ඇල්ලෙන් කඳුළු කඩා හැලුණු රැයේ කතාව
(06.09.2025 – hirunews.lk)
ඒ ඉකුත් සිකුරාදා රාත්‍රියයි. වේලාව රාත්‍රී 10 ට ආසන්න වී තිබුණා. ඇල්ල පාරේ සිදුවූ බිහිසුණු බස් අනතුරක් පිළිබඳ පුවත වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබුණේ, ඇල්ල ප්‍රදේශවාසීන් තුළ විශාල කැලඹීමක් ඇති කරමින්.
ඔවුන් වෙත ලැබී තිබුණේ ඇල්ල-වැල්ලවාය පාරේ රාවණා ඇල්ලට ඉහළින් පිහිටි 15 කන්දේදී අඩි 1000ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට බස් රථයක් පෙරළී ඇති බවට පණිවිඩයක්. මෙම අනතුරින් ජීවිත බේරාගැනීමට ක්ෂණික සහාය අවශ්‍ය බවටත් ඒ පණිවිඩයේ සඳහන් වුණා.
හෝරාවක් යන්නටත් මත්තෙන් ඇල්ල අවට ප්‍රදේශවල මිනිසුන් මෙම ස්ථානය වෙත පැමිණියා. ඔවුන් කිසිවකුත් එකිනෙකා නොහඳුනන නමුත් එක් පොදු අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳගත්තේ නිමේෂයෙනි.
රථවාහනවලින් මෙන්ම සිය දෙපයින් ඇවිද බොහෝ පිරිස් අනතුර වූ ස්ථානයට පැමිණියා. තමන්ට හැකි උපරිමයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය ලබාදීමේ බලාපොරොත්තුව ඔවුන් තුළ තිබුණා.
පිරිසක් කඹ සොයාගෙන ප්‍රපාතයට බැසීමටත්, තවත් පිරිසක් අනතුරට පත්වූවන් ළඟට යෑමට විකල්ප මාර්ග සෙවීමටත්, තවත් පිරිසක් මාර්ගයේ ගමනාගමනය නවත්වා ගිලන්රථ සඳහා මාර්ගය සකස් කිරීමටත් යුහුසුළු වුණා.
මේ පිරිස අතර තම රැකියා කටයුතු අවසන් කර නිවෙස් බලා යමින් සිටි අය, පාරේ ගමන් ගත් මගීන් මෙන්ම වෑන්, බස්, ලොරි රියැදුරන් සහ තවත් විවිධාකාර මිනිසුන් සිටි නමුත්, ඔවුන් තුළත් තිබුණේ එකම බලාපොරොත්තුවක් පමණයි. ඒ මේ අසරණ ජීවිත කෙසේ හෝ බේරා ගත යුතුය යන බලාපොරොත්තුවයි. අඳුර, සීතල, කාලය සහ ජීවිත අවදානම සමඟ සටනක ඔවුන් සියලුදෙනා නිරතව සිටියා.
ඇල්ල ප්‍රදේශයේ තරුණයකු වන තිෂාන් කියා සිටියේ තම මිතුරකුගේ වාහනය අනතුර සිදුවූ අවස්ථාවේදී එහි ඉදිරියෙන් තිබූ බවයි. බස් රථය වේගයෙන් පැමිණ රේන්ජ් රෝවර් එකේ වැදී ප්‍රපාතයට වැටී ඇති බවත් ඔහු පැවසුවා. තිෂාන් ඇතුළු ප්‍රදේශවාසීන් කණ්ඩායම්, තමන්ට හැකි උපරිමයෙන් කඹ, ටෝච් සහ වතුර බෝතල් රැගෙන සහය වීමට ඉදිරිපත් වුණා.
ආනපල්ලම ප්‍රදේශයෙන් පැමිණි අනුරත් කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට බැස සහයෝගය දුන් අයෙක්. “ඒක කියන්න බැරි තරම් අමාරු ගමනක්. ලොකු අවදානමක් තිබුණේ. ගලක් ගැළවුණොත් පහළ ඉන්න කෙනෙක්ගේ ඔළුවට තමයි වැටෙන්නේ. ඒත් අපි පුළුවන් විදියට කඹ අල්ලගෙන පහළට ගියා” ඔහු එලෙස සඳහන් කළා.
