හැටන් – ඩයගම බස් රථ අනතුරින් 34 ක් රෝහලේ

හැටන් – ඩයගම බස් රථ අනතුරින් 34 ක් රෝහලේ


හැටන් – ඩයගම බස් රථ අනතුරින් 34 ක් රෝහලේ

(29.04.2026 – hirunews.lk)

හැටන් පොලිස් වසමට අයත් ඩයගම – හැටන් බෝඩේස් මාර්ගයේ බඩල්ගල ප්‍රදේශයේදී මගී බස් රථයක් අඩි 35 ක පමණ ප්‍රපාතයකට පෙරළී අද (29) සවස සිදුවූ අනතුරින් පුද්ගලයන් 34 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම අනතුරින් එක් අයකු (1) රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.

ඩයගම සිට හැටන් දෙසට ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථය, ඩල්ගල ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ දරා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

එහිදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 35 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් රියදුරු ඇතුළු 34 දෙනෙකු තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී හැටන් ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

තුවාල ලබා රෝහල් ගත කළ පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 දෙනෙක්, කාන්තාවන් 14 දෙනෙක් සහ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 04ක ගැහැණු දරුවෙක් සිටින බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූවන් අතරින් එක් පුද්ගලයෙකුගේ (1) තත්ත්වය බරපතළ බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

+++

+


අරගලයේ දන්නා බොරුව සහ නොදන්නා ඇත්ත ගැන මොහාන් සමරනායකගේ විමසුම (29.04.2026)

+


ඇඟේ හැප්පිලා සද්දෙ දැම්මද? පැනලා යන්න හැදුවාද? මැගසින් සිද්ධියේ ඇත්ත (29.04.2026)

+


මුකුත් දන්නෙ නෑ කියලා කියපු අමිතානන්ද වමාරයි! ගාල්ලෙ හජිගේ පැටිකිරිය මෙන්න (29.04.2026)

+


අනුරාධපුර ප්‍රසිද්ධ පන්සලක හිමි නමක්දැරියක් එක්ක දැම්ම සෙල්ලම මාට්ටු (29.04.2026)

+


කුඩු, අරගල, යූ ටියුබ් – චීවරධාරියෝ ! (29.04.2026)

+


පිළිකා රෝගීන්ට බෙහෙත් නෑ, ස්කෑන් යන්ත්‍ර කැඩිලා… ඇත්තටම, අද මේ රටේ සෞඛ්‍ය ඇමතියෙක් නෑ (29.04.2026)

+

ජේවීපියේ සුපුරුදු ත්‍රස්තවාදය ඇරඹෙයි… ලාල්කාන්තලා වැඩ පටන් ගනී (29.04.2026)

+

ජේවීපීයේ ගොම සහ කුණු බිත්තර සන්නද්ධ අංශය (29.04.2026)

+

රුපියල් ලක්ෂ 10,000 ක් පිල්ලි ගහපු ආණ්ඩුවක් ? තවම අවුරුදු එකහමාරයි (29.04.2026)

+


කන්ටේනර් 323 වංචාව අපේ වැඩක් – පාර්ලිමේන්තු කාරක සභාවේදී ආණ්ඩුව පිළිගනී – විස්තරය මෙන්න! (29.04.2026)

+


ගල් අගුරු කොල්ලයේ මහ මොලකරු නිදැල්ලෙ (29.04.2026)

+

මහ බැංකුව දුටු මහ භාණ්ඩාගාරය නොදුටු පෙරටුගාමීන් (29.04.2026)

+


විසිදෙනමගේ සිදුවීමේ මහමොළකරුවන් භික්ෂූන් දෙනමක්! ලාංකික භික්ෂුන් දෙනම අල්ලන්න රතු වරෙන්තු! (29.04.2026)

+++

චීවරධාරී ගේම බුද්ධි අංශයට හෙළිකරේ මම. Temple සාදු No Problem ටීම් එකක් ලෑස්ති කරගන්න මටත් කිව්වා. (29.04.2026)

+


හොරකම් වලට විරුද්ධ වනවිට රාජ්‍ය ත්‍රස්තවාදය ඇරඹේ. සුගීෂ්වරට ගොම. (29.04.2026)

+


හිඟන්නාගේ තුවාලය නොහොත් කාදිනල්ගේ මහා මොළකරු හොයමු! (29.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *