යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා

යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා

*********************************************

යුක්රේන ජනපතිගෙන් නේටෝ නායකයන්ට චෝදනා

(05.03.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය දසවන (10) දිනටත් එළඹෙද්දී බටහිර රටවල ක්‍රියාමාර්ග නැවතත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ විවේචනයට ලක්වුණා.

විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කරලීම සඳහා නේටෝ සංවිධානයේ රටවල නායකයන් සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කළේ.

මේ නිසා රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් ජනතාව මියයන බව ඔහු කියා සිටියා. නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන නායකයා සඳහන් කළේ.

මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචනයට ලක්වුණා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් අමතමින් ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් කියා සිටියේ යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට එල්ලවූ ප්‍රහාරය ඛේදවාචකයකින් අවසන් නොවූයේ දේව හාස්කමක් ලෙසින් බවයි.

මේ අතර යුක්රේන ආක්‍රමණයට තම රට තුළින්ම එල්ලවන විරෝධය උත්සන්න වද්දී රුසියාව ෆේස්බුක් තහනමක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍යයන්ද රුසියානු බලධාරීන් විසින් අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු රජයේ ප්‍රධානීන් මෙන්ම එරට තෙල් ධන කුවේරයන්ට එරෙහි සම්බාධක ලොව පුරා ක්‍රියාත්මක වන බව ද දක්නට ලැබෙනවා.

ඒ අනුව රුසියානු ධන කුවේරයෙකු වන ඇලෙක්සි මොඩෂොව්ට අයත් ඩොලර් මිලියන 27 ක් වටිනා අඩි 213 ක් දිගැති සුඛෝපභෝගී යාත්‍රාවක් ඉතාලි පොලිසිය සිය භාරයට ගෙන ඇති බව වාර්තාවුණා.

බෙලරූස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සඳහා දැනුම්දීමක්

(05.03.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා බෙලරූස්හි කටයුතු අධීක්ෂණය කරන මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහිදී යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛන්ඩව නිරීක්ෂණය කෙරෙනවා.

ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 1561 දෙනෙකු බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගේ විශ්වවිද්‍යාල සමග ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සබඳතා පවත්වනු ලබනවා.

අදාළ විශ්වවිද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ දෙමාපියන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙලෙස තාවකාලිකව මෙරටට පැමිණීමට අදහස් කරන සිසුවියන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමට එකඟත්වයක් පළ වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, එලෙස දිවයිනට පැමිණීමට අදහස් කරන බෙලරූස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මොස්කව් හරහා ගමන් කළ යුතුයි.

වැඩිදුර තොරතුරු සඳහා +79801445726 දුරකථන අංකය ඔස්සේ හෝ විද්‍යුත් තැපෑල ( slemb.moscow@mfa.gov.lk ) ඔස්සේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් උපදෙස් දෙනවා.

රුසියානු – යුක්‍රේන යුද ගිනි දැල් තාවකාලිකව නවතියි ?

(05.03.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා ප්‍රදේශයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සිටින ජනතාවට ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.

එය, මානුෂිය වේදිකාවක් ලෙසයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා ඇත්තේ.

රුසියානු වේලාවෙන් අද (05) පෙරවරු 10 සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මකයි.

ඊට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා එය වෙත සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා.

එය නාසි හමුදා ලෙනින්ග්‍රෑඩය වැටලීමටයි ඇතමුන් සම කරන්නේ.

අඛණ්ඩව දසවැනි (10) දිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කෙරුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු හමුදාව විසින් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලත් පාලන බලය අත්පත් කර ගනිමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

රුසියානු හමුදා ආක්‍රමණ හමුවේ යුක්රේනයේ කිව් අගනගරයට අද අත්වී ඇති ඉරණම ඛේදනීයයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණ දසවැනි (10) දිනටත් එළැඹෙද්දි යුක්රේන ජනපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යළිත් වරක් බටහිර රටවල් සිය විවේචනයට ලක්කළා.

විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝ සංවිධානයේ රටවල සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් එරට ජනතාව මිය යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර යුක්රේනයේ බලශකති අවශ්‍යතාවයන්ගෙන් 50% ක් සපුරාලන සැපරීෂියා බලාගාරය වෙත එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් ඊයේ (04) එම බලාගාරය වසාදමා තිබෙනවා.

මේ වනවිට බලාගාරය පවතින්නේ රුසියානු හමුදා පාලනයේයි.

මේ හේතුවෙන් යුක්රේනය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ පා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර සැපරීෂියා බලාගාරයට එල්ල කළ ප්‍රහාර ඊයේ (04) පැවති ඇමෙරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචනයට ලක්වුණා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීම අමතමින් ජගත් සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි ලින්ඩා තෝම්ස් කියා සිටියේ යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට එල්ල වු ප්‍රහාරය ඛේදවාචකයකින් අවසන් නොවුණේ දේවහාස්කමකින් බවයි.

යුක්රේන ආක්‍රමණයට රුසියාව තුළින්ම එල්ල වන විරෝධය උත්සන්නවෙද්දි රුසියාව සමාජ මාධ්‍යය ද ක්‍රියාවට නංවා තිබෙනවා.

ෆේස්බුක්, ට්විටර්, යු ටියුබ් පරිශීලනය රුසියානු බලධාරීන් විසින් අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු රජයේ ප්‍රධානීන් මෙන්ම එරට ධනවතුන්ට එරෙහි සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන බවද දක්නට ලැබෙනවා.

ඒ අනුව රුසියානු ධනපතියෙකු වන ඇලෙස්කි මොඩෂෝව්ට අයත් ඩොලර් මිලියන 27 ක් වටිනා අඩි 230 ක් දිගැති සුඛෝපභෝගි යාත්‍රාවක් ඉතාලි පොලීසිය සිය භාරයට ගනු ලැබුවා.

යුද්ධය හමුවේ පීඩාවට පත්වු ගැබිනි කාන්තාවන් භූගත රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමෙරිකානු යුවලක්, යුක්රේන යුද බිමට පිවිසීමට සිය කැමැත්ත පළ කිරීමේ පුවතක් විදෙස් මාධ්‍යවල අවධානයට ලක්වු අයුරු ද දකින්නට ලැබුණා.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් මෝල්ඩෝවා සහ පෝලන්තයට පලායමින් සිටින බවයි සඳහන් වන්නේ.

මේ අතර යුක්රේනයට සහය පළ කරමින් ජෝර්ජියාව, ජර්මනිය, ප්‍රංශය, ලිතුවේනියාව ඇතුලු යුරෝපා රටවල පැවැති ජන රැළි ඇමතීමට ද යුක්රේන ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඉන් පළමු මිනිත්තුවේදී මියගිය සියලු දෙනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කර ඇති අතර දෙවැනි මිනිත්තුවේදී මියගිය සිවිල් ජනතාව සඳහා උපහාර දක්වා තිබෙනවා.

තෙවැනි මිනිත්තුවේදී යුරෝපා කලාපයේ සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිශ්ශබ්දව නොසිට යුක්රේනය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

යුක්රේනයේ ජනතාව තම නගරවලට පැමිණෙන රුසියානු හමුදා නිලධාරීන් සහ යුද රථ නවතන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු ද දක්නට ලැබුණා.

මේ අතර යුක්රේන අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ලාංකික සිසු සිසුවියන්ට තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා බෙලරුස් රාජ්‍යයේ කටයුතු අධීක්ෂණය කරන මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සංඛ්‍යාව 1,561 ක්.

යුක්රේනයට යුද්ධය ජයගත හැකි බව ඇමරිකාව කියයි – රුසියානුවන් ෆින්ලන්තයට

(05.03.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා එරට තවත් ප්‍රධාන නගරයක් වටලා ඇති අතර, එය වෙත සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හැර ඇති බව වාර්තාවනවා.

මරීයුපොල් නැමති වරාය නගරය මෙලෙස වැටලීම, නාසි හමුදා ලෙනින්ග්‍රෑඩය වැටලීමටයි ඇතමුන් සම කරන්නේ. කීව් අගනුවරට තවදුරටත් බෝම්බ ප්‍රහාර එල්ලවන අතර, දෙපාර්ශ්වය අතර සති අන්තයේදීද සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළේ යුක්රේනයට රුසියාව සමඟ පවතින යුද්ධය ජයගත හැකිවනු ඇති බවයි.

ඒ සඳහා කොතෙක් කල් ගතවේද යන්න ප්‍රකාශ නොකළද, අසාමාන්‍ය ප්‍රතිරෝධයක් දක්වන ජනතාව හමුවේ යුක්රේනය නියත වශයෙන්ම යුද්ධය ජයගනු ඇති බවයි ඔහු කියා සිටියේ.

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු ජනතාවද ප්‍රසාදයක් නොදක්වන අතර, ඊට එරෙහිව විරෝධතා පැවැත්වූ දහස් ගණනක් මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ අතර ජනපති පුටින් යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බිය පළ කරන ඇතැම් රුසියානුවන් රට හැර යාමටද පෙළඹී ඇති බව සඳහන්.

එලෙස සැතපුම් 120 ක දේශසීමාවක් පවතින ෆින්ලන්තය වෙත බස් රථ සහ මෝටර් රථවලින් රුසියානුවන් ඇදෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුරෝපය වෙත ගුවන් ගමන් තහනමක්ද ක්‍රියාත්මක නිසා ඔවුන් මෙලෙස ගොඩබිම් මාර්ගය තෝරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

යුක්රේනයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 2000 කට ආසන්න පිරිසක් මුදා ගැනේ

(05.03.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ආරක්ෂිතව ඉවත් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා.

ගුවන් යානා 7 ක් යොදා ගනිමින් මෙලෙස ඔවුන් ආරක්ෂිතව රැගෙන ආ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

රුසියානු ආක්‍රමණය හමුවේ පසුගිය පෙබරවාරි 24 වනදා සිට යුක්රේනයේ ගුවන් සීමාව වසා දැමුණු අතර, යුක්රේනයේ සිරවී සිටි ඉන්දීය ජාතිකයන් රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල ගුවන් සීමාවන් යොදා ගනිමින් තම පුරවැසියන් රැගෙන ඒමට ඉන්දීය ගුවන් හමුදාව විශේෂ මෙහෙයුම් සිදුකර තිබුණා.

++++++

++++++++++++++

යුරෝපයේ අන්තර්ජාල බිඳ වැටීමක්

(05.03.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භවීමත් සමඟ එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපය පුරා දැවැන්ත අන්තර්ජාල බිඳවැටීමක් සිදු වූ බව අනාවරණ කෙරෙනවා.

ජර්මනිය, ප්‍රංශය, හංගේරියාව, ග්‍රීසිය, ඉතාලිය, පෝලන්තය ආදී රටවල් රැසකින් මෙලෙස අන්තර්ජාල බිඳවැටීම් වාර්තා වී ඇති අතර, දින කිහිපයක් පුරා එම තත්වය පැවති බව වාර්තා වුණා.

ප්‍රධාන පෙළේ අන්තර්ජාල සහ චන්ද්‍රිකා සමාගම් මේ සම්බන්ධයෙන් සිය දත්ත ඊයේ (04) අනාවරණ කරනු ලැබුවා.

මීට අමතරව සයිබර් ප්‍රහාරය හේතුවෙන් යුරෝපයේ සුළං විදුලි ජනන ටර්බයින් යන්ත්‍ර 5,800 ක් පමණ අක්‍රිය වූ බව සඳහන්.

දත්ත විනාශ කරන පරිගණක වෛරසයක් මෙම සයිබර් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ ෴

++++++++++++++

එකඟ වූ සටන් විරාමය රුසියාව කඩ කරයි

(05.03.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා.

යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස සටන් විරාමය තාවකාලිකව අත්හිටුවන බවයි.

