළඟ උණුසම්, දැඩි ආරක්ෂාවක් යොදයි – දැන් ලැබුණු සජීවී දර්ශන (26.08.2025)

+++

+++

+++

රනිල්ගේ නඩුව ඇතුළේ ඇහෙද්දී එළියේ රනිල් පාක්ෂිකයෝ කලබලෙන් (26.08.2025)

+++

+++

+++

රනිල්ගේ නඩුව උසාවියේ ඇහෙද්දී – UNP ප්‍රබලයෝ මල්වතු – අස්ගිරි හිමිවරු හමුවට (26.08.2025)

+


රනිල්ට ඇප

(26.08.2025 – hirunews.lk)

මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප හිමිවී තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ නඩුව විභාගය අද(26) කැඳවූ අවස්ථාවේදීයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *