ඝාතන හතරක් (4) සිදු කළ හිටපු හමුදා සෙබළෙකු කොටුවෙයි
(13.09.2025 – 19:14 +0530 – sinhala.adaderana.lk)
බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු (1) වෙඩිතබා ඝාතනය කිරීම සහ බොරැල්ලේදී තරුණයන් දෙදෙනෙකු (2) වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතරකට (4) සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලයන් සිව්දෙනෙකු (4) වෙඩිතබා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.
බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු මස 07 වනදා වනතා තරුණයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව අදාළ පුද්ගලයාව ඊයේ (12) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු පසුගිය අගෝස්තු මස 21 වනදා බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කෝදාගොඩ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු ලෙස කටයතු කර ඇති බවය.
එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේම 27 වනදා පානදුර දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ‘කුඩු නිලංග’ නැමැත්තාගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියේදි වෙඩික්කරු ලෙස අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවට සැක කරන බවද පොලිසිය පැවසුවේය.
අදාළ වෙඩිතැබීම් තුනක (3) ටී-56 වර්ගයේ ගිනිඅවි යොදාගෙන සිදුකර තිබුණි.
ඒ අනුව ඔහු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් අවස්ථා තුනකදී (3) සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් සිව්දෙනෙකු (4) මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.
සැකකරු 2015 වසරේදී යුධ හමුදා සේවයෙන් පලාවිත් ‘කුඩු සළිඳු’, ‘දෙහිබාලේ අයියා’, ‘දෙහිබාලේ මල්ලි’ සහා ‘වැලිගම සහන්’ යන අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන අයෙක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඔවුන්ගේ කුලී ඝාතනයෙකු ලෙස අදාළ පුද්ගලයා ක්‍රියාකර ඇති බවට සැකකරන බවත් පොලීසිය පැවසීය.
ඔහුව වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිසිය වෙත භාරදී තිබේ ෴
‘දීගොඩ කුමාර මහතා’ ශ්‍රී ලංකාවේ සිටිමින්, කිලෝමීටර් දහස් ගනනක් ඈත විදේශවල සිටින රෝගීන් සමග ‘සූම් තාක්ෂණයෙන්’ සම්බන්ධවී, එම රෝගීන්ගේ රෝග ක්ෂණිකව සුවපත්කල අයුරු : (13.09.2025)
+
ගමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘හිරු’ට කියූ කතාව
(13.09.2025 – hirunews.lk)
වත්මන් ආණ්ඩුව තමන්ට තර්ජනයක් වන සෑම පාර්ශවයකින්ම පළිගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට තංගල්ල කාල්ටන් නිවසට පැමිණි සිටින ඔහු මේ අදහස් පළකළේ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
ආණ්ඩුවට පාලන බලය දී ඇත්තේ ජනතාව වන බැවින් ඔවුන් රට පාලනය සිදු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටීම ජනතාවගේ සහ විපක්ෂ දේශපාලන පක්ෂවල වගකීම බව ද ඔහු එම සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
+
‘සජබේ රෝහණ’ ආණ්ඩුවේ රෙදි ඔලුවෙන් ගලවයි (14.09.2025)
+
නේපාලේ අරගලය ලංකාවේ අරගලයේ කොටසක් ? (14.09.2025)
+
ඇල්ලේ බස් එක පෙරලුනාට අපි පලිද ? අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා (14.09.2025)
+
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
(15.09.2025 – ada.lk)
කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන “ඇඹිලිපිටියේ සුරංග” නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු වලට අනුව ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කල බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී සැක උපකරණ , රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි .


ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කරුවන් සමග සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තාගෙන් ලද තොරතුරක් මත සිදුකල විමර්ශන වලදී තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස් දෙකක් (52) අඩංගු කෑන් 13 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.
එමෙන්ම එම අවන්හලේ නවතා තිබූ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් ,මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන ‘පානදුර නිලංග’ නමැත්තා විසින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ප්‍රවාහනය සඳහා යොදා ගත් එකක් බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම මෝටර් රථය වසර දෙකකට (2) පමණ පෙර පොලිස් නිලධාරියකු විසින් ‘හෙරොයින්’ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථය වන බවද පොලිසිය පවසයි.
මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් කිහිප දෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම ‘අයිස්’ නිෂ්පාදනය කර ඇති බවත්, එම ඉරාන ජාතිකයින් මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .
මෙම ජාවාරමට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණි සහ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් කිරිඇල්ල යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වරුන්වන උපුල් කුමාර, කේ එම් ඩී මධුෂාන් , සැරයන් වරුන්වන සමන්තිලක (41104) ප්‍රසන්න (69479) ,තුෂාර (79335),පොකොරි සංකල්ප (87779) යන නිළධාරින් වැටලීමට එක්වූහ .
පානදුර සුමිත් පොතුපිටිය
සීගිරි කැඩපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
(15.09.2025 – 15:39 +0530 – sinhala.adaderana.lk)
ලෝක උරුමයක් වූ සීගිරි කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණිය ලබන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
අදාළ තරුණිය අද (15) දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළ බව “අද දෙරණ” වාර්තාකරු පවසයි.
සීගිරියේ කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් ඉංග්‍රීසි අකුරු හයක් (6) ලියු බවට සැකකපිට මෙම තරුණිය ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදුකර තිබුණි ෴
නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් දැලේ
(15.09.2025 – 15:29 +0530 – sinhala.adaderana.lk)
ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිකරු නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන රු ලක්ෂ 10 ක ආධාර මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා නිර්දේශ ලබාදීමට රු 50,000 ක අල්ලසක් ඉල්ලා තිබේ.
ඒ අනුව අදාළ මුදලේ පළමු වාරිකය ලෙස රු 146,000 ක මුදලක් පසුගිය අගෝස්තු මස 19 වන දින පැමිණිකරු ලබාගන්නා අවස්ථාවේ දී ඉන් රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.
පසුව ඉතිරි අල්ලස් මුදල ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා නිර්දේශය ලබාදීම වෙනුවෙන් රු 25,000 ක මුදලක් ඉල්ලා එය ලබාගැනීමේ දී ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරියාව අද (15) උදෑසන 11:45 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නියාගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංවර්ධන අංශය තුළ දී මෙම නිලධාරියා අත්අඩංගුවට පත්ව තිබුණි ෴
අලුත් රු. 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්
(15.09.2025 – 13:13 +0530 – sinhala.adaderana.lk)
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගිය පසුගිය මස 29 වැනි දින නිකුත් කරන ලද රුපියල් 2000 සේ සමරු නෝට්ටුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටින බවය.
මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාලපරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා අගය කොට සලකනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් ඇත.
ඒ අනුව මේ සම්බන්ධව වැඩිදුර විමසීම් වෙතොත් ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