රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති

රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති


රතු නිවේදන නිකුත් කළ පාතාලයේ 15 ක් නීති කටයුතුවලින් පසු දිවයිනට – මහජන ආරක්ෂක ඇමති

(12.09.2025 – hirunews.lk)

රතු නිවේදන නිකුත් කර ඇති පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ට ගිනි අවි සැපයූ චෝදනාවට අත්අඩංගුවට ගත් යුද හමුදා ලු‍තිනන් කර්නල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැදවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය සඳහන් කළා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකදීයි.

සැකකරු මල්ලාවි පරෙයිනගර් යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන ගාල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාරයේ රදවා සිටින ‘වලස්කටා’ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යුද හමුදා නිලධාරියෙකු ජීප් රථයකින් පැමිණ ආයුධ ලබාදුන් බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලු‍ගලගේ මෙහෙයවීම මත එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ද සිදු කළා.

එම විමර්ශනයෙන් අනාවරණ වී ඇත්තේ අදාළ අවි ආයුධ මල්ලාවී පලෙයිනගර් යුද හමුදා කඳවුරේ ලු‍තිනන් කර්නලයෙකු විසින් ඔවුන්ට ලබා දී ඇති බවටයි.

ඒ අනුව අදාළ යුද හමුදා ලු‍තිනන් කර්නල් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

සැකකරු කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජරයෙකු වශයෙන් කලක් සේවය කර ඇති අතර ‘කමාන්ඩෝ සලින්ත’ එම කාලයේදී ඔහු යටතේ රාජකාරී කර ඇති බවයි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ.

එම හැදුනුම්කම මත ‘කමාන්ඩෝ සලින්ත’ ඔහුගෙන් අවස්ථා කිහිපයකදීම ආයුධ ඉල්ලා ඇති අතර ඒ අනුව අදාළ නිලධාරියා විසින් ‘සලින්ත’ විසින් නම් කළ පුද්ගලයින්ට අවස්ථා දෙකක (2) දී උණ්ඩ ලබා දී තිබෙනවා.

එක් අවස්ථාවකදී උණ්ඩ 200 කුත් තවත් අවස්ථාවකදී උණ්ඩ 70 කුත් ලබා දී ඇති බවටයි සැකකාර ලුතිනල් කර්නල් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ වෙනුවෙන් අදාළ නිලධාරියාගේ ගිණුමකට රුපියල් හය ලක්ෂ පනස් දහසක (6,50,000) මුදලක් බැර කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් සැක කරන්නේ ඔහු විසින් අදාළ පාර්ශ්වයට ගිනි අවි ද ලබා දෙන්නට ඇති බවටයි.

එමෙන්ම, ගම්පහදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන උප පොලිස් පරික්ෂක අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ රදවා ගෙන ප්‍රශ්න කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් කියා සිටියේ අදාළ උප පොලිස් පරීක්ෂක ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනියුක්තව රාජකාරි සිදු කරන අයෙකු බවයි ෴


අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනාට (2) ඇප

(11.09.2025 – hirunews.lk)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ එහි හිටපු අධ්‍යක්ෂ – ඉඩම් සහ අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වීරවංශ පෙරේරා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනා (2) රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප මත මුදාහැරීමටයි.

එසේම, ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබාදීමේදී එම අධිකාරීයට රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂ දහනමදාස් හයසිය හැට හයයි ශත 16 ක මුදලක් පාඩුකිරීමේ වරද මත මොවුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා ෴


රට අදුරට වට්ටන්නද යන්නේ? අපි කරන්න යන දේ 15 න් පස්සේ එළියට දාන්නම් (11.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *