විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක


විදුලි සේවකයින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

(18.09.2025 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (18) දහවල් විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබු බවයි පොලිසිය සදහන් කළේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (17) දිනයේදීයි.

එය අද (18) දිනයේදීත් ක්‍රියාත්මකයි. ඊට සමගාමීවයි ඔවුන් දහවල් කාලයේ මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ ෴

+++

+++

+


රුපියල් පන්දාහේ ව්‍යාජ නෝට්ටු එක්ක හතරදෙනෙක් (4) අත්අඩංගුවට

(18.09.2025 – hirunews.lk)

රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් (145) සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු (4) අද (18) අලුයම කළ වැටලීමකදී අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.

ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේදී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද හබරණ පොලිසිය පවසනවා.

සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා.

හබරණ පොලිස් ස්ථානාධිපති පාලිත ඉලංගසේකරගේ උපදෙස් අනුව, වැඩ බලන පොලිස් ස්ථානාධිපති විමල් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ උපකරණ මෙන්ම සැකකරුවන් අද (18) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හබරණ පොලිසිය පවසනවා ෴


මෙරට තෙවැනි (3) නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත වෙයි

(18.09.2025 – 06:18 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි (3) නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව ‘මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය’ පවසයි.

‘බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි’ ලෙස නම්කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ ‘එස්.පී.එක්ස් – 33’ රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබේ.

2019 වසරේදී මෙරට පළමු (1) නැනෝ චන්ද්‍රිකාව ලෙස ‘රාවණ – 1’ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5 ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ ‘කිට්සුනේ’ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.

ඒ අනුව ‘බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි’ නැනෝ චන්ද්‍රිකාව හෙට (19) පස්වරු 02:15 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය ෴


සහල් ආනයනයේදී මුදල් නොගෙවා පැහැර හැරීම පිලිබද විමර්ශනයක්

(17.09.2025 – dasathalankanews.com)

පාකිස්තානු ආයතනයකින් මෙරටට ආනයනය කරන ලද බාස්මතී මෙට්‍රික් ටොන් 125 ක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 2,74,00,000 ට අධික මුදලක් නොගෙවා පැහැර හැරිය බව කියන මෙරට සහල් ආනයනය කිරීමේ ආයතන දෙකක් (2) සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු ද සිල්වා මහතා වෙත අද (17) දන්වනු ලැබුවා.

කොළඹ පිහිටි ‘ඒ.එම්.පී හෝල්ඩින්’ ආයතනය හා ‘අබිසාන් එන්ටර්ප්‍රයිසස්’ නැමති ආයතන දෙක (2) සම්බන්ධයෙන් එසේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා සිටියේ.

පකිස්තානු සමාගමක් කොළඹ වංචාව විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් එසේ විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිලධාරින් අධිකරණය හමුවේ පැවසුවා.

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව මගින් 2024 වසරේ ජනවාරි මාසයේදී පල කරන දැන්වීමක් අනුව පැමිණිලිකාර සමාගම එම ආයතන දෙක (2) හඳුනාගෙන ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව මෙරටට බාස්මතී සහල් ගෙන්වීමත් සඳහා එම ආයතන දෙක සමඟ ගිවිසුමක් අත්සන් කරගෙන ඇති බවට පැමිණිල්ල මගින් පෙන්වාදී ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව දින 30 ක් ඇතුළත මුදල් ගෙවීමේ පදනම මත සැකකාර ආයතන දෙක මගින් පැමිණිලිකාර පකිස්තානු ආයතනයෙන් රුපියල් 27,412,500 ක වටිනා සහල් මෙට්‍රික් ටොන් 125 වෙන් වෙන් වශයෙන් එම ආයතන දෙක ගෙන්වාගෙන ඇති බව පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බවද විමර්ශන නිලධාරීන් පවසා සිටියා.

ඉකුත් (2024) වසරේ මැයි මස තුළදී එම සහල් සැකකාර සමාගම් දෙක (2) මගින් මෙරටට ආනයනය කර ඇති නමුත් ඊට අදාල ගෙවීම් මෙතෙක් නොගෙවා පැහැර හැර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද එම විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා ෴


‘මම කාටවත් බයේ පැනලා යන එකෙක් නොවෙයි’ රට ගිහින් ආපු ගම්මන්පිල ‘ගේමට එන්ටර්’ වෙයි (18.09.2025)

+


දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ බ්‍රොයිලර් වගේ – රට ජාතියට ඕන ‘හසලක ගාමිණි’ වගේ කොල්ලෝ (18.09.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *