Monthly archives: ජූලි, 2020

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

(31.07.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබෙනවා. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට …

විදුලි පාරිභෝගයන්ට කෝටි 300 ක සහනයක්

(30.07.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala) සියලූ විදුලි පාරිභෝගයන්ට මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා රුපියල් කෝටි 300 ක සහනයක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලක්ෂ 67 ක් වන පාරිභෝගියන්ට මෙම සහනය හිමිවන අතර, අදාළ මාස 3 සඳහා ගෙවිය යුත්තේ පෙබරවාරි මාසයේ බිල්පතෙහි සඳහන් ගාස්තුව පමණයි. එම මාස 3 ට ඊට වඩා …

ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරු 04 දෙනා සී.අයි.ඩී.යට

(30.07.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (30) පෙරවරු 10:15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි. පසුගිය …

ප්‍රහාරයක සැලසුම හෙළි කළේ මාස 6 කට පෙරයි – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපති කොමිසමේදී කියයි

(29.07.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂිම් මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කරමින් සිටින බව තමන් පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර හිටපු ජාතික බුද්ධි ප්‍රධාන සිසිර මෙන්ඩිස් දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසමේදි අනාවරණය කළා. ඒ ඊයේ (28) දෙවන (2) දිනටත් …

යහපාලන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,000 ක වංචාවක්

(28.07.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala) 2016 – 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව අදාළ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලූ කමිටු වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. එම කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයාබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස මීට පෙර …

කුරුණෑගල නගරාධිපතිට සහ වයඹ ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නියෝගයක්

(28.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala) විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සියලු ලිපිගොනු අධිකරණ භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි. එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට …

ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..

(28.07.2020 – 06:32 +0530 – lankacnews.com) ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර ‘දියසරු උයණේ දී’ පැවති ‘හරිත හෙටක් – මනාපයට පැලයක්’ …

කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

(27.07.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala) බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂාව සපයා දුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු පොලීසිය අද (27) වට ගනු ලැබුවා. තිමිර සුලෝචන දයානන්ද නැමති 36 හැවිරිදි වියේ පසුවන මොහු අරණායක – පෝඩාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙලෙස හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා …

11, 12, 13 ශ්‍රේණි සඳහා පාසල් අද (27) සිට විවෘතයි

(27.07.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් අද (27) සිට යළි විවෘත කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා මෙම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින …

මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථකව

(26.07.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala) මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථකව සිදුකළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා. දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක සක්‍රිය දායකත්වයෙන් මෙම බද්ධ කිරීම සිදුකර තිබෙනවා. ජීවී දායකයෙකුගේ අක්මා කොටසක් මෙලෙස බද්ධ කර ඇත්තේ සිරෝසිස් රෝගයට ගොදුරු වී …