ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි


ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි

(15.05.2026 – 20:20 +0530 – sinhala.adaderana.lk)

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සිදුවුවහොත් ඉන්ධන මිල, විදුලිය සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම භාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ පද්ධතියේ ඇති ඩොලර් මහ බැංකුව මිල දී ගැනීම හා රුපියල් පද්ධතිය වැඩිපුර තිබීම හේතුවෙන් ඩොලර්වලට ඇති ඉල්ලුම වැඩිවීම මෙසේ රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බවය.

එමෙන්ම ලෝකයේ ඇති භූ දේශපාලන තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් පෙර ලෙස ඩොලර් නොලැබීම සහ අපනයනයට ඇති වී ඇති බලපෑම හේතුවෙන් පද්ධතියට එන ඩොලර් ප්‍රමාණය අඩු වීමද මේ සඳහා බලපා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රුපියල මෙසේ දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත් ඛනිජ තෙල්වලට ප්‍රබල බලපෑමක් ඇති විය හැකි අතර ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යා හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා :

“පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා.”

මේ අතර 2023 දෙසැම්බර් 22 වැනි දිනෙන් පසු අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අමෙරිකානු ඩොලරයක අද (15) විකුණුම් මිල රුපියල් 331.15 ක් වන බවය.

ඊයේ (14) දිනයේදීත් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් දක්වා ඉහළ ගියේය ෴

+++

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා – දිලිත් ජයවීර

(15.05.2026 – 20:02 +0530 – sinhala.adaderana.lk)

රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ තමන්ගේ දර්ශනයකින් නොව පිටින් ලැබුණු උපදෙස් අනුව වීම බවය.

සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා :

“ඩොලරය ඉහළ යෑමට නියමිත බව අපි කලින් කිව්වා. මේකට ප්‍රධාන හේතුව තමයි අපේ ආනයන අපනයන ප්‍රතිපත්තිය තර්කානුකූල තැනක නොතිබීම. ආණ්ඩුව කටයුතු කළේ පිටින් ලැබුණු උපදෙස් අනුව. වාහන ගෙන්නුවේ ඩොලර්වලින්, බදු ගත්තේ රුපියල්වලින්. රුපියල් හොයා ගත්තා ඩොලර් ගියා.”

“අද ඩොලරය, රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා. කර්මාන්තශාලා දැඩි අර්බුදයක. මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටෙනවා දැකලා නැහැ. දරුණුම අවස්ථාවේදිවත් මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටුණේ නැහැ.”

“වහාම තීන්දු තීරණ වෙනස් නොකළොත් කාලය ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම නුදුරේදීම ජනතාවට බලපානවා. එතකොට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ සියලු සිවිල් පද්ධතීන් බිඳවැටෙන ආකාරයට.”

+++

+


පල්ලේගම හේමරතනගේ නඩුවට අදත් (15) ලෝයර්ස්ලා 20 ක් උසාවියට, 15 සිසුවිය වෙනුවෙන් කවුරුත් නෑ! (15.05.2026)

+


රාජ්‍ය දේපළ මංකොල්ලා කෑ එවුන්, හිරේ යන්න බලාගෙන ඉඳපල්ලා (15.05.2026)

+

71 සහ 88/89 ආයෙත් පටන් ගත්තාද ? රාජ්‍ය දේපළ බලෙන් කොල්ලාකෑම (15.05.2026)

+


තරුණ කථිකාචාර්යවරියට ලිංගික හිරිහැර කළ මහාචාර්යවරයාට ජීවිතාන්තයටම දඬුවමක් ලැබුණු හැටි (15.05.2026)

+


බාලේන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු කියා වෙඩිකෑවේ ඩමියක්ද? පොලිස් විමර්ශන අරඹයි! (15.05.2026)

+


අන්තරේ මාලිගා වටලයි – පැලවත්ත , හරිණි ගැටුමක් (15.05.2026)

+


වැඩ බැරි නිසා දක්ෂයන් හයිජැක් කරන මාලිමාව (15.05.2026)

+

‘රාගම ගුරු’ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්! 2029 ජනාධිපති නාමල්? (15.05.2026)

+


ටිල්වින්ගේ පැරා මිලිටරි කණ්ඩායම් එකින් එක එළි බසී! (15.05.2026)

+


දේශපාලන කාලකණ්ණි අද කෑ ගහන්නේ රණවිරුවන් ත්‍රස්තයන්ගෙන් රට මුදව ගත්තු නිසා (15.05.2026)

+


ට්‍රම්ප් චීනය හමුවේ දණ නමයි. විජේ ලංකාවට වෛර කරන්නේ ඇයි? (15.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *