Day archives: ජූලි 21st, 2020

යළි රිමාන්ඩ් කළ නාකොටික් නිලධාරීන් 13 දෙනාගේ දේපළ තක්සේරු වාර්තාවක් කැඳවයි

(21.07.2020 – 19:05 +0530 – hirunews.lk/sinhala) තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ලබන මස 4 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මත්ද්‍රව්‍ය නාශක …

සයින්දමරුදු පිපිරීම ගැන විමර්ශන ඇරඹෙයි

(21.07.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දු නිවසක් තුළ සිදුවූ පිපිරීම හා සම්බන්ධ සාක්ෂි විමසීමේ කටයුතු, ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (20) ආරම්භ කළා. පසුගිය සතිය තුළ එම ප්‍රදේශවල ජනාධිපති කොමිසම නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම සාක්ෂි විමසීම ආරම්භ කිරීම විශේෂත්වයක්. පසුගිය වසරේ අප්‍රේල් 26 වනදින සයින්දමර්දු නිවසකදී සහරාන් …

‘කොස්ගොඩ තාරක’ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන

(20.07.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් තුන්දෙනෙකුට (3) බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ නමැත්තා මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එහි නිලධාරින් කණ්ඩායමක් අදාළ බන්ධනාගාර නිලධාරින්ගෙන් අද (20) ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ‘කොස්ගොඩ තාරක’ නමැත්තා …