පහළදී කෙඳිරිගාන හඬක් ඇසුණු අවස්ථාවේදී හමුදාවේ නිලධාරියෙක් සියල්ලන්ම නිශ්ශබ්ද කර, පිහිට ඉල්ලා සිටි අයට තමන් සිටින ස්ථානය පවසන ලෙස ඉල්ලා සිටියත්, යළිත් ඒ හඬ නොඇසුණු බව අනුර කියා සිටියා. එවැනි අනතුරක් ජීවිතේට දැක නැති බවයි අනුර සඳහන් කළේ.
මේ රාත්‍රියේ එක්ව කටයුතු කළ නොහඳුනන මිනිසුන් අතර වූ සහයෝගය සහ එකමුතුකම මහා පුදුමාකාර එකක් වුණා. එය අනෙකාගේ විපතේදී උණුවෙන හදවත් ඇති ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය ප්‍රකට කළා.
අනතුරින් තුවාල ලැබූවන්ගේ ජීවිත බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන විශේෂ බලකායේ සාමාජිකයෙකු වන කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරත්, මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී අනතුරට ලක්වුණා. ඔහුවත් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණේ ප්‍රතිකාර කටයුතු සඳහායි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ අසමසම කැපවීමත් මෙහිදී කැපී පෙනුණා.
කෝප්‍රල් බණ්ඩාර කිව්වේ මෙහෙම :
“ඊයේ (05) මම බණ ගෙදරක හිටියේ. ඊට පස්සේ කෝල් එකක් ආවා මෙහෙම බස් එකක් පෙරළිලා කියලා. යාළුවෝ දෙන්නෙක් එක්කයි මම එතැනට ආවේ එතැනට එද්දි බස් එක පෙණුණේ නැහැ. එතැන ලණු ගෙනැල්ලා තිබ්බා. ඊට පස්සේ ඒ ලණුවක් පහළට දාලා බැහැලා බස් එක තියෙන දිහාවට ගියා. කට්ටිය තැන තැන විසිරිලා හිටියේ. කට්ටිය බේරගන්න කියලා කෑ ගැහැව්වා. අපිට පුහුණුව දෙනවා හදිසි අවස්ථාවලදී ළඟ තියෙන දේවල් උපයෝගී කරගෙන මොනවද කරන්න ඕන කියලා. මම එතැන තියෙන ලණුවක් අරගෙන හානස් එකක් හදා ගත්තා. ඊට පස්සේ එක්කෙනෙක් අරගෙන එහෙම්ම ඇගේ බැද ගත්තා. එහෙම එද්දි උඩින් ගලක් ගැලවිලා ඇවිල්ලා මූණේ වැදුණා. තව දෙන්නෙක් එහෙම ගත්තා. මට බයක් දැනුණේ නැහැ. ඇත්තටම සතුටුයි මම දෙන්නෙක් තුන්දෙනෙක් හරි බේරගන්න ලැබුණ එකට.”
මෙම අනතුර සිදුවූ ස්ථානයේ දී කඹ අල්ලාගෙන සිටි චතුරංග සංජය පැවසුවේ මෙවන් කතාවක්. “පහළට බහින්න බය හිතුණා. ඒ නිසා උඩට වෙලා කඹය අල්ලාගෙන හිටියා. එකිනෙකා නොදන්නා අය වුණත් පුදුම සහයෝගයක් තිබුණේ. හැමෝම එකාවගේ කෑගහලා උදව් කළා”
මෙලෙස අනතුරට ලක්වුණේ තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලය පිරිසක් විනෝද චාරිකාවක් අවසන් කර ආපසු එමින් සිටි බස් රථයක්. අවාසනාවන්ත ලෙස නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසිංහ ඇතුළු 15 දෙනෙකුට මේ අනතුරෙන් දිවි අහිමි වී වුණා. ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටිනවා.
පසුදා අනතුරින් දිවි බේරාගත් මගියෙක් සිය අත්දැකීම විස්තර කළා. “බස් එක වංගුවක් ගනිද්දී රියැදුරු කිව්වා බ්‍රේක් නැහැ කියලා. මම හිතුවේ විහිළුවට කියලා. දෙවන වංගුව ගනිද්දීත් ඔහු ඒකම කිව්වා. ඊට පස්සේ පාර, බස් එක කපන්න පටන් ගත්තා. ඉස්සරහින් ආපු වාහනයකත් වැදිලා තමයි අපි ප්‍රපාතයට ගියේ. ඒ වෙලාවේ නම් හිතුණේ ඉවරයි කියලා.”
සිහිය එන විටත් තමා ජීවත්ව සිටි බවත් කෑගසන ශබ්දයක් ඇසුණු විට, බඩගාගෙන උඩට ගොස් කෑගසා පිහිට ඉල්ලා සිටි බවත් ඔහු කිව්වා.
බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත සහ වැල්ලවාය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සහන් රශ්මික ඇතුළු විශාල පිරිසක් ජීවිත බේරාගැනීමේ මෙහෙයුමට එක් වුණා. රෝහල් කාර්ය මණ්ඩලවල කැපවීමත් මෙහිදී කැපී පෙනුණා. ඔවුන් එම ස්ථානයටම පැමිණ ප්‍රතිකාර ආරම්භ කළා.
මෙය සිය ජීවිතයේ භයානකම අත්දැකීම බව වෛද්‍ය සහන් රශ්මික පැවසුවා. “තුවාලකරුවන් උඩට ගේන්න ලොකු වෙලාවක් යන නිසා අපි පහළ ඉඳලම කරන්න පුළුවන් හැමදෙයක්ම කළා”
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ මෙවන් අත්දැකීමක් ගැනයි :
“මේ වෙලාවේ බැරිවෙලා හරි එක කඹයක් කඩලා ගියා නම් අඩුම ගානේ තව සීයක්වත් අනතුරට ලක් වෙනවා. මොකද එක කඹේක සීයක් විතර එල්ලිලා හිටියා. ඒ කැපවීම වචනෙකින් විස්තර කරන්න බෑ. එක වෙලාවක මට ලොකු වතුර තිබහක් ආවා. වතුර දෙන්න කිව්වා. එතකොට වතුර තිබුණේ නැහැ. එතකොට මම කිව්වා බස් එකේ හිටපු අයගෙ වතුර බෝතලයක් තියෙන්න ඇති ඒකේ හිරවලො බලන්න කියලා. එහෙම බලපුවාම වතුර බෝතල් දෙකක් හම්බ වුණා. ඒක අපි බ්ව්වා. පැය භාගයක් ගියේ නෑ කූල් වතුර ගෝනියක් පුරවාගත්තු තරුණයෙක් උඩ ඉදන් පහලට බැහැලා තිබ්බා. මම කියන්නේ මේ රටේ මනුස්සකම මැරිලා නෑ. මනුස්සකම තියෙනවා.”
අනතුර සියැසින් දුටු සියලු දෙනාම කියා සිටියේ මෙවන් භයානක අනතුරක් තමන් කිසිදා දැක නොමැති බවයි ෴
+++
ඇල්ලේ අනතුරට හේතුව බ්‍රේක් නැති වීම නෙවෙයි, අපේ ඩ්‍රයිවර්ලා කුඩු ගහනවා ! (06.09.2025)
+++
+++
+++
ඇල්ලේ බස් අනතුර සිදු වී එතැනට ළඟාවූ ‘සුව සැරිය’ වික්‍රමය
(07.09.2025 – hirunews.lk)
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගියේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ දී. ජීවිත 15 ක් බිලිගත් මෙම ඛේදවාචකයේදී ‘1990 සුව සැරිය ජාතික ගිලන් රථ සේවයේ’ කඩිනම් ක්‍රියාන්විතය බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හේතුවුණා.
සුව සැරිය පළමු ගිලන් රථය අනතුරු ස්ථානයට ළඟා වීමට ගතවූයේ මිනිත්තු හතක් (7) වැනි කෙටි කාලයක් පමණයි. ගලවා ගැනීමේ මෙහෙයුමකදී කාලය යනු තීරණාත්මක සාධකයක්. මෙම අතිශය දුෂ්කර මෙහෙයුම සුව සැරිය කඩිනම් සම්බන්ධීකරණයේ සහ වෘත්තීය භාවයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
අනතුරේ බරපතලකම තක්සේරු කළ සුව සැරිය කණ්ඩායම ඇල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, බුත්තල, හාලි-ඇළ, වැල්ලවාය සහ බඩල්කුඹුර ඇතුළු අවට පිහිටි ස්ථානවලින් තවත් ගිලන් රථ හයක් (6) අනතුරු ස්ථානයට කැදවා තිබුණා.
“මෙය සම්බන්ධීකරණය, භූගෝලීය පිහිටීම සහ හදිසි අවශ්‍යතාවය අතින් මෑතකදී සිදු වූ වඩාත්ම අභියෝගාත්මක මෙහෙයුම් වලින් එකක්,” සුව සැරිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා. “අපගේ කණ්ඩායම් පීඩනය යටතේ කඩිනමින් හා වෘත්තීය මට්ටමකින් ක්‍රියා කළා.”
තුවාල ලැබූ මගීන් දහතුන් දෙනෙකු (13) ගේ තත්ත්වය ස්ථාවර කර රෝහල් වෙත මාරු කර යැවීම සඳහා සුව සැරිය කටයුතු කොට තිබුණා. හදිසි වෛද්‍ය කාර්මික ශිල්පීන්, ගිලන් රථ රියදුරන් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් එක්ව දියත් කළ මෙම මෙහෙයුම ඓතිහාසික මෙහෙයුමක්. ඔවුන්ගේ මෙම කඩිනම් සහයෝගීතාව, තුවාල ලැබූවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තීරණාත්මක වුණා.
මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් ද සුවිශේෂී සහායක් ලබා දුන්හ. විශේෂයෙන්ම මාර්ගයේ ඉඩකඩ ලබාදෙමින් ඔවුන් පහසුකම් සැපයුවා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආචාර්ය අසංග වෙදමුල්ල මහතාගේ සහයෝගය ද අගය කළ යුතු දෙකක් වුණ බවයි ‘සුව සැරිය’ සඳන්කලේ.
2016 වසරේ සිට ක්‍රියාත්මක වන සුව සැරිය සේවාවට මෙම ඇල්ල -වැල්ලවාය මෙහෙයුම අනාගතයේදී සිදුවිය හැකි බහුවිධ ආයතන සම්බන්ධ වන ප්‍රතිචාර දැක්වීම් සඳහා ආදර්ශමත් සිද්ධියක් ලෙස සැලකෙනවා ෴
+++
පල්ලමකදි බ්‍රේක් නැති උනොත් බේරෙන්නේ මෙහෙමයි , ඇයි බස් එකේ බ්‍රේක් නැති උනේ (06.09.2025)
+++
+++
+
රුපියල් මිලියන 200 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
(06.09.2025 – hirunews.lk)
රුපියල් මිලියන 200 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේ අතහැර දමා ගිය ගමන් මල්ලකින් හමුවී තිබෙනවා.
මෙසේ හමුව ඇති කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 20.9 ක් බවයි සඳහන්.
තායිලන්තයේ සිට පැමිණි අයෙකු විසින් මේවා රැගෙනවිත් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඊට අදාළ සැකකරු (53) හැවිරිදි අයෙක් වන අතර ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා ෴
රසායනිකයන් වළදැමූ මිද්දෙනිය ඉඩමෙන් අත්බෝම්බ සහ උණ්ඩ මතුවෙයි
(06.09.2025 – hirunews.lk)
‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගත් මිද්දෙණිය ඉඩමේ තිබී විදේශයන්හි නිපදවන ලද අත්බෝම්බ 5 ක් සහ T56 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් ද සොයාගෙන තිබෙනවා.
පොලිසිය විසින් මෙම අත්බෝම්බ සහ උණ්ඩ ඉඩමේ වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා ෴
+++
+++
+
ගම්මන්පිල අත්අඩංගුවට ගැනිමේ සුදානම ගැන පිවිතුරු හෙළ උරුමය පොහෝට්ටුව දැනුවත් කරයි (06.09.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Gammanpila and Pohottuwa. Gomma “Hotu pohottuwata” kade yana bawa daen apita pahadilyi. Maekaa kari-yawasamge golayek. Chee chee lajjai gommo!