යලිත් නිවෙස් වෙත ගොස් වැඩිදුර තොරතුරු ලබාදෙන තෙක් ආරක්ෂිතව රැදී සිටින ලෙස මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරයේ බලධාරින් නගර වැසියන්ට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

++++++++++++++

රුසියා – යුක්රේන තාවකාලික සටන් විරාමය පළ රහිත වෙයි

(05.03.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

දැනට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති මරියුපොල් වරාය නගරයේ සහ වොල්නොවකා නගරවලින් ජනතාව ඉවත් කර ගැනීම අත්හිටුවීමට යුක්රේන බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා සටන් විරාමය කඩ කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත්, සටන් විරාමය ප්‍රකාශයට පත් කරමින් රුසියානු හමුදා සඳහන් කළේ අදාළ නගරවල වැසියන් ඉවත් කර ගැනීමට එම කාලය තුල අවස්ථාව සලසා දෙන බවයි.

සටන් විරාමය ආරම්භයට පෙර රුසියානු හමුදා මරියුපොල් වරාය නගරය වටලා, එම නගරයට සිදුකෙරෙන විදුලි ආහාර, ජල උණුසුම්කරණ හා ප්‍රවාහන පහසුකම් කපා හරිනු ලැබුවා.

එය නාසි හමුදා ලෙනින්ග්‍රෑඩය වැටලීමටයි ඇතමුන් සම කරන්නේ.

මේ අතර, විදේශ ගතව සිටි යුක්රේන ජාතිකයන් 66,224 දෙනෙකු රුසියාවට එරෙහිව සටන් වැදීම සඳහා යළි යුක්රේනයට පැමිණ ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින්.

එමෙන්ම, යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භවීමත් සමඟ එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් යුරෝපය පුරා දැවැන්ත අන්තර්ජාල බිඳවැටීමක් සිදුවූ බව අනාවරණ වුණා.

ජර්මනිය, ප්‍රංශය, හංගේරියාව, ග්‍රීසිය, ඉතාලිය, පෝලන්තය ආදී රටවල් රැසකින් මෙලෙස අන්තර්ජාල බිඳවැටීම් වාර්තාවී ඇති අතර, දින කිහිපයක් පුරා එම තත්වය පැවති බව සඳහන් ෴

++++++++++++++

පුටින් තම රටට තහනම් කෙරූ ගුවන් කලාප ගැන කියන කතාව

(05.03.2022 – 21:21 +0530 – hirunews.lk/sinhala)

‘යුක්රේනයට ඉහළින් තම රටේ ගුවන් යානා වලට පියාසර කිරීම තහනම් කලාපයක් ලෙස පනවා ඇති’ (?) රටවල් මෙම යුද ගැටුමට සහභාගී වන රටවල් ලෙස සලකන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

රුසියානු ගුවන් සමාගම්වල ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකදී පුටින් මේ බව පවසා තිබෙනවා ෴

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පෝලන්තයට පැමිණ තිබෙනවා. එහිදී ඔහු රුසියානු ආක්‍රමණයෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තරණය කර ඇති යුක්රේන දේශසීමාව අසල පෝලන්ත අගමැති සහ සරණාගතයින් හමු වී තිබෙනවා ෴

++++++++++++++

වැලි කතරේ සිර වූ රට විරුවෝ

(05.03.2022 – 22:03 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා නියෝජිත ආයතන සමග සම්බන්ධව සිටින වංචනික තැරැව්කරුවන්ට හසුව සෞදියේ විදෙස් රැකියා සොයා ගොස් අසරණ වු කාන්තාවන් පිරිසක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

තැරැව්කරුවන්ගේ වංචා බස්වලට හසුවී විදෙස් ගත වූ මෙම පිරිසට ඔවුන් සෞදියේ සේවය කළ නිවාසවලින් සිදු වු විවිධ අකටයුතුකම් හේතුවෙන් යළි එරට රැකියා ඒජන්සිය වෙත පැමිණීමටයි ඔවුන්ට සිදුවුණේ.

කෙසේ වෙතත්, මෙහිදී මොවුන්ට ආහාර, පාන ලබා නොදී මාස ගණනක් සිර කරගෙන සිට තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගෙන් පිරිසක් සෞදියේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පලාවිත් තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *